සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනකි. ආරම්භක කෙළවර දැක්ක නොහැකි දෙයකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැක්ක නොහැකිය.
පින්වත් මහණෙනි, ඔබ විසින් ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ දුක් අනුභව කරල තියෙනවා. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මේ දීර්ඝ කාලයේදී භවයෙන් භවයට සැරිසරා යද්දී, ඉපිද ඉපිද යද්දී, අමනාප දේ සමග එක්වෙන්න සිදුවීමෙන්, මනාප දෙයින් වෙන්වෙන්න සිදුවීමෙන් හඬද්දී වැළපෙද්දී ඔබගේ නෙතින් වෑහුණු, වැගිරුණු යම් කඳුලක් වේ නම් ඒ කඳුළු ඉතා වැඩි? මේ සතර මහා සාගරයේ ජලයද?”
“ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද ශ්‍රී සද්ධර්මය යම් පරිද්දෙකින් දන්නවා නම් ස්වාමීනි, මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යද්දී, ඉපිද ඉපිද යද්දී අමනාප දේ සමග එක්වෙන්න සිදුවීමෙනුත්, මනාප දෙයින් වෙන්වෙන්නට සිදුවීමෙනුත් අප ගේ නෙතින් වෑහුන, වැගිරුන යම් කඳුලක් වේ නම් ඒ කඳුළු ම යි ඉතා වැඩි. මේ සතර මහා සාගරයේ ජලය නම් නොවේ.”
“සාදු! සාදු!! පින්වත් මහණෙනි, සාදු! පින්වත් මහණෙනි, මා විසින් දේශනා කරන ලද ධර්මය ඔය ආකාරයෙන් දැනගෙන සිටීම ඉතා හොඳයි. මේ සා දීර්ඝ කාලයක් මුළුල්ලේ භවයෙන් භවයට සැරිසරා යද්දී, ඉපිද ඉපිද යද්දී අමනාප දේ සමග එක්වෙන්නට සිදුවීමෙනුත්, මනාප දෙයින් වෙන්වෙන්නට සිදුවීමෙනුත් ඔබ ගේ නෙතින් වෑහුන, වැගිරුන යම් කඳුලක් වේ නම් ඒ කඳුළු ම යි ඉතා වැඩි. මේ සතර මහා සාගරයේ ජලය නම් නොවේ.
පින්වත් මහණෙනි, බොහෝ කලක් මුළුල්ලේ ඔබ විසින් මව් මිය ගිය දුක විඳල තියෙනවා. මව් මිය ගිය දුක විඳඅන ඔබ විසින් අමනාප දේ සමග එක් වීමෙනුත් මනාප දෙයින් වෙන්වීමෙනුත් හඬද්දී වැලපෙද්දී ඔබේ නෙතින් වෑහුන, වැගිරුන යම් කඳුලක් වේ නම් ඒ කඳුළු ම යි ඉතාමත් වැඩි. සතර මහා සාගරයේ ජලය නම් නොවේ. පින්වත් මහණෙනි, බොහෝ කලක් මුළුල්ලේ ඔබ විසින් පියා මිය ගිය දුක විඳල තියෙනවා …. (පෙ) …. සොහොයුරා මිය ගිය දුක විඳල තියෙනවා …. (පෙ) …. සොහොයුරිය මිය ගිය දුක විඳල තියෙනවා …. (පෙ) …. පුතා මිය ගිය දුක විඳල තියෙනවා …. (පෙ) …. දුව මිය ගිය දුක විඳල තියෙනවා …. (පෙ) …. නෑදෑයන්ට වූ විපත නිසා ඇති වූ දුක විඳල තියෙනවා …. (පෙ) …. දේපළ හානිය නිසා දුක විඳල තියෙනවා …. (පෙ) …. රෝග පීඩා නිසා දුක විඳල තියෙනවා. රෝග පීඩා නිසා දුක විඳින ඔබ විසින් අමනාප දේ සමග එක් වීමෙනුත් මනාප දෙයින් වෙන් වීමෙනුත් හඬද්දී වැළපෙද්දී ඔබේ නෙතින් වෑහුන, වැගිරුන යම් කඳුලක් වේ නම් ඒ කඳුළු ම යි ඉතාමත් වැඩි. සතර මහා සාගරයේ ජලය නම් නොවේ.
පින්වත් මහණෙනි, ඒකට හේතුව කුමක්ද? ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. …. (පෙ) …. එම නිසා පින්වත් මහණෙනි, මේ හැම සංස්කාරයක් ගැන ම අවබෝධයෙන් යුතුව කළකිරෙන්න ම යි වටින්නේ. නොඇලෙන්න ම යි වටින්නේ. නිදහස් වෙන්න ම යි වටින්නේ.
සාදු! සාදු!! සාදු!!!
අස්සු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M