සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

4.1.8. තතිය ඕවාද සුත්තං

4.1.8. අවවාද ගැන වදාළ තෙවෙනි දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවරදී ……………

අථ ඛෝ ආයස්‌මා මහාකස්‌සපෝ යේන භගවා තේනුපසංකමි ….(පෙ)…. ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං මහාකස්‌සපං භගවා ඒතදවෝච. ඕවද කස්‌සප භික්‌ඛූ, කරෝහි කස්‌සප භික්‌ඛූනං ධම්‌මිං කථං. අහං වා කස්‌සප භික්‌ඛූ ඕවදෙය්‍යං ත්‌වං වා. අහං වා භික්‌ඛූනං ධම්‌මිං කථං කරෙය්‍යං ත්‌වං වා’ති.

එදා ආයුෂ්මත් මහා කස්සප තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියා …. (පෙ) …. එකත්පස්ව සිටි ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ වදාළා. “පින්වත් කස්සප, භික්ෂුන්ට අවවාද කරන්න. පින්වත් කස්සප, භික්ෂූන්ට ධර්ම කථාව කරන්න. පින්වත් කස්සප, එක්කෝ මම භික්ෂූන්ට අවවාද කරන්නම්. එහෙම නැත්නම් ඔබ භික්ෂූන්ට අවවාද කරන්න. පින්වත් කස්සප, මම භික්ෂූන්ට ධර්ම කථාව කරන්නම්. එක්කො ඔබ භික්ෂූන්ට ධර්ම කථා කරන්න.”

දුබ්‌බචා ඛෝ භන්තේ ඒතරහි භික්‌ඛූ, දෝවචස්‌සකරණේහි ධම්මේහි සමන්‌නාගතා, අක්‌ඛමා අප්‌පදක්‌ඛිණග්‌ගාහිනෝ අනුසාසනින්‌ති.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් කාලෙ භික්ෂූන් අකීකරුයි. අකීකරු බව ඇති කරන දෙයින් ම යි යුක්ත වෙලා ඉන්නේ. අවවාද රුස්සන්නේ නෑ. අනුශාසනාව ගන්නේ නුහුරටම යි.”

තථා හි පන කස්‌සප, පුබ්බේ ථේරා භික්‌ඛූ ආරඤ්‌ඤකා චේව අහේසුං ආරඤ්‌ඤකත්‌තස්‌ස ච වණ්‌ණවාදිනෝ. පිණ්‌ඩපාතිකා චේව අහේසුං පිණ්‌ඩපාතිකත්‌තස්‌ස ච වණ්‌ණවාදිනෝ. පංසුකූලිකා චේව අහේසුං පංසුකූලිකත්‌තස්‌ස ච වණ්‌ණවාදිනෝ. තේචීවරිකා චේව අහේසුං තේචීවරිකත්‌තස්‌ස ච වණ්‌ණවාදිනෝ. අප්‌පිච්‌ඡා චේව අහේසුං අප්‌පිච්‌ඡතාය ච වණ්‌ණවාදිනෝ. සන්‌තුට්‌ඨා චේව අහේසුං සන්‌තුට්‌ඨියා ච වණ්‌ණවාදිනෝ. පවිවිත්‌තා චේව අහේසුං පවිවේකස්‌ස ච වණ්‌ණවාදිනෝ. අසංසට්‌ඨා චේව අහේසුං අසංසග්‌ගස්‌ස ච වණ්‌ණවාදිනෝ. ආරද්‌ධවිරියා චේව අහේසුං විරියාරම්‌භස්‌ස ච වණ්‌ණවාදිනෝ.

