සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

3.1.2. පඨවි සුත්තං

3.1.2. මහ පොළොව මුල්කොට වදාළ දෙසුම

සාවත්‌ථියං…..

සැවැත් නුවරදී ……………

අනමතග්‌ගෝයං භික්ඛවේ සංසාරෝ. පුබ්‌බාකෝටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං. සෙය්‍යථාපි භික්ඛවේ පුරිසෝ ඉමං මහාපඨවිං කෝලට්‌ඨිකමත්‌තං කෝලට්‌ඨිකමත්‌තං ගුළිකං කරිත්‌වා නික්‌ඛිපෙය්‍ය, අයං මේ පිතා, තස්‌ස මේ පිතු අයං පිතාති. අපරියාදින්නාව ඛෝ භික්ඛවේ තස්‌ස පුරිසස්‌ස පිතුපිතරෝ අස්‌සු. අථායං මහාපඨවි පරික්‌ඛයං පරියාදානං ගච්‌ඡෙය්‍ය. තං කිස්‌ස හේතු? අනමතග්‌ගෝයං භික්ඛවේ සංසාරෝ. පුබ්‌බාකෝටි න පඤ්‌ඤායති අවිජ්‌ජානීවරණානං සත්‌තානං තණ්‌හාසංයෝජනානං සන්‌ධාවතං සංසරතං. ඒවං දීඝරත්‌තං වෝ භික්ඛවේ දුක්‌ඛං පච්‌චනුභූතං, තිබ්‌බං පච්‌චනුභූතං, ව්‍යසනං පච්‌චනුභූතං, කටසි වඩ්‌ඪිතා. යාවඤ්‌චිදං භික්ඛවේ අලමේව සබ්‌බසංඛාරේසු නිබ්‌බින්‌දිතුං, අලං විරජ්‌ජිතුං, අලං විමුච්‌චිතුන්‌ති.

පින්වත් මහණෙනි, ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනකි. ආරම්භක කෙළවර දැක්ක නොහැකි දෙයකි. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැක්ක නොහැකිය.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. එක්තරා පුරුෂයෙක් මේ මහපොළොවේ ම පස්, පොඩි වෙරළු ගෙඩි ප්‍රමාණයට ගුලි කරනවා කියල හිතමු. පොඩි වෙරළු ගෙඩි ප්‍රමාණයට ගුලි කරල එක එක වෙන් කරනවා. ‘මේ තමයි මගේ තාත්තා. මේ ඒ තාත්ත ගේ තාත්තා’ කියල. නමුත් පින්වත් මහණෙනි, අර පුරුෂයාගේ පියා ගේ පියවරු පරපුර ක්ෂය නොවී තිබෙද්දී ම අවසන් නොවී තිබෙද්දී ම මේ මහා පොළොව ක්ෂය වෙලා යනවා. අවසන් වෙලා යනවා.

පින්වත් මහණෙනි, ඒකට හේතුව කුමක්ද? ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. අවිද්‍යාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු මේ සත්වයන් සුගති දුගතිවල සැරිසරමින් යන මේ ස්වභාවය ආරම්භක කෙළවරක් දැක්ක නොහැකි දෙයක්.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අති දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔබ විසින් අනේක දුක් අනුභව කරල තියෙනවා. තියුණු දුක් විඳල තියෙනවා. මහා විපත්වලට භාජනය වෙලා තියෙනවා. මේ මහා පොළොව නම් වූ සොහොන් පිටිය පුරවලා තියෙනවා. එම නිසා පින්වත් මහණෙනි, මේ හැම සංස්කාරයක් ගැන ම අවබෝධයෙන් යුතුව කළකිරෙන්න ම යි වටින්නේ. නොඇලෙන්න ම යි වටින්නේ. නිදහස් වෙන්න ම යි වටින්නේ.

සාදු! සාදු!! සාදු!!!

පඨවි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M