සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

4.1.5. ජිණ්ණ සුත්තං

4.1.5. මහළුවීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්දකනිවාපේ.

මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙණුන්ගේ අභය භූමිය වූ වේළුවනාරාමයේ.

අථ ඛෝ ආයස්‌මා මහාකස්‌සපෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්‌නං ඛෝ ආයස්‌මන්‌තං මහාකස්‌සපං භගවා ඒතදවෝච. ජිණ්‌ණෝසිදානි ත්‌වං කස්‌සප, ගරුකානි ඛෝ තේ ඉමානි සාණානි පංසුකූලානි නිබ්‌බසනානි. තස්‌මාතිහ ත්‌වං කස්‌සප, ගහපතිකානි චේව චීවරානි ධාරේහි, නිමන්‌තනේසු ච භුඤ්‌ජාහි, මමඤ්ච සන්තිකේ විහරාහී’ති.

එදා ආයුෂ්මත් මහා කස්සප තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ලඟට වැඩියා. වැඩලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ආයුෂ්මත් මහා කස්සප තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

“පින්වත් කස්සප, දැන් ඔබ මහළුයි නෙව. මේ හණ රෙද්දෙන් කළ නැවත නැවත ඉරුණු තැන් මහපු පංශුකූල සිවුර ඔබට බර වැඩියි. ඒ නිසා පින්වත් කස්සප, ඔබ සැදැහැවතුන් පුදන සිවුරු පාවිච්චි කරන්න. ආරාධනා ලැබෙන දන්වලටත් වඩින්න. මා ලඟින් ම වාසය කරන්න.”

අහං ඛෝ භන්තේ දීඝරත්‌තං ආරඤ්‌ඤකෝ චේව ආරඤ්‌ඤකත්‌තස්‌ස ච වණ්‌ණවාදී, පිණ්‌ඩපාතිකෝ චේව පිණ්‌ඩපාතිකත්‌තස්‌ස ච වණ්‌ණවාදී, පංසුකූලිකෝ චේව පංසුකූලිකත්‌තස්‌ස ච වණ්‌ණවාදී, තේචීවරිකෝ චේව තේචීවරිකත්‌තස්‌ස ච වණ්‌ණවාදී, අප්‌පිච්‌ඡෝ චේව අප්‌පිච්‌ඡතාය ච වණ්‌ණවාදී. සන්‌තුට්‌ඨෝ චේව සන්‌තුට්‌ඨියා ච වණ්‌ණවාදී. පවිවිත්‌තෝ චේව පවිවේකස්‌ස ච වණ්‌ණවාදී. අසංසට්‌ඨෝ චේව අසංසග්‌ගස්‌ස ච වණ්‌ණවාදී. ආරද්‌ධවිරියෝ චේව විරියාරම්‌භස්‌ස ච වණ්‌ණවාදී.

“ස්වාමීනි, මං බොහෝ කාලයක් සිටියේ වනාන්තරයේ, ඒ වගේ ම වනයේ වාසය කිරීම ගැන වර්ණනා කරනවා. මම පිණ්ඩපාතයෙන් ජීවත් වුණේ. පිණ්ඩපාතයෙන් ජීවත් වීම ගැන වර්ණනා කරනවා. මං පාංශුකූල සිවුරු පොරවන්නේ. ඒ වගේ ම පාංශුකූල සිවුරු පෙරවීම ගැන වර්ණනා කරනවා. මං තුන් සිවුරෙන් හිටියේ. තුන් සිවුරු දැරීම ගැන වර්ණනා කරනවා. මං අල්පේච්ඡ බවෙන් යුක්ත වෙලා අල්පේච්ඡ බව ගැන වර්ණනා කරනවා. ලද දෙයින් සතුටු වෙලා ලද දෙයින් සතුටු වීම ගැන වර්ණනා කරනවා. හුදෙකලා විවේකයේ සිටිමින් හුදෙකලා විවේකයෙන් සිටීම ගැන වර්ණනා කරනවා. පිරිස් සමග නොඇලී සිටීමෙන් පිරිස් සමග නොඇලීම ගැන වර්ණනා කරනවා. පටන් ගත් වීර්යයෙන් ම සිටිමින් පටන් ගත් වීර්යය ගැන වර්ණනා කරනවා.”