“පින්වත් කස්සප, ඒ කතාව ඇත්ත. ඉස්සර නම් වැඩිමහළු භික්ෂූන් වනාන්තරයේ ම යි හිටියේ. අරණ්‍ය වාසය ගැන වර්ණනා කළා. පිණ්ඩපාතයෙන් ම යි ජීවත් වුණේ. පිණ්ඩපාතෙන් යැපීම ගැන වර්ණනා කළා. පාංශූකූල සිවුරු දැරුවේ. පාංශුකූල සිවුරු දැරීම ගැන වර්ණනා කළා. තුන් සිවුරු දැරුවේ. තුන් සිවුරු දැරීම ගැන වර්ණනා කළා. අල්පේච්ඡ වුණා. අල්පේච්ඡ බව ගැන වර්ණනා කළා. ලද දෙයින් සතුටු වුණා. ලද දෙයින් සතුටු වීම ගැන වර්ණනා කළා. හුදෙකලා විවේකයෙන් සිටියා. හුදෙකලා විවේකයෙන් සිටීම ගැන වර්ණනා කළා. ගිහියන් හා නොඇලී වාසය කළා. ගිහියන් හා නොඇලී වාසය කිරීම ගැන වර්ණනා කළා. පටන් ගත් වීර්යයෙන් යුක්ත වුණා. පටන් ගත් වීර්යයෙන් යුක්ත වීම ගැන වර්ණනා කළා.

තත්‍ර යෝ හෝති භික්‌ඛු ආරඤ්‌ඤකෝ චේව ආරඤ්‌ඤකත්‌තස්‌ස ච වණ්‌ණවාදී, පිණ්‌ඩපාතිකෝ චේව පිණ්‌ඩපාතිකත්‌තස්‌ස ච වණ්‌ණවාදී, පංසුකූලිකෝ චේව පංසුකූලිකත්‌තස්‌ස ච වණ්‌ණවාදී. තේචීවරිකෝ චේව තේචීවරිකත්‌තස්‌ස ච වණ්‌ණවාදී, අප්‌පිච්‌ඡෝ චේව අප්‌පිච්‌ඡතාය ච වණ්‌ණවාදී. සන්‌තුට්‌ඨෝ චේව සන්‌තුට්‌ඨියා ච වණ්‌ණවාදී. පවිවිත්තෝ චේව පවිවේකස්‌ස ච වණ්‌ණවාදී. අසංසට්ඨෝ චේව අසංසග්‌ගස්‌ස ච වණ්‌ණවාදී. ආරද්‌ධවිරියෝ චේව විරියාරම්‌භස්‌ස ච වණ්‌ණවාදී. තං ථේරා භික්‌ඛූ ආසනේන නිමන්‌තෙන්‌ති. ඒහි භික්‌ඛු, කෝ නාමායං භික්‌ඛු, භද්‌දකෝ වතායං භික්‌ඛු, සික්‌ඛාකාමෝ වතායං භික්‌ඛු, ඒහි භික්‌ඛු, ඉදං ආසනං නිසීදාහී ති.

ඒ වගේම යම් කිසි භික්ෂුවක් වනාන්තරයේ ම සිටිමින්, අරණ්‍ය වාසය ගැන වර්ණනා කරනවා නම්, පිණ්ඩපාතයෙන් ම ජීවත් වෙමින්, පිණ්ඩපාතෙන් යැපීම ගැන වර්ණනා කරනවා නම්, පාංශුකූල සිවුරු දරමින්, පාංශුකූල සිවුරු දැරීම ගැන වර්ණනා කරනවා නම්, තුන් සිවුරු දරමින්, තුන් සිවුරු දැරීම ගැන වර්ණනා කරනවා නම්, අල්පේච්ඡ වෙමින්, අල්පේච්ඡ බව ගැන වර්ණනා කරනවා නම්, ලද දෙයින් සතුටු වෙමින්, ලද දෙයින් සතුටු වීම ගැන වර්ණනා කරනවා නම්, හුදෙකලා විවේකයෙන් කල් ගෙවමින්, හුදෙකලා විවේකයෙන් සිටීම ගැන වර්ණනා කරනවා නම්, ගිහියන් හා නොඇලී වාසය කරමින්, ගිහියන් හා නොඇලී වාසය කිරීම ගැන වර්ණනා කරනවා නම්, පටන් ගත් වීර්යයෙන් යුක්ත වෙමින්, පටන් ගත් වීර්යයෙන් යුක්ත වීම ගැන වර්ණනා කරනවා නම්, එතකොට වැඩිමහළු භික්ෂුන් ඒ භික්ෂුවට ආසන පවා පිළිගන්වනවා. ‘පින්වත් භික්ෂුව, මෙහෙ එන්න. මේ පින්වත් භික්ෂුවගේ නම මොකක්ද? මේ පින්වත් භික්ෂුව හැබෑවට ම සුන්දරයි. මේ පින්වත් භික්ෂුව හැබෑවට ම ශික්ෂාකාමීයි. එන්න පින්වත් භික්ෂුව මෙන්න තියෙනවා ආසනයක්. වැඩ ඉන්න’ කියල කියනවා.

