සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.2.1. සුවණ්ණ පාති සුත්තං

5.2.1. රන් තලිය ගැන වදාළ දෙසුම

307. සාවත්‌ථියං….

307. සැවැත් නුවරදී ……………….

දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)….

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. ….(පෙ)….

ඉධාහං භික්ඛවේ ඒකච්චං පුග්‌ගලං ඒවං චේතසා චේතෝ පරිච්‌ච පජානාමි.න චායමායස්‌මා සුවණ්‌ණපාතියාපි රූපියචුණ්‌ණපරිපූරාය හේතු සම්‌පජානමුසා භාසෙය්‍යාති. තමේනං පස්‌සාමි අපරේන සමයේන ලාභසක්‌කාරසිලෝකේන අභිභූතං පරියාදින්නචිත්‌තං සම්‌පජානමුසා භාසන්‌තං.

පින්වත් මහණෙනි, මම මෙහි සමහර පුද්ගලයෙකු ගැන මගේ සිතෙන් ඔහුගේ සිත සම්පූර්ණයෙන් ම විනිවිද දකිනවා. මෙයා නම් රිදී කැබලි පිරවූ රන් තලියක් උදෙසා වත් දැන දැන බොරුවක් නම් කියන්නේ නෑ. නමුත් මා පස්සෙ කාලෙක ඒ පුද්ගලයා ම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යටවෙලා, එයට යට වූ සිතින් යුක්තව දැන දැන බොරු කියනවා දැක ගන්නට ලැබුණා.

ඒවං දාරුණෝ ඛෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. (උප්පන්නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. ….(පෙ)….) ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. ….(පෙ)…. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

සුවණ්ණ පාති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M