325. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳගෙන යනවා. සිවිය සිඳගෙන ගිහින් හමත් සිඳගෙන යනවා. හම සිඳගෙන ගිහින් මසුත් සිඳගෙන යනවා. මස් සිඳගෙන ගිහින් නහරත් සිඳගෙන යනවා. නහර සිඳගෙන ගිහින් ඇටත් සිඳගෙන යනවා. ඇට සිඳගෙන ගිහින් ඇට මිදුළුවල කාවැදිලයි තියෙන්නේ.
පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. බලවත් පුරුෂයෙක් අස් ලොමින් කළ සවිමත් කඹයකින් කෙනෙකුගේ කෙණ්ඩා වෙලලා කිටි කිටියේ තද කළොත් ඒ කඹය සිවිය සිඳගෙන යනවා. සිවිය සිඳගෙන ගිහින් හමත් සිඳගෙන යනවා. හම සිඳගෙන ගිහින් මසුත් සිඳගෙන යනවා. මස් සිඳගෙන ගිහින් නහරත් සිඳගෙන යනවා. නහර සිඳගෙන ගිහින් ඇටත් සිඳගෙන යනවා. ඇට සිඳගෙන ගිහින් ඇට මිදුළුවල කාවැදිල හිටිනවා. අන්න ඒ වගේ ම යි පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳගෙන යනවා. සිවිය සිඳගෙන ගිහින් හමත් සිඳගෙන යනවා. හම සිඳගෙන ගිහින් මසුත් සිඳගෙන යනවා. මස් සිඳගෙන ගිහින් නහරත් සිඳගෙන යනවා. නහර සිඳගෙන ගිහින් ඇටත් සිඳගෙන යනවා. ඇට සිඳගෙන ගිහින් ඇට මිදුළුවල කාවැදිලයි තියෙන්නේ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. …. (පෙ) …. ඔන්න ඔය විදිහට යි හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
වාලරජ්ජු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M