319. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. …. (පෙ) ….
පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවන්ත උපාසිකාව තමන්ගේ එක ම ප්‍රිය මනාප පුතාගෙන් මනා කොට යමක් ඉල්ලනවා නම් ඉල්ලිය යුත්තේ මෙයයි. ‘අනේ! පුතේ චිත්ත ගෘහපති තුමාත් හත්ථක ආලවක තුමාත් යම් ආකාරයකින් යුක්ත ද ඔයත් අන්න එබඳු කෙනෙක් ම වෙන්න’ කියල.
පින්වත් මහණෙනි, මගේ උපාසක භාවයට පත් ගිහි ශ්‍රාවකයින්ට චිත්ත ගෘහපති තුමාත් හත්ථක ආලවක තුමාත් තමයි මිනුම් දණ්ඩ වෙන්නේ. ප්‍රමාණය වෙන්නේ.
‘අනේ! පුතේ ඔයා ගිහි ජීවිතය අත් හැරල අනගාරික වූ බුදු සසුනේ පැවිදි වෙනවා නම් සාරිපුත්ත මහ රහතන් වහන්සේත් මොග්ගල්ලාන මහ රහතන් වහන්සේත් යම් ආකාරයකින් යුක්ත ද ඔයත් අන්න එබඳු උතුමෙක් වෙන්න.’
පින්වත් මහණෙනි, මගේ පැවිදි ශ්‍රාවක වූ භික්ෂූන් හට පින්වත් සාරිපුත්තත් පින්වත් මොග්ගල්ලානත් තමයි මිනුම් දණ්ඩ වෙන්නේ. ප්‍රමාණය වෙන්නේ.
‘අනේ! පුතේ, තව ම නිවන් මගේ ගමන් කරන අරහත්වයට පත් වෙලා නැති ඔබ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අහුවෙන්න එපා’
පින්වත් මහණෙනි, තව ම නිවන් මගේ ගමන් කරන අරහත්වයට පත් වෙලා නැති ඒ භික්ෂුව ඔය ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අහුවුණොත් ඒක ම තමයි ඔහුගේ නිවන් මගට අන්තරාය පිණිස පවතින්නේ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
ඒක පුත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M