සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.4.8. සමණබ්‍රාහ්මණ සුත්තං

2.4.8. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

චතස්‌සෝ ඉමා භික්ඛවේ ධාතුයෝ. කතමා චතස්‌සෝ? පඨවිධාතු ආපෝධාතු තේජෝධාතු වායෝධාතු.

පින්වත් මහණෙනි, මේ ධාතු හතරක් තියෙනවා. මොනවා ද මේ ධාතු හතර? එනම් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන මේවායි.

යේ හි කේචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා ඉමාසං චතුන්‌නං ධාතූනං අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං නප්‌පජානන්‌ති. න මේ තේ භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා සමණේසු වා සමණසම්‌මතා, බ්‍රාහ්‌මණේසු වා බ්‍රාහ්‌මණසම්‌මතා. න ච පන තේ ආයස්‌මන්‌තෝ සාමඤ්‌ඤත්‌ථං වා බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථං වා දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌ති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා, මේ සතර මහා ධාතූන්ගේ ආශ්වාදයත්, ආදීනවය (එහි අනිත්‍ය ස්වභාවය) ත්, නිස්සරණය (ඒ ගැන ඇති ඇල්ම නිරුද්ධ වීම) ත්, යථාර්ථයෙන්ම අවබෝධ නොකරයි නම්, පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණයන්වත් ඒ බ්‍රාහ්මණයන්වත් සැබෑම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් බවට සම්මත වෙන්නේ නෑ. සැබෑම බ්‍රාහ්මණයින් අතර බ්‍රාහ්මණයින් බවට සම්මත වෙන්නේ නෑ. ඒ වගේම ඒ ආයුෂ්මත්වරු ශ්‍රමණ ජීවිතයේ අර්ථවත් බවක් හෝ බ්‍රාහ්මණ ජීවිතයේ අර්ථවත් බවක් හෝ මේ ජීවිතය තුළදීම තමා තුළ ඇතිවුණ විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන වාසය කරන්නේ නෑ.

යේ ච ඛෝ කේචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා ඉමාසං චතුන්‌නං ධාතූනං අස්‌සාදඤ්‌ච ආදීනවඤ්‌ච නිස්‌සරණඤ්‌ච යථාභූතං පජානන්‌ති, තේ ඛෝ මේ භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා සමණේසු චේව සමණසම්‌මතා බ්‍රාහ්‌මණේසු ච බ්‍රාහ්‌මණසම්‌මතා. තේ ච පනායස්‌මන්‌තෝ සාමඤ්‌ඤත්‌ථඤ්‌ච බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථඤ්‌ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌තී’ති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා, මේ සතර මහා ධාතූන්ගේ ආශ්වාදයත්, ආදීනවය (එහි අනිත්‍ය ස්වභාවය) ත්, නිස්සරණය (ඒ ගැන ඇති ඇල්ම නිරුද්ධ වීම) ත්, යථාර්ථයෙන්ම අවබෝධ කළොත් නම්, පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණවරුත් ඒ බ්‍රාහ්මණවරුත් සැබෑම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් බවට සම්මත වෙනවා. සැබෑම බ්‍රාහ්මණයින් අතර බ්‍රාහ්මණයින් බවට සම්මත වෙනවා. ඒ වගේම ඒ ආයුෂ්මත්වරු ශ්‍රමණ ජීවිතයේ අර්ථවත් බවක් හෝ බ්‍රාහ්මණ ජීවිතයේ අර්ථවත් බවක් හෝ මේ ජීවිතය තුළදීම තමා තුළ ඇතිවුණ විශිෂ්ට ඤාණයකින් අවබෝධ කරගෙන වාසය කරනවා.

සාදු! සාදු!! සාදු!!!

සමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M