320. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. …. (පෙ) ….
පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවන්ත උපාසිකාව තමන්ගේ එක ම ප්‍රිය මනාප දියණියගෙන් මනා කොට යමක් ඉල්ලනවා නම් ඉල්ලිය යුත්තේ මෙයයි. ‘අනේ! දුවේ බුජ්ජුත්තරා උපාසිකාවත් වේළුකණ්ටකී නන්ද මාතාවත් යම් ආකාරයකින් යුක්ත ද ඔයත් අන්න එබඳු කෙනෙක් ම වෙන්න’ කියල.
පින්වත් මහණෙනි, මගේ උපාසිකා භාවයට පත් ගිහි ශ්‍රාවිකාවන්ට බුජ්ජුත්තරා උපාසිකාවත් වේළුකණ්ටකී නන්ද මාතාවත් තමයි මිනුම් දණ්ඩ වෙන්නේ. ප්‍රමාණය වෙන්නේ.
‘අනේ! දුවේ ඔයා ගිහි ජීවිතය අත් හැරල අනගාරික වූ බුදු සසුනේ පැවිදි වෙනවා නම් ඛේමා මහ රහත් භික්ෂූණීන් වහන්සේත් උප්පලවණ්ණා මහ රහත් භික්ෂූණීන් වහන්සේත් යම් ආකාරයකින් යුක්ත ද ඔයත් අන්න එබඳු උත්තමාවියක් වෙන්න.’
පින්වත් මහණෙනි, මගේ පැවිදි ශ්‍රාවිකා වූ භික්ෂූණීන් හට පින්වත් ඛේමාත් පින්වත් උප්පලවණ්ණාත් තමයි මිනුම් දණ්ඩ වෙන්නේ. ප්‍රමාණය වෙන්නේ.
‘අනේ! දුවේ, තව ම නිවන් මගේ ගමන් කරන අරහත්වයට පත්වෙලා නැති ඔබ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අහුවෙන්න එපා’
පින්වත් මහණෙනි, තව ම නිවන් මගේ ගමන් කරන අරහත්වයට පත් වෙලා නැති ඒ භික්ෂුණිය ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අහුවුණොත් ඒක ම තමයි ඇයගේ නිවන් මගට අන්තරාය පිණිස පවතින්නේ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
ඒක ධීතු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M