කිම්පන ත්‌වං කස්‌සප, අත්‌ථවසං සම්‌පස්‌සමානෝ දීඝරත්‌තං ආරඤ්‌ඤකෝ චේව ආරඤ්‌ඤකත්‌තස්‌ස ච වණ්‌ණවාදී, (ඒවං පෙය්‍යාලෝ) පිණ්‌ඩපාතිකෝ චේව ….(පෙ)…. පංසුකූලිකෝ චේව ….(පෙ)…. තේචීවරිකෝ චේව ….(පෙ)…. අප්‌පිච්‌ඡෝ චේව ….(පෙ)…. සන්‌තුට්‌ඨෝ චේව ….(පෙ)…. පවිවිත්‌තෝ චේව ….(පෙ)…. අසංසට්‌ඨෝ චේව ….(පෙ)…. ආරද්‌ධවිරියෝ චේව විරියාරම්‌භස්‌ස ච වණ්‌ණවාදී’ති?

“පින්වත් කස්සප, ඔබ මොන වගේ ප්‍රයෝජනයක් දකිමින් ද දිගු කලක් මුළුල්ලේ වනාන්තරයේ වාසය කළේ? වනවාසය ගැන වර්ණනා කළේ? පිණ්ඩපාතයෙන් යැපුණේ? …. (පෙ) …. පාංශුකූල සිවුරු දැරුවේ? …. (පෙ) …. තුන් සිවුරු දැරුවේ? …. (පෙ) …. අල්පේච්ඡ වුණේ? …. (පෙ) …. ලද දෙයින් සතුටු වුණේ? …. (පෙ) …. හුදෙකලා විවේකයෙහි ඇළුණේ? …. (පෙ) …. පිරිසෙන් වෙන් වී වාසය කළේ? …. (පෙ) …. පටන්ගත් වීර්යයෙන් යුක්තව ඉන්නේ? පටන් ගත් වීර්යය ගැන වර්ණනා කරන්නේ?”

ද්වේ ඛෝහං භන්තේ අත්‌ථවසේ සම්‌පස්‌සමානෝ දීඝරත්‌තං ආරඤ්‌ඤකෝ චේව ආරඤ්‌ඤකත්‌තස්‌ස ච වණ්‌ණවාදී ….(පෙ)…. පිණ්‌ඩපාතිකෝ චේව ….(පෙ)…. පංසුකූලිකෝ චේව ….(පෙ)…. තේචීවරිකෝ චේව ….(පෙ)…. අප්‌පිච්‌ඡෝ චේව ….(පෙ)…. සන්‌තුට්‌ඨෝ චේව ….(පෙ)…. පවිවිත්‌තෝ චේව ….(පෙ)…. අසංසට්‌ඨෝ චේව ….(පෙ)…. ආරද්‌ධවිරියෝ චේව විරියාරම්‌භස්‌ස ච වණ්‌ණවාදී. අත්‌තනා ව දිට්‌ඨධම්‌මසුඛවිහාරං සම්‌පස්‌සමානෝ, පච්‌ඡිමඤ්‌ච ජනතං අනුකම්‌පමානෝ, අප්‌පේවනාම පච්‌ඡිමා ජනතා දිට්‌ඨානුගතිං ආපජ්‌ජෙය්‍ය. යේ කිර තේ අහේසුං බුද්‌ධානුබුද්‌ධසාවකා, තේ දීඝරත්‌තං ආරඤ්‌ඤකා චේව අහේසුං ආරඤ්‌ඤකත්‌තස්‌ස ච වණ්‌ණවාදිනෝ. පිණ්‌ඩපාතිකා චේව අහේසුං. ….(පෙ)…. පංසුකූලිකා චේව අහේසුං ….(පෙ)…. තේචීවරිකා චේව අහේසුං ….(පෙ)…. අප්‌පිච්‌ඡා චේව අහේසුං ….(පෙ)…. සන්‌තුට්‌ඨා චේව අහේසුං ….(පෙ)…. පවිවිත්‌තා චේව අහේසුං ….(පෙ)…. අසංසට්‌ඨා චේව අහේසුං ….(පෙ)…. ආරද්‌ධවිරියා චේව අහේසුං විරියාරම්‌භස්‌ස ච වණ්‌ණවාදිනෝති. තේ තථත්‌තාය පටිපජ්‌ජිස්‌සන්‌ති. තේසං තං භවිස්‌සති දීඝරත්‌තං හිතාය සුඛාය.

