සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනකි. ආරම්භක කෙළවර දැක්ක නොහැකි දෙයකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැක්ක නොහැකිය.
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මේ දීර්ඝ කාලයේදී භවයෙන් භවයට සැරිසරා යද්දී, ඉපිද ඉපිද යද්දී, ඔබ විසින් යම් මව් කිරක් බීල තියෙනවද, ඒ බොන ලද මව් කිරි ද ඉතා වැඩි? මේ සතර මහා සාගරයේ ජලය ද?”
“ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය යම් පරිද්දෙකින් දන්නවා නම් ස්වාමීනි, මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යද්දී, ඉපිද ඉපිද යද්දී අප විසින් යම් මව් කිරක් බීල තියෙනව ද, ඒ බොන ලද මව් කිරි ම යි ඉතා වැඩි, මේ සතර මහා සාගරයේ ජලය නම් නොවේ.”
“සාදු! සාදු!! පින්වත් මහණෙනි, සාදු! පින්වත් මහණෙනි, මා විසින් දේශනා කරන ලද ධර්මය ඔය ආකාරයෙන් දැනගෙන සිටීම ඉතා හොඳයි. මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යද්දී, ඉපිද ඉපිද යද්දී ඔබ විසින් යම් මව් කිරක් බීල තියෙනව ද, ඒ බොන ලද මව් කිරි ම යි ඉතා වැඩි, මේ සතර මහා සාගරයේ ජලය නම් නොවේ ඒකට හේතුව කුමක්ද? ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. …. (පෙ) …. නිදහස් වෙන්න ම යි වටින්නේ.
සාදු! සාදු!! සාදු!!!
මාතුථඤ්ඤ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M