සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, මේ ධාතු හතරක් තියෙනවා. මොනවා ද මේ ධාතු හතර? එනම් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන මේවායි.
පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා, මේ සතර මහා ධාතූන්ගේ හටගැනීමත්, අභාවයට පත්වීමත්, ආශ්වාදයත්, ආදීනවය (එහි අනිත්‍ය ස්වභාවය) ත්, නිස්සරණය (ඒ ගැන ඇති ඇල්ම නිරුද්ධ වීම) ත්, යථාර්ථයෙන්ම අවබෝධ නොකරයි නම් ….(පෙ)…. විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන වාසය කරන්නේ නෑ.
පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා, මේ සතර මහා ධාතූන්ගේ හටගැනීමත්, අභාවයට පත්වීමත්, ආශ්වාදයත්, ආදීනවය (එහි අනිත්‍ය ස්වභාවය) ත්, නිස්සරණය (ඒ ගැන ඇති ඇල්ම නිරුද්ධ වීම) ත්, යථාර්ථයෙන්ම අවබෝධ කළොත් නම් ….(පෙ)…. විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන වාසය කරනවා.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M