“ස්වාමීනි, ඇත්තෙන් ම මං ප්‍රයෝජන දෙකක් දකිමිනුයි දිගු කලක් මුළුල්ලේ වනාන්තරයේ වාසය කළේ. වනවාසය ගැන වර්ණනා කළේ. පිණ්ඩපාතයෙන් යැපුණේ. …. (පෙ) …. පාංශුකූල සිවුරු දැරුවේ. …. (පෙ) …. තුන් සිවුරු දැරුවේ. …. (පෙ) …. අල්පේච්ඡ වුණේ. …. (පෙ) …. ලද දෙයින් සතුටු වුණේ. …. (පෙ) …. හුදෙකලා විවේකයෙහි ඇළුණේ. …. (පෙ) …. පිරිසෙන් වෙන් වී වාසය කළේ. …. (පෙ) …. පටන්ගත් වීර්යයෙන් යුක්තව ඉන්නේ. පටන් ගත් වීර්යය ගැන වර්ණනා කරන්නේ. පළවෙනි එක තමයි මෙලොව දී ම තමන්ට සැප සේ වාසය කරන්න පුළුවන් බව. අනිත් එක පසුකාලීන ජනතාවට අනුකම්පා කිරීම. ඉතින් ඒ බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන් බොහෝ කලක් අරණ්‍යවලයි වාසය කළේ. අරණ්‍ය වාසය ගැන වර්ණනා කළා. පිණ්ඩපාතයෙන් ජීවත් වුණා. පාංශුකූල සිවුරු දැරුවා …. (පෙ) …. තුන් සිවුරු දැරුවා …. (පෙ) …. අල්පේච්ඡ වුණා …. (පෙ) …. ලද දෙයින් සතුටු වුණා …. (පෙ) …. හුදෙකලා විවේකයෙහි ඇළුණා …. (පෙ) …. පිරිස් සමග නොඇලී වාසය කළා. …. (පෙ) …. පටන්ගත් වීර්යයෙන් ම වාසය කළා. ඔවුන් ඒ අයුරින් ම පිළිපැද්දා. ඒක ඔවුන්ට බොහෝ කාලයක් හිත සුව පිණිස හේතු වෙනවා.”

ඉමේ ඛෝහං භන්තේ, ද්වේ අත්‌ථවසේ සම්‌පස්‌සමානෝ දීඝරත්‌තං ආරඤ්‌ඤකෝ චේව ආරඤ්‌ඤකත්‌තස්‌ස ච වණ්‌ණවාදී, පිණ්‌ඩපාතිකෝ චේව ….(පෙ)…. පංසුකූලිකෝ චේව ….(පෙ)…. තේචීවරිකෝ චේව ….(පෙ)…. අප්‌පිච්‌ඡෝ චේව ….(පෙ)…. සන්‌තුට්‌ඨෝ චේව ….(පෙ)…. පවිවිත්‌තෝ චේව ….(පෙ)…. අසංසට්‌ඨෝ චේව ….(පෙ)…. ආරද්‌ධවිරියෝ චේව විරියාරම්‌භස්‌ස ච වණ්‌ණවාදී’ති.

“ස්වාමීනි, ඔය ප්‍රයෝජන දෙක දකිමිනුයි දිගු කලක් මුළුල්ලේ වනාන්තරයේ වාසය කළේ. වනවාසය ගැන වර්ණනා කළේ. පිණ්ඩපාතයෙන් යැපුණේ. …. (පෙ) …. පාංශුකූල සිවුරු දැරුවේ. …. (පෙ) …. තුන් සිවුරු දැරුවේ. …. (පෙ) …. අල්පේච්ඡ වුණේ. …. (පෙ) …. ලද දෙයින් සතුටු වුණේ. …. (පෙ) …. හුදෙකලා විවේකයෙහි ඇළුණේ. …. (පෙ) …. පිරිසෙන් වෙන් වී වාසය කළේ. …. (පෙ) …. පටන්ගත් වීර්යයෙන් යුක්ත ව ඉන්නේ. පටන් ගත් වීර්යය ගැන වර්ණනා කරන්නේ.”

සාධු සාධු කස්‌සප, බහුජනහිතාය කිර ත්‌වං කස්‌සප පටිපන්‌නෝ බහුජනසුඛාය ලෝකානුකම්‌පාය අත්‌ථාය හිතාය සුඛාය දේවමනුස්‌සානං. තස්‌මාතිහ ත්‌වං කස්‌සප, සාණානි චේව පංසුකූලානි ධාරේහි නිබ්‌බසනානි, පිණ්‌ඩාය ච චරාහි, අරඤ්‌ඤේ ච විහරාහී’ති.

“සාදු! සාදු!! පින්වත් කස්සප, බොහෝ දෙනෙකුට යහපත පිණිස, බොහෝ දෙනෙකුට සැපය පිණිස, ලෝ සතුන්ට අනුකම්පා පිණිස, යහපත සලසා දීම පිණිස, දෙවි මිනිසුන්ට හිතසුව පිණිස පින්වත් කස්සප, ඔබ ඔය පිළිවෙතින් යුක්ත වුණා. පින්වත් කස්සප, ඔබ හණ රෙද්දෙන් කළ, නැවත නැවතත් මහපු පාංශුකූල චීවරය ම දරන්න. පිණ්ඩපාතයෙන් ම හැසිරෙන්න. අරණ්‍ය වාසයේ ම ඉන්න.”

සාදු! සාදු!! සාදු!!!

ජිණ්ණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M