සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.3.6. දුතිය සමණබ්‍රාහ්මණ සුත්තං

5.3.6. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන වදාළ දෙවෙනි දෙසුම

322. සාවත්‌ථියං….

322. සැවැත් නුවරදී ……………

යේ හි කේචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා ලාභසක්‌කාරසිලෝකස්‌ස සමුදයඤ්‌ච අත්‌ථ‌ගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං නප්‌පජානන්‌ති ….(පෙ)…. න ච පන තේ ආයස්‌මන්‌තෝ සාමඤ්‌ඤත්‌ථං වා බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථං වා දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌ති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා බ්‍රාහ්මණයෙක් හෝ වේවා ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල හට ගැනීමත්, නැති වීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම අවබෝධ නොකළොත්, පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණයන්වත් ඒ බ්‍රාහ්මණයන්වත් සැබෑ ම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් බවට පත් වන්නේ නෑ. සැබෑ ම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් බවට පත් වන්නේත් නෑ. ඒ ආයුෂ්මත්වරුන්ට මේ ජීවිතය තුළදී තමන්ගේ ශ්‍රමණ ජීවිතයෙන් ප්‍රතිඵලයක්වත් බ්‍රාහ්මණ ජීවිතයෙන් ප්‍රතිඵලයක්වත් තමා තුළින් ඇතිවුණ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරගෙන ඒ තුළ සිටින්නට පුළුවන් වෙන්නේ නෑ.

යේ හි කේචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා ලාභසක්‌කාරසිලෝකස්‌ස සමුදයඤ්‌ච අත්‌ථ‌ගමඤ්‌ච අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං පජානන්‌ති ….(පෙ)…. තේ ච පනායස්‌මන්‌තෝ සාමඤ්‌ඤත්‌ථඤ්‌ච බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථඤ්‌ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌තී’ති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා බ්‍රාහ්මණයෙක් හෝ වේවා ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල හට ගැනීමත්, නැති වීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම අවබෝධ කළොත්, පින්වත් මහණෙනි. …. (පෙ) …. තමා තුළින් ඇතිවුණ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කර ගෙන ඒ තුළ සිටින්නට පුළුවන් වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M