සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

4.1.4. කුලූපග සුත්තං

4.1.4. කුලුපග වීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

තං කිං මඤ්‌ඤථ භික්ඛවේ, කථංරූපෝ භික්‌ඛු අරහති කුලූපගෝ හෝතුං. කථංරූපෝ භික්‌ඛු න අරහති කුලූපගෝ හෝතුන්‌ති? භගවම්මූලකා නෝ භන්තේ ධම්‌මා ….(පෙ)…. භගවතෝ සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’ති. ….(පෙ)….. භගවා ඒතදවෝච.

“පින්වත් මහණෙනි, මේ ගැන ඔබ මොකක් ද හිතන්නේ? කොයි වගේ භික්ෂුවක් ද කුලුපග වෙන්න සුදුසු? කොයි වගේ භික්ෂුවක් ද කුලුපග වෙන්න නුසුදුසු?”

“ස්වාමීනි, අප ගේ මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ ම යි මුල් කර ගෙන තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ම යි ප්‍රධාන කරගෙන තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ම යි පිළිසරණ කරගෙන තියෙන්නේ. ස්වාමීනි, ඔය වදාළ කරුණ ගැන භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක්වා! භාග්‍යවතුන් වහන්සේ ගෙන් අසා ගෙනයි භික්ෂූන් මතක තබාගන්නේ …. (පෙ) …. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

යෝ හි කෝචි භික්ඛවේ භික්‌ඛු ඒවං චිත්තෝ කුලානි උපසංකමති. දෙන්‌තුයේව මේ මා නාදංසු. බහුඤ්‌ඤේව මේ දෙන්‌තු මා ථෝකං. පණීතඤ්‌ඤේව මේ දෙන්‌තු මා ලූඛං. සීඝඤ්‌ඤේව මේ දෙන්‌තු මා දන්‌ධං. සක්‌කච්‌චඤ්‌ඤේව මේ දෙන්‌තු මා අසක්‌කච්‌චන්‌ති. තස්‌ස චේ භික්ඛවේ භික්‌ඛුනෝ ඒවංචිත්‌තස්‌ස කුලානි උපසංකමතෝ න දෙන්‌ති, තේන භික්‌ඛු සන්‌දීයති. සෝ තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. ථෝකං දෙන්‌ති නෝ බහුකං, තේන භික්‌ඛු සන්‌දීයති. සෝ තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. ලූඛං දෙන්‌ති නෝ පණීතං, තේන භික්‌ඛු සන්‌දීයති. සෝ තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. දන්‌ධං දෙන්‌ති නෝ සීඝං, තේන භික්‌ඛු සන්‌දීයති. සෝ තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. අසක්‌කච්‌චං දෙන්‌ති නෝ සක්‌කච්‌චං, තේන භික්‌ඛු සන්‌දීයති. සෝ තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. ඒවරූපෝ ඛෝ භික්ඛවේ භික්‌ඛු න අරහති කූලූපගෝ හෝතුං.

“පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් මේ විදිහේ සිතකින් දායක ගෙවල්වලට යන්න පුළුවනි. ‘මට ම යි දෙන්න ඕන. මට නොදී සිටින්න එපා. මට ගොඩාක් දෙන්න ඕන. ටිකක් නම් දෙන්න එපා. මට ප්‍රණීත දෙයක් ම යි දෙන්න ඕන. රළු දෙයක් නම් දෙන්න එපා. මට ඉක්මනට දෙන්න ඕන. පමාවෙලා දෙන්න එපා. මට හොඳ පිළිවෙලකට ම යි දෙන්න ඕන. අපිළිවෙලකට දෙන්න එපා’ කියල. පින්වත් මහණෙනි, ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට හිතාගෙන දායක ගෙවල්වලට යනවා. එතකොට ඔහුට දෙන්නෙ නැති වුණා ම ඒ හේතුවෙන් ඔහු පීඩා විඳිනවා. ඒ හේතුවෙන් ඔහු දුක් දොම්නස් විඳිනවා. ඒ වගේ ම ඔහුට ටිකක් දෙනවා. ගොඩක් දෙන්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු පීඩා විඳිනවා. ඒ හේතුවෙන් ඔහු දුක් දොම්නස් විඳිනවා. ඔහුට රළු දෙයක් ලැබෙනවා. ප්‍රණීත දෙයක් ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු පීඩා විඳිනවා. ඒ හේතුවෙන් ඔහු දුක් දොම්නස් විඳිනවා. ඔහුට හෙමිහිට ලැබෙනවා. ඉක්මනට ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු පීඩා විඳිනවා. ඒ හේතුවෙන් ඔහු දුක් දොම්නස් විඳිනවා. ඔහුට අපිළිවෙලකට ලැබෙනවා. පිළිවෙලකට ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු පීඩා විඳිනවා. ඒ හේතුවෙන් ඔහු දුක් දොම්නස් විඳිනවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහේ භික්ෂුවක් දායක ගෙවල්වලට පිවිසෙන්න සුදුස්සෙක් නොවේ.

