සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.1.5. මීළ්හක සුත්තං

5.1.5. අසුචි කන පණුවා ගැන වදාළ දෙසුම

301. සාවත්‌ථියං….

301. සැවැත් නුවරදී ……………

දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. සෙය්‍යථාපි භික්ඛවේ මීළ්‌හකා ගූථාදී, ගූථපූරා, පුණ්‌ණා ගූථස්‌ස, පුරතෝ චස්‌ස මහාගූථපුඤ්‌ජෝ. සා තේන අඤ්‌ඤා මීළ්‌හකා අතිමඤ්‌ඤෙය්‍ය. අහං ‌හි ගූථාදී, ගූථපූරා, පුණ්‌ණා ගූථස්‌ස, පුරතෝ ච ම්‍යායං මහාගූථපුඤ්‌ජෝති.

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. …. (පෙ) …. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. අසූචි කන, අසූචිවලින් පිරුණ ඒ අසූචි පණුවා ඉදිරියේ ලොකු අසූචි ගොඩක් තිබුණා. එතකොට ඒ පණුවා අනිත් පණුවන් ඉක්මවා හිතන්න පටන් ගත්තා. ‘මම නෙව අසූචි කන පණුවා. අසූචියෙන් භරිත වෙලා. අසූචියෙන් පිරිලා ඉන්න මා ඉදිරියේ නෙ ඔය ලොකු අසූචි ගොඩ තියෙන්නේ.’

ඒවමේව ඛෝ භික්ඛවේ ඉධේකච්‌චෝ භික්‌ඛු ලාභසක්‌කාරසිලෝකේන අභිභූතෝ පරියාදින්නචිත්‌තෝ පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්‌ඩාය පවිසති. සෝ තත්‌ථ භුත්‌තාවී ච හෝති යාවදත්‌ථෝ, නිමන්‌තිතෝ ච ස්‌වාතනාය, පිණ්‌ඩපාතෝ චස්‌ස පූරෝ. සෝ ආරාමං ගන්‌ත්‌වා භික්‌ඛුගණස්‌ස මජ්‌ඣේ වීකත්‌ථති. භුත්‌තාවී චම්‌හි යාවදත්‌ථෝ, නිමන්‌තිතෝචම්‌හි ස්‌වාතනාය, පිණ්‌ඩපාතෝ ච ම්‍යායං පූරෝ, ලාභී චම්‌හි චීවර-පිණ්‌ඩපාත-සේනාසන-ගිලානපච්‌චය-භේසජ්‌ජපරික්‌ඛාරානං. ඉමේ පනඤ්‌ඤේ භික්‌ඛූ අප්‌පපුඤ්‌ඤා අප්‌පේසක්‌ඛා න ලාභිනෝ චීවර-පිණ්‌ඩපාතසේනාසන-ගිලාන‌පච්‌චය-භේසජ්‌ජ-පරික්‌ඛාරානං. සෝ තේන ලාභසක්‌කාරසිලෝකේනාභිභූතෝ පරියාදින්නචිත්‌තෝ අඤ්‌ඤේ පේසලේ භික්‌ඛූ අතිමඤ්‌ඤති. තං ‌හි තස්‌ස භික්ඛවේ මෝඝපුරිසස්‌ස හෝති දීඝරත්‌තං අහිතාය දුක්‌ඛාය. ඒවං දාරුණෝ ඛෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. (උප්පන්නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. ….(පෙ)….) ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි. මෙහි එක්තරා භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වෙලා, එයට යටත් වූ සිතින් උදේ වරුවේ සිවුරුත් පොරවා ගෙන පාසිවුරු අරගෙන ගමකට හරි පොඩි නගරයකට හරි පිණ්ඩපාතේ යනවා. එතැනදී ඔහු ඇති තාක් වළඳනවා. හෙට දානෙටත් ආරාධනාව ලැබෙනවා. ඔහු ගේ පිණ්ඩපාතේ සම්පූර්ණ වුණා. ඉතින් ඔහු ආවාසයට ගිහින් භික්ෂු සංඝයා මැද්දෙ තමාව වර්ණනා කර ගන්නවා. ‘අද මං ඇති වෙන්න වැළඳුවා. හෙටත් ආරාධනා ලැබුණා නෙව. මගේ පිණ්ඩපාතෙ සම්පූර්ණ වුණා. මං ඉතින් සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලැබෙන කෙනෙක් නෙව. කෝ ඉතින් මේ අනිත් භික්ෂුන්ට කොයින්ද එහෙම දෙයක්. ඒ ඇත්තන්ට පින් මදි. අලපේශාඛ්‍යයි. සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ලැබෙන්නෙ නෑ නෙව’ කියල ඒ භික්ෂුව ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යටවෙලා එයට යටවුණ සිතින් යුක්තව අනිත් සුපේශල සිල්වත් භික්ෂූන් ඉක්මවා යනවා.

පින්වත් මහණෙනි, ඒක ඒ හිස් පුරුෂයාට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

මීළ්හක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M