සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් කාමයන් ගෙන් වෙන්ව, අකුසල් දහමින් වෙන්ව විතර්ක විචාර ඇතිව, විවේකයෙන් හට ගත් ප්‍රීති සැපය ඇතිව පළවෙනි ධ්‍යානය උපදවාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ ම පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් කාමයන් ගෙන් වෙන්ව, අකුසල් දහමින් වෙන්ව විතර්ක විචාර ඇතිව, විවේකයෙන් හට ගත් ප්‍රීති සැපය ඇතිව පළවෙනි ධ්‍යානය උපදවාගෙන ඉන්න පුළුවන්.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් විතර්ක විචාර සංසිඳිල තියෙන, හිත ඇතුළේ ප්‍රසාදය පවතින, හිතේ හොඳ එකඟ බවක් පවතින, විතර්ක විචාර රහිත සමාධියෙන් හට ගත් ප්‍රීතිය සැපය තියෙන දෙවන ධ්‍යානය උපදවා ගෙන ඉන්න පුළුවන්. ඒ වගේ ම පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් විතර්ක විචාර සංසිඳිල තියෙන, හිත ඇතුළේ ප්‍රසාදය පවතින, හිතේ හොඳ එකඟ බවක් පවතින, විතර්ක විචාර රහිත සමාධියෙන් හට ගත් ප්‍රීතිය සැපය තියෙන දෙවන ධ්‍යානය උපදවා ගෙන ඉන්න පුළුවන්.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් ප්‍රීතියට නොඇලී උපේක්ෂාවෙන් ම ඉඳගෙන හොඳ සිහි නුවණින් යුක්තව කයෙනුත් සැපයක් විඳිමින් ඉන්න තියෙන, ආර්යන් වහන්සේලා සිහියෙන් යුක්තව සැප සේ වාසය කරන උපේක්ෂා සහගත බව කියල යම් ධ්‍යානයක් හඳුන්වනවා නම්, අන්න ඒ තුන් වන ධ්‍යානයත් උපදවා ගෙන ඉන්න පුළුවන්. පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් ප්‍රීතියට නොඇලී උපේක්ෂාවෙන් ම ඉඳගෙන …. (පෙ) …. අන්න ඒ තුන්වන ධ්‍යානයත් උපදවාගෙන ඉන්න පුළුවන්.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් සැපයත් නැති කරලා, දුකත් නැති කරලා කලින් ම සොම්නස් දොම්නස් දෙක නැති කරලා දුක් සැප රහිත වූ පාරිශුද්ධ සිහියෙන් යුතු උපේක්ෂාව ඇති හතරවන ධ්‍යානය උපදවා ගෙන ඉන්න පුළුවන්. ඒ වගේ ම පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් සැපයත් නැති කරලා …. (පෙ) …. හතර වන ධ්‍යානය උපදවා ගෙන ඉන්න පුළුවන්.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් සියලු අයුරින් රූප සඤ්ඤා ඉක්මවා ගිහින් පටිඝ සඤ්ඤා නැති කරලා නොයෙක් සඤ්ඤා මෙනෙහි නොකිරීමෙන් අනන්ත වූ ආකාශය සිහි කිරීමෙන් ආකාසානඤ්චායතනය උපදවා ගෙන ඉන්න පුළුවන්. ඒ වගේ ම පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් සියලු අයුරින් රූප සඤ්ඤා ඉක්මවා ගිහින් …. (පෙ) …. ආකාසානඤ්චායතනය උපදවා ගෙන ඉන්න පුළුවන්.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා ගිහින් අනන්ත වූ විඤ්ඤාණය සිහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනය උපදවා ගෙන ඉන්න පුළුවන්. ඒ වගේ ම පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා ගිහින් …. (පෙ) …. විඤ්ඤාණඤ්චායතනය උපදවා ගෙන ඉන්න පුළුවන්.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ගිහින් කිසිවක් නැති බව සිහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනය උපදවා ගෙන ඉන්න පුළුවන්. ඒ වගේ ම පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ගිහින් …. (පෙ) …. ආකිඤ්චඤ්ඤායතනය උපදවා ගෙන ඉන්න පුළුවන්.