සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.3.7. තතිය සමණබ්‍රාහ්මණ සුත්තං

5.3.7. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන වදාළ තුන්වෙනි දෙසුම

323. සාවත්‌ථියං….

323. සැවැත් නුවරදී ……………

යේ හි කේචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා ලාභසක්‌කාරසිලෝකං නප්‌පජානන්‌ති, ලාභසක්‌කාරසිලෝකසමුදයං නප්‌පජානන්‌ති, ලාභසක්‌කාරසිලෝකනිරෝධං නප්‌පජානන්‌ති, ලාභසක්‌කාරසිලෝකනිරෝධගාමිනී පටිපදං නප්‌පජානන්‌ති ….(පෙ)…. යේ හි කේචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා ….(පෙ)…. පජානන්ති. ….(පෙ)…. තේ ච පනායස්‌මන්‌තෝ සාමඤ්‌ඤත්‌ථඤ්‌ච බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථඤ්‌ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌තී’ති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා බ්‍රාහ්මණයෙක් හෝ වේවා ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගැන දන්නෙ නැත්නම්, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල හට ගැනීම දන්නේ නැත්නම්, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල නිරුද්ධ වීම ගැන දන්නේ නැත්නම්, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල නිරුද්ධ වීමේ මාර්ගය දන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණයන්වත් ඒ බ්‍රාහ්මණයන්වත් සැබෑ ම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් බවට පත් වන්නේ නෑ. සැබෑ ම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් බවට පත් වන්නේත් නෑ. ඒ ආයුෂ්මත්වරුන්ට මේ ජීවිතය තුළදී ම තමන්ගේ ශ්‍රමණ ජීවිතයෙන් ප්‍රතිඵලයක්වත් බ්‍රාහ්මණ ජීවිතයෙන් ප්‍රතිඵලයක්වත් තමා තුළින් ඇති වුණ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරගෙන ඒ තුළ සිටින්නට පුළුවන් වෙන්නේ නෑ.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා බ්‍රාහ්මණයෙක් හෝ වේවා ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. …. (පෙ) …. තමා තුළින් ඇති වුණ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කර ගෙන ඒ තුළ සිටින්නට පුළුවන් වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M