තත්‍ර කස්‌සප නවානං භික්‌ඛූනං ඒවං හෝහි. යෝ කිර සෝ හෝති භික්‌ඛු ආරඤ්‌ඤකෝ චේව ආරඤ්‌ඤකත්‌තස්‌ස ච වණ්‌ණවාදී, පිණ්‌ඩපාතිකෝ චේව ….(පෙ)…. පංසුකූලිකෝ චේව ….(පෙ)…. තේචීවරිකෝ චේව ….(පෙ)…. අප්‌පිච්‌ඡෝ චේව ….(පෙ)…. සන්‌තුට්‌ඨෝ චේව ….(පෙ)…. පවිවිත්තෝ චේව ….(පෙ)…. අසංසට්ඨෝ චේව ….(පෙ)…. ආරද්‌ධවිරියෝ චේව විරියාරම්‌භස්‌ස ච වණ්‌ණවාදී, තං ථේරා භික්‌ඛූ ආසනේන නිමන්‌තෙන්‌ති, ඒහි භික්‌ඛු, කෝ නාමායං භික්ඛු, භද්‌දකෝ වතායං භික්‌ඛු, සික්‌ඛාකාමෝ වතායං භික්‌ඛු, ඒහි භික්‌ඛු, ඉදං ආසනං නිසීදාහීති. තේ තථත්‌තාය පටිපජ්‌ජන්‌ති. තේසං තං හෝති දීඝරත්‌තං හිතාය සුඛාය.

එතකොට පින්වත් කස්සප, අළුත පැවිදි වූ භික්ෂූන්ට මෙහෙම හිතෙනවා. යම්කිසි භික්ෂුවක් වනාන්තරයේ ම සිටිමින්, අරණ්‍ය වාසය ගැන වර්ණනා කරනවා නම්, පිණ්ඩපාතයෙන් ම ජීවත් වෙමින්. …. (පෙ) …. පාංශුකූල සිවුරු දරමින්. …. (පෙ) …. තුන් සිවුරු දරමින්. …. (පෙ) …. අල්පේච්ඡ වෙමින්. …. (පෙ) …. ලද දෙයින් සතුටු වෙමින්. …. (පෙ) …. හුදෙකලා විවේකයෙන් කල් ගෙවමින්. …. (පෙ) …. ගිහියන් හා නොඇලී වාසය කරමින්. …. (පෙ) …. පටන් ගත් වීර්යයෙන් යුක්ත වෙමින්. …. (පෙ) …. එතකොට වැඩිමහළු භික්ෂුන් ඒ භික්ෂුවට ආසන පවා පිළිගන්වනවා. ‘පින්වත් භික්ෂුව, මෙහෙ එන්න. මේ පින්වත් භික්ෂුවගේ නම මොකක්ද? මේ පින්වත් භික්ෂුව හැබෑවට ම සුන්දරයි. මේ පින්වත් භික්ෂුව හැබෑවට ම ශික්ෂාකාමීයි. එන්න පින්වත් භික්ෂුව මෙන්න තියෙනවා ආසනයක්. වැඩ ඉන්න’ කියල කියනවා. ඒ නිසා ඒ නවක භික්ෂුන් ද ඒ විදිහේ ජීවිතයක් ඇති කරගන්න මහන්සි වෙනවා. අන්න ඒ කාරණය ඔවුන්ට බොහෝ කලක් හිත සුව පිණිස හේතු වෙනවා.

