306. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. ….(පෙ)…. පින්වත් මහණෙනි, මට සමහර පුද්ගලයන්ව දකින්නට ලැබෙනවා. මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යටවෙලා, එයට යට වුණ සිතින් ඉඳල, කය බිඳී මරණයට පත්වුණාට පස්සේ අපාය වූ දුගති වූ නිරයේ ඉපදිලා දුක් විඳිනවා.
පින්වත් මහණෙනි, මට සමහර පුද්ගලයන්ව දකින්නට ලැබෙනවා. මේ අලාභ අසත්කාරවලට යටවෙලා, එයට යට වුණ සිතින් ඉඳල, කය බිඳී මරණයට පත්වුණාට පස්සේ අපාය වු දුගති වූ නිරයේ ඉපදිලා දුක් විඳිනවා.
පින්වත් මහණෙනි, මට සමහර පුද්ගලයන්ව දකින්ට ලැබෙනවා. මේ ලාභ සත්කාරත් අලාභ අසත්කාරත් කියන ඔය දෙකට ම යට වෙලා, එයට යට වුණ සිතින් ඉඳල, කය බිඳී මරණයට පත් වුණාට පස්සේ අපාය වූ දුගතිය වූ නිරයේ ඉපදිලා දුක් විඳිනවා.
පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. නපුරු දේවල්. කොටින් ම ඵරුෂ දේවල්. කොටින් ම අනුත්තර වූ අරහත්වය අවබෝධ කිරීමටත් අනතුරුදායකයි. ඒ නිසා පින්වත් මහණෙනි, හික්මෙන්නට ඕන මේ විදිහටයි.
අපි නම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බැහැර කරනවා. අපට ලැබිල තියෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට අපගේ හිත යටවෙන්නට දෙන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහටයි ඔබ හික්මෙන්න ඕන.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. සුගත වූ ශාස්තෘන් වහන්සේ නැවත මෙයත් වදාළා.
ප්‍රමාණ රහිත මෛත්‍රී විහරණයෙන් යුතු වූ සත්කාර ලබන යම් කෙනෙකුට අසත්කාර ලැබුණත් ඔය දෙකෙන් ම ඒ සමාධිය කම්පා කරවන්නට බෑ.
නිරන්තරයෙන් ම ධ්‍යාන වඩන ඉතා සියුම් දෘෂ්ටි පවා විදර්ශනා කරන පංච උපාදානස්කන්ධයේ ඇල්ම ක්ෂය කිරීමට ඇළුණු කෙනාට තමයි සත්පුරුෂයා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
සගාථ සූත්‍රය නිමා විය.
පළමු වෙනි දාරුණ වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M