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් සියලු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා ගිහින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා ගෙන ඉන්න පුළුවන්. ඒ වගේ ම පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් සියලු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා ගිහින් …. (පෙ) …. නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවා ගෙන ඉන්න පුළුවන්.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ගිහින් සඤ්ඤා විඳීම් නිරුද්ධ වූ නිරෝධ සමාපත්තිය උපදවා ගෙන ඉන්න පුළුවන්. ඒ වගේ ම පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් සියලු අයුරින් …. (පෙ) …. සඤ්ඤා විඳීම් නිරුද්ධ වූ නිරෝධ සමාපත්තිය උපදවා ගෙන ඉන්න පුළුවන්.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් නොයෙක් ආකාරයෙන් ඉර්ධි බල පවත්වන්න පුළුවන්. එතකොට මං තනි ව ඉඳගෙන බොහෝ දෙනෙක් වගේ පෙනී ඉන්නවා. බොහෝ දෙනෙක්ව ඉඳගෙන තනිව පෙනී ඉන්නවා. පෙනීත් ඉන්නවා. නොපෙනීත් ඉන්නවා. බිත්ති හරහට ප්‍රාකාර හරහට ඒවායේ නොවැදී ආකාසෙ වගේ යන්නත් පුළුවන්. දියේ කිමිදෙනවා වගේ පොළොවේ කිමිදෙන්නත් පුළුවනි. පොළොවේ ඇවිදගෙන යනවා වගේ දිය මත ඇවිදගෙන යන්නත් පුළුවනි. කුරුල්ලෙක් අහසේ ඉගිලී යනවා වගේ පළඟක් බැඳගෙන අහසේ සක්මන් කරන්නත් පුළුවනි. මේ සා මහා ඉර්ධි ඇති, මේ සා මහා ආනුභාව ඇති හිරු සඳු පවා (ඉර්ධි බලයෙන්) අතින් පිරිමදින්නත් පුළුවන්. බඹ ලෝ තලය දක්වා කයෙන් වසඟ කරන්නත් පුළුවනි. ඒ වගේ ම පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් නොයෙක් ආකාරයෙන් ඉර්ධි බල පවත්වන්න පුළුවනි. …. (පෙ) …. බඹ ලෝ තලය දක්වා කයෙන් වසඟ කරන්නත් පුළුවනි.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් මේ මිනිස් ශ්‍රවණ පථය ඉක්මවා ගිය පිරිසිදු දිව්‍ය ශ්‍රවණය තුළින් දිව්‍ය වූ ද, මානුෂික වූ ද, දුර වූ ද, ළඟ වූ ද දෙවැදෑරුම් ශබ්දයන් අසන්න පුළුවනි. ඒ වගේ ම පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් …. (පෙ) …. ශබ්දයන් අසන්න පුළුවනි.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් බාහිර සත්වයන් ගේ බාහිර පුද්ගලයන් ගේ සිත මගේ සිතින් විනිවිද දකින්න පුළුවනි. සරාගී සිත සරාගී සිතක් බව දැනගන්න පුළුවනි. වීතරාගී සිත වීතරාගී සිතක් බව දැනගන්න පුළුවනි. සදෝසී සිත සදෝසී සිතක් බව දැනගන්න පුළුවනි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතක් බව දැනගන්න පුළුවනි. මෝහ සහිත සිත …. (පෙ) …. මෝහ රහිත සිත …. (පෙ) …. හැකිළුන සිත …. (පෙ) …. විසිරී ගිය සිත …. (පෙ) …. සමාධිමත් සිත …. (පෙ) …. සමාධිමත් නොවූ සිත …. (පෙ) …. ශ්‍රේෂ්ඨ සිත …. (පෙ) …. ශ්‍රේෂ්ඨ නොවූ සිත …. (පෙ) …. සමාහිත සිත …. (පෙ) …. අසමාහිත සිත …. (පෙ) …. කෙලෙසුන් ගෙන් මිදුණු සිත …. (පෙ) …. කෙලෙසුන් ගෙන් නොමිදුණු සිත කෙලෙසුන් ගෙන් නොමිදුණු සිතක් බව දැනගන්න පුළුවනි. පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් බාහිර සත්වයන් ගේ බාහිර පුද්ගලයන් ගේ සිත තමන්ගේ සිතින් විනිවිද දකින්න පුළුවනි …. (පෙ) …. කෙලෙසුන් ගෙන් නොමිදුණු සිත කෙලෙසුන් ගෙන් නොමිදුණු සිතක් බව දැනගන්න පුළුවනි.