ඒතරහි පන කස්‌සප ථේරා භික්‌ඛූ න චේව ආරඤ්‌ඤකා න ච ආරඤ්‌ඤකත්‌තස්‌ස ච වණ්‌ණවාදිනෝ. න චේව පිණ්‌ඩපාතිකා න ච පිණ්‌ඩපාතිකත්‌තස්‌ස ච වණ්‌ණවාදිනෝ. න චේව පංසුකූලිකා න ච පංසුකූලිකත්‌තස්‌ස ච වණ්‌ණවාදිනෝ. න චේව තේචීවරිකා න ච තේචීවරිකත්‌තස්‌ස වණ්‌ණවාදිනෝ. න චේව අප්‌පිච්‌ඡා න ච අප්‌පිච්‌ඡතාය ච වණ්‌ණවාදිනෝ. න චේව සන්‌තුට්‌ඨා න ච සන්‌තුට්‌ඨියා ච වණ්‌ණවාදිනෝ. න චේව පවිවිත්‌තා න ච පවිවේකස්‌ස ච වණ්‌ණවාදිනෝ. න චේව අසංසට්‌ඨා න ච අසංසග්‌ගස්‌ස ච වණ්‌ණවාදිනෝ. න චේව ආරද්‌ධවිරියා න ච විරියාරම්‌භස්‌ස ච වණ්‌ණවාදිනෝ.

පින්වත් කස්සප, දැන් කාලෙ නම් වැඩිමහළු භික්ෂූන් වනාන්තරයේ ම වාසය කරන්නේ නෑ. අරණ්‍ය වාසය ගැන වර්ණනා කරන්නේ නෑ. පිණ්ඩපාතයෙන් ම ජීවත් වෙන්නේ නෑ. පිණ්ඩපාතයෙන් යැපීම ගැන වර්ණනා කරන්නේ නෑ. පාංශුකූල සිවුරු දරන්නේ නෑ. පාංශුකූල සිවුරු දැරීම ගැන වර්ණනා කරන්නේ නෑ. තුන් සිවුරු දරන්නේ නෑ. තුන් සිවුරු දැරීම ගැන වර්ණනා කරන්නේ නෑ. අල්පේච්ඡ නෑ. අල්පේච්ඡ බව ගැන වර්ණනා කරන්නේ නෑ. ලද දෙයින් සතුටු වෙන්නේ නෑ. ලද දෙයින් සතුටු වීම ගැන වර්ණනා කරන්නේ නෑ. හුදෙකලා විවේකයේ ඉන්නෙ නෑ. හුදෙකලා විවේකයෙන් සිටීම ගැන වර්ණනා කරන්නේ නෑ. ගිහියන් හා ඇලී වාසය කරනවා. ගිහියන් හා නොඇලී වාසය කිරීම ගැන වර්ණනා කරන්නේ නෑ. පටන් ගත් වීර්යයෙන් යුක්ත නෑ. පටන් ගත් වීර්යයෙන් යුක්ත වීම ගැන වර්ණනා කරන්නේ නෑ.

තත්‍ර යෝ හෝති භික්‌ඛු ඤාතෝ යසස්‌සී ලාභී චීවර-පිණ්‌ඩපාත-සේනාසනගිලානපච්‌චයභේසජ්‌ජපරික්‌ඛාරානං, තං ථේරා භික්‌ඛූ ආසනේන නිමන්‌තෙන්‌ති. ඒහි භික්‌ඛු, කෝ නාමායං භික්‌ඛු, භද්‌දකෝ වතායං භික්‌ඛු, සබ්‍රහ්‌මචාරිකාමෝ වතායං භික්‌ඛු, ඒහි භික්‌ඛු, ඉදං ආසනං නිසීදාහී’ති.

එතකොට යම්කිසි භික්ෂුවක් ප්‍රසිද්ධ නම්, කීර්තිමත් නම්, සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර හොඳට ලැබෙනවා නම්, වැඩිමහළු තෙරුන් වහන්සේලා අන්න ඒ භික්ෂුවටයි ආසන පිළිගන්වන්නේ. ‘පින්වත් භික්ෂුව, මෙහෙ එන්න, මේ පින්වත් භික්ෂුවගේ නම මොකක්ද? මේ පින්වත් භික්ෂුව හැබෑවට ම සුන්දරයි. මේ පින්වත් භික්ෂුව හැබෑවට ම ශික්ෂාකාමීයි. එන්න පින්වත් භික්ෂුව, මෙන්න තියෙනවා ආසනයක් වැඩ ඉන්න’ කියල කියනවා.

