සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.4.7. උප්පාද සුත්තං

2.4.7. ඉපදීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

යෝ භික්ඛවේ පඨවිධාතුයා උප්පාදෝ ඨිති අභිනිබ්‌බත්‌ති පාතුභාවෝ, දුක්‌ඛස්‌සේසෝ උප්පාදෝ, රෝගානං ඨිති, ජරාමරණස්‌ස පාතුභාවෝ. යෝ ආපෝධාතුයා ….(පෙ)…. යෝ තේජෝධාතුයා ….(පෙ)…. යෝ වායෝධාතුයා උප්පාදෝ ඨිති අභිනිබ්‌බත්‌ති පාතුභාවෝ, දුක්‌ඛස්‌සේසෝ උප්‌පාදෝ, රෝගානං ඨිති, ජරාමරණස්‌ස පාතුභාවෝ.

පින්වත් මහණෙනි, පඨවි ධාතුවෙහි යම් ඉපදීමක් වෙයි නම්, යම් පැවැත්මක් වෙයි නම්, යම් විශේෂ උපතක් වෙයි නම්, යම් පහළ වීමක් වෙයි නම්, ඒක තමයි දුකේ උපත. ඒක තමයි රෝගවල පැවැත්ම. ඒක තමයි ජරා-මරණයේ පහළ වීම. පින්වත් මහණෙනි, ආපෝ ධාතුවෙහි යම් ඉපදීමක් වෙයි නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, තේජෝ ධාතුවෙහි යම් ඉපදීමක් වෙයි නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, වායෝ ධාතුවෙහි යම් ඉපදීමක් වෙයි නම්, යම් පැවැත්මක් වෙයි නම්, යම් විශේෂ උපතක් වෙයි නම්, යම් පහළ වීමක් වෙයි නම්, ඒක තමයි දුකේ උපත. ඒක තමයි රෝගවල පැවැත්ම. ඒක තමයි ජරා-මරණයේ පහළ වීම.

යෝ ච ඛෝ භික්ඛවේ පඨවිධාතුයා නිරෝධෝ වූපසමෝ අත්ථංගමෝ දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ, රෝගානං වූපසමෝ, ජරාමරණස්‌ස අත්ථංගමෝ. යෝ ආපෝධාතුයා ….(පෙ)…. යෝ තේජෝධාතුයා ….(පෙ)…. යෝ වායෝධාතුයා නිරෝධෝ වූපසමෝ අත්ථංගමෝ, දුක්‌ඛස්‌සේසෝ නිරෝධෝ, රෝගානං වූපසමෝ, ජරාමරණස්‌ස අත්ථංගමෝ’ති.

පින්වත් මහණෙනි, පඨවි ධාතුවෙහි යම් නිරුද්ධ වීමක් ඇත්නම්, යම් සංසිඳීමක් ඇත්නම්, යම් නැති වීමක් ඇත්නම්, ඒක තමයි දුකේ නිරුද්ධ වීම. ඒක තමයි රෝගවල සංසිඳීම. ඒක තමයි ජරා-මරණයේ නැතිවීම. පින්වත් මහණෙනි, ආපෝ ධාතුවෙහි යම් නිරුද්ධ වීමක් ඇත්නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, තේජෝ ධාතුවෙහි යම් නිරුද්ධ වීමක් ඇත්නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, වායෝ ධාතුවෙහි යම් නිරුද්ධ වීමක් ඇත්නම්, යම් සංසිඳීමක් ඇත්නම්, යම් නැතිවීමක් ඇත්නම්, ඒක තමයි දුකේ නිරුද්ධ වීම. ඒක තමයි රෝගවල සංසිඳීම. ඒක තමයි ජරා-මරණයේ නැතිවීම.

සාදු! සාදු!! සාදු!!!

උප්පාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M