සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.3.8. ඡවි සුත්තං

5.3.8. සිවිය ගැන වදාළ දෙසුම

324. සාවත්‌ථියං….

324. සැවැත් නුවරදී ……………

දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ. ලාභසක්‌කාරසිලෝකෝ භික්ඛවේ ඡවිං ඡින්‌දති, ඡවිං ඡෙත්‌වා චම්‌මං ඡින්‌දති, චම්‌මං ඡෙත්‌වා මංසං ඡින්‌දති, මංසං ඡෙත්‌වා නහාරුං ඡින්‌දති, නහාරුං ඡෙත්‌වා අට්‌ඨිං ඡින්‌දති, අට්‌ඨිං ඡෙත්‌වා අට්‌ඨිමිඤ්‌ජං ආහච්‌ච තිට්‌ඨති. ඒවං දාරුණෝ ඛෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. (උප්පන්නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. ….(පෙ)….) ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සිවිය සිඳගෙන යනවා. සිවිය සිඳගෙන ගිහින් හමත් සිඳගෙන යනවා. හම සිඳගෙන ගිහින් මසුත් සිඳගෙන යනවා. මස් සිඳගෙන ගිහින් නහරත් සිඳගෙන යනවා. නහර සිඳගෙන ගිහින් ඇටත් සිඳගෙන යනවා. ඇට සිඳගෙන ගිහින් ඇට මිදුළුවල කාවැදිලයි තියෙන්නේ.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. …. (පෙ) …. ඔන්න ඔය විදිහට යි හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

ඡවි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M