308. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා කියන්නේ දරුණු දේවල්. ….(පෙ)….
පින්වත් මහණෙනි, මම මෙහි සමහර පුද්ගලයෙකු ගැන මගේ සිතෙන් ඔහු ගේ සිත සම්පූර්ණයෙන් ම විනිවිද දකිනවා. මෙයා නම් රන් කැබලි පිරවූ රිදී තලියක් උදෙසා වත් දැන දැන බොරුවක් නම් කියන්නේ නෑ. නමුත් මා පස්සෙ කාලෙක ඒ පුද්ගලයා ම ලාභ සත්කාර කීර්ති ප්රශංසාවලට යට වෙලා, එයට යට වූ සිතින් යුක්තව දැන දැන බොරු කියනවා දැක ගන්නට ලැබුණා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුයි. ….(පෙ)…. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
රූපීය පාති සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M