☰
303. සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්රශංසා කියන්නේ දරුණු දේවල්. ….(පෙ)…. පින්වත් මහණෙනි, විස පොවාපු කිණිස්සෙන් විදින්නට පුළුවන් කාටද? තව ම අරහත්වයට පත්වෙලා නැති ආර්ය මාර්ගය වඩන භික්ෂුවටයි විදින්නට පුළුවන් වෙන්නේ. ලාභ සත්කාර කීර්ති ප්රශංසා තමයි ඔහු වෙත එන්නේ. පින්වත් මහණෙනි, ඔය විස පොවාපු කිණිස්ස කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්රශංසාවලට කියන නමක්.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම යි ලාභ සත්කාර කීර්ති ප්රශංසා දරුණුයි. ….(පෙ)…. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.
සාදු! සාදු!! සාදු!!!
දිද්ධ විසල්ල සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M