321. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා බ්‍රාහ්මණයෙක් හෝ වේවා ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල ඇති ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම අවබෝධ නොකළොත්, පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණයන්වත් ඒ බ්‍රාහ්මණයන්වත් සැබෑ ම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් බවට පත් වන්නේ නෑ. සැබෑ ම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් බවට පත් වන්නේත් නෑ. ඒ ආයුෂ්මත්වරුන්ට මේ ජීවිතය තුළදී තමන්ගේ ශ්‍රමණ ජීවිතයෙන් ප්‍රතිඵලයක්වත් බ්‍රාහ්මණ ජිවිතයෙන් ප්‍රතිඵලයක්වත් තමා තුළින් ඇති වුණ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කර ගෙන ඒ තුළ සිටින්නට පුළුවන් වෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා බ්‍රාහ්මණයෙක් හෝ වේවා ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල ඇති ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම අවබෝධ කළොත්, පින්වත් මහණෙනි. …. (පෙ) …. තමා තුළින් ඇති වුණ විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරගෙන ඒ තුළ සිටින්නට පුළුවන් වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සමණබ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M