සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.1.6. අසනිවිචක්ක සුත්තං

5.1.6. හෙණ වැදීම ගැන වදාළ දෙසුම

302. සාවත්‌ථියං….

302. සැවැත් නුවරදී ……………

දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. කං භික්ඛවේ අසනි විචක්‌කං ආගච්‌ඡතු? සේඛං අප්‌පත්‌තමානසං ලාභසක්‌කාරසිලෝකෝ අනුපාපුණාතු. අසනි විචක්‌කන්‌ති ඛෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකස්‌සේතං අධිවචනං. ඒවං දාරුණෝ ඛෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. (උප්පන්නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. ….(පෙ)….) ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. …. (පෙ) …. පින්වත් මහණෙනි, මේ හෙණ වැදීම එන්නෙ කවුරු කරාද? තවම අරහත්වයට පත්වෙලා නැති ආර්ය මාර්ගය වඩන භික්ෂුව වෙතයි එන්නේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තමයි ඔහු වෙත එන්නේ. පින්වත් මහණෙනි, ඔය හෙණ සක කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට කියන නමක්. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

අසනිවිචක්ක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M