සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.4.10. තතිය සමණ බ්‍රාහ්මණ සුත්තං

2.4.10. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන වදාළ තෙවෙනි දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

යේ හි කේචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා පඨවිධාතුං නප්‌පජානන්‌ති, පඨවිධාතුසමුදයං නප්‌පජානන්‌ති, පඨවිධාතුනිරෝධං නප්‌පජානන්‌ති, පඨවිධාතුනිරෝධගාමිනිං පටිපදං නප්‌පජානන්‌ති. ….(පෙ)…. ආපෝධාතුං නප්‌පජානන්‌ති. ….(පෙ)…. තේජෝධාතුං නප්‌පජානන්‌ති. ….(පෙ)…. වායෝධාතුං නප්‌පජානන්‌ති, වායෝධාතුසමුදයං නප්‌පජානන්‌ති, වායෝධාතුනිරෝධං නප්‌පජානන්‌ති, වායෝධාතුනිරෝධගාමිනිං පටිපදං නප්‌පජානන්‌ති. න මේ තේ භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා සමණේසු වා සමණසම්‌මතා බ්‍රාහ්‌මණේසු වා බ්‍රාහ්‌මණසම්‌මතා. න ච පන තේ ආයස්‌මන්‌තෝ සාමඤ්‌ඤත්‌ථං වා බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථං වා දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌ති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා, පඨවි ධාතුව ගැන අවබෝධයක් නැත්නම්, පඨවි ධාතුවේ හට ගැනීම ගැන අවබෝධයක් නැත්නම්, පඨවි ධාතුව නිරුද්ධ වීම ගැන අවබෝධයක් නැත්නම්, පඨවි ධාතුව නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන අවබෝධයක් නැත්නම් ශ්‍රමණ ජිවිතයේ අර්ථවත් බවක් හෝ බ්‍රාහ්මණ ජීවිතයේ අර්ථවත් බවක් හෝ මේ ජීවිතය තුළදීම තමා තුළ ඇතිවුණ විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන වාසය කරන්නේ නෑ. ඒ වගේම ඒ ආයුෂ්මත්වරු ආපෝ ධාතුව ගැන අවබෝධයක් නැත්නම් ….(පෙ)…. තේජෝ ධාතුව ගැන අවබෝධයක් නැත්නම් ….(පෙ)…. වායෝ ධාතුව ගැන අවබෝධයක් නැත්නම් ….(පෙ)…. විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන වාසය කරන්නේ නෑ.

යේ ච ඛෝ කේචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා පඨවිධාතුං පජානන්‌ති, පඨවිධාතුසමුදයං පජානන්‌ති. පඨවිධාතුනිරෝධං පජානන්‌ති, පඨවිධාතුනිරෝධගාමිනිං පටිපදං පජානන්‌ති ….(පෙ)…. ආපෝධාතුං ….(පෙ)…. තේජෝධාතුං ….(පෙ)…. වායෝධාතුං පජානන්‌ති, වායෝධාතුසමුදයං පජානන්‌ති, වායෝධාතුනිරෝධං පජානන්‌ති, වායෝධාතුනිරෝධගාමිනිං පටිපදං පජානන්‌ති, තේ ච ඛෝ මේ භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා සමණේසු චේව සමණසම්‌මතා බ්‍රාහ්‌මණෙසු ච බ්‍රාහ්‌මණසම්‌මතා. තේ ච පනායස්‌මන්‌තෝ සාමඤ්‌ඤත්‌ථඤ්‌ච බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථඤ්‌ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌තී’ති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා, පඨවි ධාතුව ගැන අවබෝධයක් තියෙනවා නම්, පඨවි ධාතුවේ හට ගැනීම ගැන අවබෝධයක් තියෙනවා නම්, පඨවි ධාතුව නිරුද්ධ වීම ගැන අවබෝධයක් තියෙනවා නම්, පඨවි ධාතුව නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන අවබෝධයක් තියෙනවා නම් පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණයන්වත් ඒ බ්‍රාහ්මණයන්වත් සැබෑම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් බවට සම්මත වෙනවා. සැබෑම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයින් බවට සම්මත වෙනවා. ඒ වගේම ඒ ආයුෂ්මත්වරු ශ්‍රමණ ජීවිතයේ අර්ථවත් බවක් හෝ බ්‍රාහ්මණ ජීවිතයේ අර්ථවත් බවක් හෝ මේ ජීවිතය තුළදීම තමා තුළ ඇතිවුණ විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන වාසය කරනවා. ආපෝ ධාතුව ගැන අවබෝධයක් තියෙනවා නම් ….(පෙ)…. තේජෝ ධාතුව ගැන අවබෝධයක් තියෙනවා නම් ….(පෙ)…. වායෝ ධාතුව ගැන අවබෝධයක් තියෙනවා නම් ….(පෙ)…. විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන වාසය කරනවා.

සාදු! සාදු!! සාදු!!!

තතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

චතුධාතු වග්ගෝ චතුත්ථෝ.

හතර වෙනි චතුධාතු වර්ගය අවසන් විය.

තස්‌සුද්‌දානං.

චතුධාතුපුබ්බඅස්සාදා නෝ චේදඤ්ච දුක්‌ඛේන ච,
අභිනන්‌දනඤ්‌ච උප්පාදං තයෝ සමණබ්‍රාහ්‌මණාති.

ධාතුසංයුත්‌තං සමත්‌තං.

ධාතු සංයුත්තය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M