සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

5.1.4. දීඝලෝමී ඒළක සුත්තං

5.1.4. දික් ලොම් ඇති එළුදෙන ගැන වදාළ දෙසුම

300. සාවත්‌ථියං….

300. සැවැත් නුවරදී ……………

දාරුණෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. සෙය්‍යථාපි භික්ඛවේ දීඝලෝමිකා ඒළකා කණ්‌ටකාගහණං පවිසෙය්‍ය, සා තත්‍ර තත්‍ර සජ්‌ජෙය්‍ය, තත්‍ර තත්‍ර ගය්‌හෙය්‍ය, තත්‍ර තත්‍ර බජ්‌ඣය්‍යෙ, තත්‍ර තත්‍ර අනයව්‍යසනං ආපජ්‌ජෙය්‍ය. ඒවමේව ඛෝ භික්ඛවේ, ඉධේකච්‌චෝ භික්‌ඛු ලාභසක්‌කාරසිලෝකේන අභිභූතෝ පරියාදින්නචිත්‌තෝ පුබ්‌බණ්‌හසමයං නිවාසෙත්‌වා පත්‌තචීවරමාදාය ගාමං වා නිගමං වා පිණ්‌ඩාය පවිසති, සෝ තත්‍ර තත්‍ර සජ්‌ජති, තත්‍ර තත්‍ර ගය්‌හති, තත්‍ර තත්‍ර බජ්‌ඣති, තත්‍ර තත්‍ර අනයව්‍යසනං ආපජ්‌ජති. ඒවං දාරුණෝ ඛෝ භික්ඛවේ ලාභසක්‌කාරසිලෝකෝ ….(පෙ)…. (උප්පන්නං ලාභසක්‌කාරසිලෝකං පජහිස්‌සාම. ….(පෙ)….) ඒවං ‌හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන්නේ දරුණු දේවල්. …. (පෙ) …. පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දිග ලොම් තියෙන එළුදෙනක් හිටියා. ඈ කටු අකුලකට රිංගුවා. ඉතින් ඈ ඒ ඒ තැන ඇලිල ගියා. ඒ ඒ තැන ඇමිණිලා ගියා. ඒ ඒ තැන බැඳිලා ගියා. ඒ ඒ තැන කරදරේ වැටුණා. විපතේ වැටුණා. පින්වත් මහණෙනි, ඔන්න ඔය වගේ ම යි මෙහි ඇතැම් භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට යට වෙලා, එයට යට වූ සිතින් උදේ වරුවේ සිවුරුත් පොරවා ගෙන, පාසිවුරු අරගෙන ගමකට හරි පොඩි නගරයකට හරි පිණ්ඩපාතෙ යනවා. ඉතින් ඔහු ගිය ගිය තැන ඇලිලා යනවා. ගිය ගිය තැන ඇමිණිලා යනවා. ගිය ගිය තැන බැඳිලා යනවා. ගිය ගිය තැන කරදරේ වැටෙනවා. විපතේ වැටෙනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහ ම යි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුයි. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි හික්මෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

දීඝලෝමී ඒළක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_5-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M