යෝ ච ඛෝ භික්ඛවේ භික්‌ඛු ඒවං චිත්තෝ කුලානි උපසංකමති. තං කුතෙත්‌ථ ලබ්‌භා පරකුලේසුදෙන්‌තුයේව මේ, මා නාදංසු. බහුකඤ්‌ඤේව මේ දෙන්‌තු මා ථෝකං. පණීතඤ්‌ඤේව මේ දෙන්‌තු මා ලූඛං. සීඝඤ්‌ඤේව මේ දෙන්‌තු මා දන්‌ධං. සක්‌කච්‌චඤ්‌ඤේව මේ දෙන්‌තු මා අසක්‌කච්‌චන්‌ති. තස්‌ස මේ භික්ඛවේ භික්‌ඛුනෝ ඒවංචිත්‌තස්‌ස කුලානි උපසංකමතෝ න දෙන්‌ති, තේන භික්‌ඛු න සන්‌දීයති. සෝ න තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. ථෝකං දෙන්‌ති නෝ බහුකං, තේන භික්‌ඛු න සන්‌දීයති. සෝ න තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. ලූඛං දෙන්‌ති නෝ පණීතං, තේන භික්‌ඛු න සන්‌දීයති. සෝ න තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. දන්‌ධං දෙන්‌ති නෝ සීඝං, තේන භික්‌ඛු න සන්‌දීයති. සෝ න තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. අසක්‌කච්‌චං දෙන්‌ති නෝ සක්‌කච්‌චං, තේන භික්‌ඛු න සන්‌දීයති. සෝ න තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. ඒවරූපෝ ඛෝ භික්ඛවේ භික්‌ඛු අරහති කුලූපගෝ හෝතුං.

ඒ වගේ ම පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් මෙබඳු සිතකින් යුක්තව දායක ගෙවල්වලට පිවිසෙන්න සුදුසුයි. ඔහු මෙහෙම හිතනවා. මේ විදිහේ දේවල් හිතලා අනුන් ගේ ගෙවල්වලින් ලැබීමක් ගැන කොහොම නම් බලාපොරොත්තු වෙන්නද? ඒ කියන්නේ මට ම යි දෙන්න ඕන. මට නොදී සිටින්න එපා. මට ගොඩාක් දෙන්න ඕන. ටිකක් නම් දෙන්න එපා. මට ප්‍රණීත දෙයක් ම යි දෙන්න ඕන. රළු දෙයක් නම් දෙන්න එපා. මට ඉක්මනට දෙන්න ඕන. පමාවෙලා දෙන්න එපා. මට හොඳ පිළිවෙලකට ම යි දෙන්න ඕන. අපිළිවෙලකට දෙන්න එපා’ කියල.

පින්වත් මහණෙනි, ඉතින් ඒ භික්ෂුව ඔය විදිහට හිතාගෙන දායක ගෙවල්වලට යනවා. එතකොට ඔහුට දෙන්නේ නැති වුණා ම ඒ හේතුවෙන් ඔහු පීඩා විඳින්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු දුක් දොම්නස් විඳින්නේ නෑ. ඒ වගේ ම ඔහුට ටිකක් දෙනවා ගොඩාක් දෙන්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු පීඩා විඳින්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු දුක් දොම්නස් විඳින්නේ නෑ. ඔහුට රළු දෙයක් ලැබෙනවා. ප්‍රණීත දෙයක් ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු පීඩා විඳින්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු දුක් දොම්නස් විඳින්නේ නෑ. ඔහුට හෙමිහිට ලැබෙනවා. ඉක්මනට ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු පීඩා විඳින්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු දුක් දොම්නස් විඳින්නේ නෑ. ඔහුට අපිළිවෙලකට ලැබෙනවා. පිළිවෙලකට ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු පීඩා විඳින්නේ නෑ. ඒ හේතුවෙන් ඔහු දුක් දොම්නස් විඳින්නේ නෑ. පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහේ භික්ෂුවක් දායක ගෙවල්වලට පිවිසෙන්න සුදුස්සෙක් වෙනවා.