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් නොයෙක් ආකාරයෙන් පෙර ගත කළ ජීවිත ගැන ආපස්සට සිහි කොට බලන්න පුළුවනි. එක උපතක් ද, උපත් දෙකක් ද, උපත් තුනක් ද, උපත් හතරක් ද, උපත් පහක් ද, උපත් දහයක් ද, උපත් විස්සක් ද, උපත් තිහක් ද, උපත් හතළිහක් ද, උපත් පණහක් ද, උපත් සියයක් ද, උපත් දාහක් ද, උපත් ලක්ෂයක් ද, නොයෙක් වැනැසෙන කල්පයන් ද, නොයෙක් වැඩෙන කල්පයන් ද, නොයෙක් වැනැසෙන වැඩෙන කල්පයන් ද, සිහි කරන්න පුළුවනි. ඒ කාලෙ මට තිබුණෙ අසවල් නම. අසවල් පරම්පරා නාමය. මට තිබුණෙ මෙවැනි පෙනුමක්. මං කෑවෙ බිව්වෙ මෙවැනි දේවල්. මං වින්දේ මෙවැනි සැප දුක් මං ජිවිතය අවසන් කළේ මෙවැනි අයුරින්. එයින් චුත වෙලා මං උපන්නේ මෙතැනයි. එතැන දී මට තිබුණෙ අසවල් නම. අසවල් පරම්පරා නාමය. මට තිබුණෙ මෙවැනි පෙනුමක්. මං කෑවෙ බිව්වේ මෙවැනි දේවල්. මං වින්දේ මෙවැනි සැප දුක්. මං ජීවිතය අවසන් කළේ මෙවැනි අයුරින්. ඔය ආකාරයෙන් කරුණු සහිතව පෙර ගත කළ ජීවිත ගැන නොයෙක් විදිහට සිහි කරන්න පුළුවනි. පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් නොයෙක් ආකාරයෙන් පෙර ගත කළ ජීවිත ගැන ආපස්සට සිහි කොට බලන්න පුළුවනි. එක උපතක් ද …. (පෙ) …. නොයෙක් විදිහට සිහි කරන්න පුළුවනි.
පින්වත් මහණෙනි, මට කැමති තාක් කල් මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් සත්වයන් දකින්න පුළුවනි. චුත වෙන උපදින, ලාමක, උසස්, ලස්සන, කැත, සුගති, දුගතිවල කර්මානුරූපව උපදින සත්වයන් දකින්න පුළුවනි. ‘අහෝ! මේ භවත් සත්වයන් කයින් වැරදි කරල, වචනයෙන් වැරදි කරල, මනසින් වැරදි කරල, ආර්යන් වහන්සේලාට ගර්හා කරල මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව කටයුතු කරලා කය බිඳීමෙන් මරණයට පත් වුණාට පස්සේ අපාය නම් වූ දුගතිය නම් වූ නිරයේ උපදිනවා. මේ පින්වත් සත්වයන් කයින් යහපත කරල, වචනයෙන් යහපත කරල, මනසින් යහපත කරල, ආර්යන් වහන්සේලාට ගර්හා නොකරල සම්‍යක් දෘෂ්ටික වෙලා, සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තව කටයුතු කරලා කය බිඳීමෙන් මරණයට පත් වුණාට පස්සේ සැපවත් වූ සුගතිය වූ ස්වර්ගයේ උපදිනවා. ඔය විදිහට මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් සත්වයන් දකින්න පුළුවනි. චුත වෙන උපදින, ලාමක, උසස්, ලස්සන, කැත, සුගති, දුගතිවල කර්මානුරූපව උපදින සත්වයන් දකින්න පුළුවනි. පින්වත් මහණෙනි, පින්වත් කස්සපටත් කැමති තාක් කල් මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැස් නුවණින් සත්වයන් දකින්න පුළුවනි. චුත වෙන උපදින, ලාමක, උසස්, ලස්සන, කැත, සුගති, දුගතිවල කර්මානුරූපව …. (පෙ) …. උපදින සත්වයන් දකින්න පුළුවනි.
පින්වත් මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය කරල අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් මේ ජීවිතයේ දීම අවබෝධ කර ගෙන මා එයට පැමිණ වාසය කරනවා. පින්වත් මහණෙනි, පින්වත් කස්සපත්, ආශ්‍රවයන් ක්ෂය කරල අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් තමා තුළ උපදවා ගත් ඤාණයෙන් මේ ජීවිතයේ දීම අවබෝධ කරගෙන එයට පැමිණ වාසය කරනවා.
සාදු! සාදු!! සාදු!!!
ඣානාභිඤ්ඤා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M