305. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා කියන්නේ දරුණු දේවල්. ….(පෙ)….
පින්වත් මහණෙනි, ආකාසෙ උඩ වේරම්බ කියල හුළඟක් හමනවා. ඉතින් ඔතැනට යම් පක්ෂියෙක් ගියොත්, ඒ වේරම්බ වාතයෙන් ඌව වීසි කරනවා. වේරම්බ වාතයෙන් වීසිකරන උගේ කකුල් වෙන පැත්තකට යනවා. උගේ පියාපත් වෙන පැත්තකට යනවා. උගේ හිස වෙන පැත්තකට යනවා. උගේ ඇඟ වෙන පැත්තකට යනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය වගේ ම යි. මෙහි එක්තරා භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්රශංසාවලට යට වෙනවා. එයට යට වුණු සිතින් යුක්තව උදේ වරුවේ සිවුරුත් පොරවා ගෙන පාසිවුරු අරගෙන ගමකට හරි පොඩි නගරයකට හරි පිණ්ඩපාතෙ යනවා. ඔහු කය නොරැකගෙන ම, වචනය නොරැකගෙන ම ඇස් කණ් ආදී ඉන්ද්රියයන් අසංවර කරගෙන සතිපට්ඨානයෙන් තොර වූ සිතින් තමයි යන්නේ. ඉතින් ඔහුට සරාගී විදිහට රෙදි ඇඳගත්, සරාගී විදිහට රෙදි පොරවා ගත් කාන්තාවක් දකින්නට ලැබෙනවා. එතකොට ඔහු සරාගී විදිහට රෙදි ඇඳගත්, සරාගී විදිහට රෙදි පොරවා ගත් කාන්තාව දැකල රාගයෙන් දුක් විඳිනවා. රාගයෙන් වනසන ලද සිතින් යුතු ඔහු ශික්ෂාව අත්හැරල ගිහියෙක් බවට පත්වෙනවා. එතකොට ඔහු ගේ සිවුරු වෙන කවුරු හරි ගන්නවා. ඔහුගේ පාත්රය වෙන කවුරු හරි ගන්නවා. ඔහු ගේ පත්කඩය වෙන කවුරු හරි ගන්නවා. ඔහුගේ ඉඳිකටු ගුලාව වෙන කවුරු හරි ගන්නවා. ඒක හරියට වේරම්බ වාතයට අහුවෙච්ච පක්ෂියාගේ අවයව විසි වුණා වගේ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම යි ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුයි. ….(පෙ)…. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
වේරම්බ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M