සැවැත් නුවරදී ……………
එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා …. (පෙ) …. එකත්පස්ව හිටිය ඒ භික්ෂුව, භාග්‍යවතුන් වහන්සේ ගෙන් මේ කරුණ විමසුවා. “ස්වාමීනි, කල්පය කියන්නේ කොයිතරම් දීර්ඝ කාලයකටද?”
“පින්වත් භික්ෂුව, කල්පය ඉතාමත් දිගයි. ඒක මෙච්චර කාලයක් ය කියල මෙච්චර අවුරුදු ගණනක් කියල, මෙච්චර අවුරුදු සිය ගණනක් කියල, මෙච්චර අවුරුදු දහස් ගණනක් කියල, මෙච්චර අවුරුදු ලක්ෂ ගණනක් කියල, ගණනින් කියන එක ලේසි වැඩක් නොවෙයි.”
“ස්වාමීනි, උපමාවකින් පෙන්නා දෙන්න පුළුවන්ද?”
“පින්වත් භික්ෂුව, ඒක පුළුවනි” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.
“පින්වත් භික්ෂුව, ඒක මේ වගේ දෙයක්. මහා ගල් පර්වතයක් තියනවා කියල හිතමු. ඒ පර්වතය යොදුනක් (සැතපුම් හතක්) දිගයි. යොදුනක් පළලයි. යොදුනක් පළලයි. යොදුනක් උසයි. සිදුරු නෑ. කුහර නෑ. ඒක ඝන පර්වතයක්. ඉතින් එක්තරා පුරුෂයෙක් අවුරුදු සියයකට වතාවක් සිනිඳු සේලයකින් ඒ ගල් පර්වතය වරින් වර පිස දමනවා. පින්වත් භික්ෂුව, ඉතින් ඔය ක්‍රමයෙන් ඒ මහා ගල් පර්වතය ඉක්මනට ම ගෙවිලා යනවා. අවසන් වෙලා යනවා. නමුත් කල්පය කියන්නේ එතරම් ඉක්මනින් ගෙවී අවසන් වන දෙයක් නොවේ.
පින්වත් භික්ෂුව, කල්පය යනු ඔය වගේ ඉතා දීර්ඝ දෙයක්. පින්වත් භික්ෂුව, ඔය ආකාරයට දීර්ඝ වූ කල්පයන් ගෙන් ගෙවිලා ගියේ එක කල්පයක් නම් නොවේ. ගෙවිලා ගියේ කල්ප සියයක් නොවේ. ගෙවිලා ගියේ කල්ප දහසක් නොවේ. ගෙවිලා ගියේ කල්ප ලක්ෂයක් නොවේ.
පින්වත් භික්ෂුව, ඒකට හේතුව කුමක්ද? ඉපදෙමින් මැරෙමින් යන මේ ස්වභාවය (සංසාරය) අවසන් නොවන ගමනක්. …. (පෙ) …. නිදහස් වෙන්න ම යි වටින්නේ.
සාදු! සාදු!! සාදු!!!
පබ්බත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M