සැවැත් නුවරදී ……………
පින්වත් මහණෙනි, යම් කෙනෙක් (පොළොවට පස් වී යන ස්වභාවයට අයිති දේ) පඨවි ධාතුව සතුටින් පිළිගන්නවා නම්, ඇත්තෙන්ම ඔහු පිළි අරගෙන තියෙන්නේ දුකයි. යමෙක් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නම් නිදහස් වෙන්නේ නෑ කියලයි මං කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් (ජලයේ දිය වී යන ස්වභාවයට අයිති දේ) ආපෝ ධාතුව සතුටින් පිළිගන්නවා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් කෙනෙක් (උණුසුම් ස්වභාවයට අයිති දේ) තේජෝ ධාතුව සතුටින් පිළිගන්නවා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් කෙනෙක් (වායු ස්වභාවයට අයිති දේ) වායෝ ධාතුව සතුටින් පිළිගන්නවා නම්, ඇත්තෙන්ම ඔහු පිළි අරගෙන තියෙන්නේ දුකයි. යමෙක් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නම් නිදහස් වෙන්නේ නෑ කියලයි මං කියන්නේ.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් (පොළොවට පස් වී යන ස්වභාවයට අයිති දේ) පඨවි ධාතුව සතුටින් පිළිගන්නේ නැත්නම්, ඇත්තෙන්ම ඔහු නොපිළිගෙන තියෙන්නේ දුකයි. යමෙක් නොපිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් වෙලා යනවා කියලයි මං කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් (ජලයේ දිය වී යන ස්වභාවයට අයිති දේ) ආපෝ ධාතුව සතුටින් පිළිගන්නේ නැත්නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් කෙනෙක් (උණුසුම් ස්වභාවයට අයිති දේ) තේජෝ ධාතුව සතුටින් පිළිගන්නේ නැත්නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් කෙනෙක් (වායු ස්වභාවයට අයිති දේ) වායෝ ධාතුව සතුටින් පිළිගන්නේ නැත්නම්, ඇත්තෙන්ම ඔහු නොපිළිගෙන තියෙන්නේ දුකයි. යමෙක් නොපිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් වෙලා යනවා කියලයි මං කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
අභිනන්දන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M