සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.4.5. දුක්ඛ ලක්ඛණ සුත්තං

2.4.5. දුක ලකුණු වී තිබීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

පඨවිධාතු ච හිදං භික්ඛවේ ඒකන්‌තදුක්‌ඛා අභවිස්‌ස දුක්‌ඛානුපතිතා දුක්‌ඛාවක්‌කන්‌තා අනවක්‌කන්‌තා සුඛේන. නයිදං සත්‌තා පඨවිධාතුයා සාරජ්‌ජෙය්‍යුං. යස්‌මා ච ඛෝ භික්ඛවේ පඨවිධාතු සුඛා සුඛානුපතිතා සුඛාවක්‌කන්‌තා අනවක්‌කන්‌තා දුක්ඛේන, තස්‌මා සත්‌තා පඨවිධාතුයා සාරජ්‌ජන්‌ති.

ආපෝධාතු ච හිදං භික්ඛවේ ….(පෙ)…. තේජෝධාතු ච හිදං භික්ඛවේ ….(පෙ)…. වායෝධාතු ච හිදං භික්ඛවේ ඒකන්‌තදුක්‌ඛා අභවිස්‌ස දුක්‌ඛානුපතිතා දුක්‌ඛාවක්‌කන්‌තා අනවක්‌කන්‌තා සුඛේන, නයිදං සත්‌තා වායෝධාතුයා සාරජ්‌ජෙය්‍යුං. යස්‌මා ච ඛෝ භික්ඛවේ වායෝධාතු සුඛා සුඛානුපතිතා සුඛාවක්‌කන්‌තා අනවක්‌කන්‌තා දුක්‌ඛේන තස්‌මා සත්‌තා වායෝධාතුයා සාරජ්‌ජන්‌ති.

පින්වත් මහණෙනි, ඉදින් මේ පඨවි ධාතුව පවා ඒකාන්ත දුකක් වුණා නම්, දුක තුළටම වැටුණා නම්, දුක තුළම බැසගත්තා නම්, ඒ කියන්නේ සැපය තුළ නොබැසගත්තා නම් මේ සත්වයන් පඨවි ධාතුවට ඇලෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් හෙයකින් පඨවි ධාතුව සැපවත්ද, සැපයෙන් යුක්තද, සැප තුළ බැස ගන්නවාද, දුක තුළ නොබැස ගන්නවාද, ඒ නිසාම සත්වයන් පඨවි ධාතුවට ඇලී ඉන්නවා. පින්වත් මහණෙනි, ඉදින් මේ ආපෝ ධාතුව පවා ….(පෙ)…. පින්වත් මහණෙනි, තේජෝ ධාතුව පවා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් මේ වායෝ ධාතුව පවා ඒකාන්ත දුකක් වුණා නම්, දුක තුළටම වැටුණා නම්, දුක තුළම බැසගත්තා නම්, ඒ කියන්නේ සැපය තුළ නොබැසගත්තා නම් මේ සත්වයන් වායෝ ධාතුවට ඇලෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් හෙයකින් වායෝ ධාතුව සැපවත්ද, සැපයෙන් යුක්තද, සැප තුළ බැසගන්නවාද, දුක තුළ නොබැස ගන්නවාද, ඒ නිසාම සත්වයන් වායෝ ධාතුවට ඇලී ඉන්නවා.

පඨවිධාතු ච හිදං භික්ඛවේ ඒකන්‌තසුඛා අභවිස්‌ස සුඛානුපතිතා සුඛාවක්‌කන්‌තා අනවක්‌කන්‌තා දුක්ඛේන, නයිදං සත්‌තා පඨවිධාතුයා නිබ්‌බින්‌දෙය්‍යුං. යස්‌මා ච ඛෝ භික්ඛවේ පඨවිධාතු දුක්‌ඛා දුක්‌ඛානුපතිතා දුක්‌ඛාවක්‌කන්‌තා අනවක්‌කන්‌තා සුඛේන, තස්‌මා සත්‌තා පඨවිධාතුයා නිබ්‌බින්‌දන්‌ති.

ආපෝධාතු ච හිදං භික්ඛවේ ….(පෙ)…. තේජෝධාතු ච හිදං භික්ඛවේ ….(පෙ)…. වායෝධාතු ච හිදං භික්ඛවේ ඒකන්‌තසුඛා අභවිස්‌ස සුඛානුපතිතා සුඛාවක්‌කන්‌තා අනවක්‌කන්‌තා දුක්ඛේන, නයිදං සත්‌තා වායෝධාතුයා නිබ්‌බින්‌දෙය්‍යුං. යස්‌මා ච ඛෝ භික්ඛවේ වායෝධාතු දුක්‌ඛා දුක්‌ඛානුපතිතා දුක්‌ඛාවක්‌කන්‌තා අනවක්‌කන්‌තා සුඛේන, තස්‌මා සත්‌තා වායෝධාතුයා නිබ්‌බින්‌දන්‌තී’ති.

පින්වත් මහණෙනි, ඉදින් මේ පඨවි ධාතුව පවා ඒකාන්ත සැපක් වුණා නම්, සැප තුළටම වැටුණා නම්, සැප තුළම බැසගත්තා නම්, ඒ කියන්නේ දුක තුළ නොබැසගත්තා නම් මේ සත්වයන් පඨවි ධාතුවට කළකිරෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් හෙයකින් පඨවි ධාතුව දුකක්ද, දුකෙන් යුක්තද, දුක තුළ බැස ගන්නවාද, සැපය තුළ නොබැස ගන්නවාද, ඒ නිසාම සත්වයන් පඨවි ධාතුවට කළකිරෙනවා. පින්වත් මහණෙනි, ඉදින් මේ ආපෝ ධාතුව පවා ….(පෙ)…. පින්වත් මහණෙනි, තේජෝ ධාතුව පවා ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් මේ වායෝ ධාතුව පවා ඒකාන්ත සැපක් වුණා නම්, සැප තුළටම වැටුණා නම්, සැප තුළම බැසගත්තා නම්, ඒ කියන්නේ දුක තුළ නොබැස ගත්තා නම් මේ සත්වයන් වායෝ ධාතුවට කළකිරෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් හෙයකින් වායෝ ධාතුව දුකක් ද, දුකෙන් යුක්ත ද, දුක තුළ බැසගන්නවා ද, සැපය තුළ නොබැස ගන්නවා ද, ඒ නිසාම සත්වයන් වායෝ ධාතුවට කළකිරී ඉන්නවා.

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛ ලක්ඛණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M