සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.1.8. සිඟාල සුත්තං

5.1.8. හිවලා ගැන වදාළ දෙසුම

304. සාවත්‌ථියං….

304. සැවැත් නුවරදී ……………

දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)….

අස්‌සුත්‌ථ නෝ තුම්හේ භික්ඛවේ, රත්‌තියා පච්‌චූසසමයං ජරසිගාලස්‌ස වස්‌සමානස්‌සාති? ඒවං භන්තේ, ඒසෝ ඛෝ භික්ඛවේ ජරසිගාලෝ උක්‌කණ්‌ටකේන නාම රෝගජාතේන ඵුට්ඨෝ නේව බිලගතෝ රමති. න රුක්‌ඛමූලගතෝ රමති. න අජ්‌ඣෝකාසගතෝ රමති. යේන යේන ගච්‌ඡති, යත්‌ථ යත්‌ථ තිට්‌ඨති, යත්‌ථ යත්‌ථ නිසීදති, යත්‌ථ යත්‌ථ නිපජ්‌ජති, තත්‌ථ තත්‌ථ අනයබ්‍යසනං ආපජ්‌ජති.

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල් ….(පෙ)…. පින්වත් මහණෙනි, ඊයෙ රාත්‍රියේ පාන්දර වෙනකොට නාකි හිවලෙකුගේ උඩු බුරුලන හඬක් ඇහුණාද? “එසේ ය, ස්වාමීනි.”

පින්වත් මහණෙනි, ඔය නාකි හිවලට උක්කණ්ටක කියල රෝගයක් හැදිල තියෙන්නේ. ඔය රෝගයෙන් පීඩා විඳිනකොට ගුලක රිංගලා හිටියත් ඒකෙ ඇලෙන්නෙ නෑ. ගහක් යට හිටියත් ඒකෙ ඇලෙන්නෙ නෑ. එළිමහනේ හිටියත් ඇලෙන්නෙ නෑ. කොයි යම් ම තැනක ගියත් ගිය ගිය තැන හිටගෙන ඉන්නවා. ගිය ගිය තැන ඉඳගන්නවා. ගිය ගිය තැන නිදියනවා. ඒ ඒ තැන ම කරදරේ වැටෙනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ ඉධේකච්‌චෝ භික්‌ඛු ලාභසක්‌කාරසිලෝකේන අභිභූතෝ පරියාදින්නචිත්‌තෝ නේව සුඤ්‌ඤාගාරගතෝ රමති. න රුක්‌ඛමූලගතෝ රමති, න අජ්‌ඣෝකාසගතෝ රමති. යේන යේන ගච්‌ඡති, යත්‌ථ යත්‌ථ තිට්‌ඨති, යත්‌ථ යත්‌ථ නිසීදති, යත්‌ථ යත්‌ථ නිපජ්‌ජති, තත්‌ථ තත්‌ථ අනයබ්‍යසනං ආපජ්‌ජති. ඒවං දාරුණෝ ඛෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. (උප්පන්නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. ….(පෙ)….) ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය වගේ ම යි. මෙහි එක්තරා භික්ෂුවකුත් ඉන්නවා. ඔහු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යටවෙනවා. එයට යට වුණ සිතින් ඉන්නවා. ඉතින් ඔහු පාළු කුටියක හිටියත් ඒකෙ ඇලෙන්නෙ නෑ. ගහක් යට හිටියත් ඒකෙ ඇලෙන්නෙ නෑ. එළිමහනේ හිටියත් ඇලෙන්නෙ නෑ. කොයි යම් ම තැනක ගියත් ගිය ගිය තැන හිටගෙන ඉන්නවා. ගිය ගිය තැන ඉඳගන්නවා. ගිය ගිය තැන නිදියනවා. ඒ ඒ තැන ම කරදරේ වැටෙනවා.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. ….(පෙ)…. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

සිඟාල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M