කස්‌සපෝ භික්ඛවේ ඒවං චිත්තෝ කුලානි උපසංකමති. තං කුතෙත්‌ථ ලබ්‌භා පරකුලේසු. දෙන්‌තුයේව මේ, මා නාදංසු, බහුඤ්‌ඤේව මේ දෙන්‌තු මා ථෝකං, පණීතඤ්‌ඤේව මේ දෙන්‌තු මා ලූඛං, සීඝඤ්‌ඤේව මේ දෙන්‌තු මා දන්‌ධං, සක්‌කච්‌චඤ්‌ඤේව මේ දෙන්‌තු මා අසක්‌කච්‌චන්‌ති.

පින්වත් මහණෙනි, මේ කස්සප මෙවැනි සිතකිනුයි දායක ගෙවල්වලට යන්නේ. කස්සප මෙහෙම හිතනවා. මේ විදිහේ දේවල් හිතලා අනුන් ගේ ගෙවල්වලින් ලැබීමක් ගැන කොහොම නම් බලාපොරොත්තු වෙන්නද? …. (පෙ) …. මට හොඳ පිළිවෙලකට ම යි දෙන්න ඕන. අපිළිවෙලකට දෙන්න එපා කියල.

තස්‌ස චේ භික්ඛවේ කස්‌සපස්‌ස ඒවංචිත්‌තස්‌ස කුලානි උපසංකමතෝ න දෙන්‌ති, තේන කස්‌සපෝ න සන්‌දීයති. සෝ න තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. ථෝකං දෙන්‌ති නෝ බහුකං, තේන කස්‌සපෝ න සන්‌දීයති. සෝ න තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. ලූඛං දෙන්‌ති නෝ පණීතං, තේන කස්‌සපෝ න සන්‌දීයති. සෝ න තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. දන්‌ධං දෙන්‌ති නෝ සීඝං, තේන කස්‌සපෝ න සන්‌දීයති. සෝ න තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති. අසක්‌කච්‌චං දෙන්‌ති නෝ සක්‌කච්‌චං, තේන කස්‌සපෝ න සන්‌දීයති. සෝ න තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයති.

පින්වත් මහණෙනි, ඉතින් ඒ කස්සප ඔය විදිහට හිතාගෙන දායක ගෙවල්වලට යනවා. එතකොට කස්සපට දෙන්නේ නැති වුණා ම ඒ හේතුවෙන් කස්සප පීඩා විඳින්නේ නෑ. ඒ හේතුවෙන් කස්සප දුක් දොම්නස් විඳින්නේ නෑ. ඒ වගේ ම කස්සපට ටිකක් දෙනවා. ගොඩක් දෙන්නේ නෑ. ඒ හේතුවෙන් කස්සප පීඩා විඳින්නේ නෑ. ඒ හේතුවෙන් කස්සප දුක් දොම්නස් විඳින්නේ නෑ. කස්සපට රළු දෙයක් ලැබෙනවා. ප්‍රණීත දෙයක් ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් කස්සප පීඩා විඳින්නේ නෑ. ඒ හේතුවෙන් කස්සප දුක් දොම්නස් විඳින්නේ නෑ. කස්සපට හෙමිහිට ලැබෙනවා. ඉක්මනට ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් කස්සප පීඩා විඳින්නේ නෑ. ඒ හේතුවෙන් කස්සප දුක් දොම්නස් විඳින්නේ නෑ. කස්සපට අපිළිවෙලකට ලැබෙනවා. පිළිවෙලකට ලැබෙන්නේ නෑ. ඒ හේතුවෙන් කස්සප පීඩා විඳින්නේ නෑ. ඒ හේතුවෙන් කස්සප දුක් දොම්නස් විඳින්නේ නෑ.

කස්‌සපේන වා හි වෝ තේ භික්ඛවේ ඕවදිස්‌සාමි, යෝ වා පනස්‌ස කස්‌සපසදිසෝ. ඕවදිතේහි ච පන තේ වෝ තථත්‌තාය පටිපජ්‌ජිතබ්‌බන්‌ති.

පින්වත් මහණෙනි, එක්කො මම අවවාද කරන්නම්. එක්කො කස්සපයන් අවවාද කරාවි. ඒ අවවාද ලබන අය කස්සප වගේ වෙනවා කියලයි ඔබ විසින් පිළිපැදිය යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

කුලූපග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_4-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M