තත්‍ර කස්‌සප නවානං භික්‌ඛූනං ඒවං හෝති. යෝ කිර සෝ හෝති භික්‌ඛු ඤාතෝ යසස්‌සී ලාභී චීවර-පිණ්‌ඩපාත-සේනාසන-ගිලානපච්‌චයභේසජ්‌ජපරික්‌ඛාරානං, තං ථේරා භික්‌ඛූ ආසනේන නිමන්‌තෙන්‌ති. ඒහි භික්‌ඛු, කෝ නාමායං භික්‌ඛු, භද්‌දකෝ වතායං භික්‌ඛු සබ්‍රහ්‌මචාරිකාමෝ වතායං භික්‌ඛු, ඒහි භික්‌ඛු, ඉදං ආසනං නිසීදාහීති. තේ තථත්‌තාය පටිපජ්‌ජන්‌ති. තේසං තං හෝති දීඝරත්‌තං අහිතාය දුක්‌ඛාය.

එතකොට පින්වත් කස්සප, අළුත පැවිදි වුණ භික්ෂුන්ට මෙහෙම හිතෙනවා. යම්කිසි භික්ෂුවක් ප්‍රසිද්ධ නම්, කීර්තිමත් නම්, සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර හොඳට ලැබෙනවා නම්, මේ වැඩිමහළු තෙරුන් වහන්සේලා අන්න ඒ භික්ෂුවටයි ආසන පිළිගන්වන්නේ. ‘පින්වත් භික්ෂුව, මෙහෙ එන්න, මේ පින්වත් භික්ෂුවගේ නම මොකක්ද? මේ පින්වත් භික්ෂුව හැබෑවට ම සුන්දරයි. මේ පින්වත් භික්ෂුව හැබෑවට ම ශික්ෂාකාමීයි. එන්න පින්වත් භික්ෂුව, මෙන්න තියෙනවා ආසනයක් වැඩ ඉන්න’ කියල කියනවා. ඒ නිසා ඒ නවක භික්ෂූන් ද ඒ විදිහේ සැළකිලි ලැබෙන විදිහට පිළිපදිනවා. මෙන්න මේ කාරණය ඔවුන්ට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා.

යං හි තං කස්‌සප සම්‌මා වදමානෝ වදෙය්‍ය. උපද්‌දුතා බ්‍රහ්‌මචාරී බ්‍රහ්‌මචාරූපද්‌දවේන, අභිභවනා බ්‍රහ්‌මචාරී බ්‍රහ්‌මචාරාභිභවනේනාති ඒවං හි තං කස්‌සප සම්‌මා වදන්තෝ වදෙය්‍ය. උපද්‌දුතා බ්‍රහ්‌මචාරී බ්‍රහ්‌මචාරූපද්‌දවේන, අභිභවනා බ්‍රහ්‌මචාරී බ්‍රහ්‌මචාරාභිභවනේනාති.

පින්වත් කස්සප, ඔය කරුණ ගැන කෙනෙක් හරියට ම කියනවා නම්, ‘බ්‍රහ්මචාරීන් වහන්සේලා කරදරේ වැටුණා. බ්‍රහ්මචාරී ජීවිතයට උවදුරු ඇති වුණා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා විසින් බ්‍රහ්මචාරීන් වහන්සේලාව යට කර දැම්මා. බ්‍රහ්මචාරී ජීවිතය එයින් ම යටපත් වුණා’ කියල කියනවා. පින්වත් කස්සප ‘බ්‍රහ්මචාරීන් වහන්සේලා කරදරේ වැටුණා. බ්‍රහ්මචාරී ජීවිතයට උවදුරු ඇති වුණා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා විසින් බ්‍රහ්චාරීන් වහන්සේලාව යට කර දැම්මා. බ්‍රහ්මචාරී ජීවිතය එයින් ම යටපත් වුණා’ කියල කියනවා නම්, ඒ කියන්නේ ඔන්න ඕකටයි.

සාදු! සාදු!! සාදු!!!

තතිය ඕවාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M