සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.4.4. නෝචේදං සුත්තං

2.4.4. ‘එය නොතිබුණා නම්’ යනුවෙන් වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

නෝ චේදං භික්ඛවේ පඨවිධාතුයා අස්සාදෝ අභවිස්‌ස, නයිදං සත්‌තා පඨවිධාතුයං සාරජ්‌ජෙය්‍යුං. යස්‌මා ච ඛෝ භික්ඛවේ අත්‌ථි පඨවිධාතුයා අස්සාදෝ, තස්‌මා සත්‌තා පඨවිධාතුයා සාරජ්‌ජන්‌ති. නෝ චේදං භික්ඛවේ පඨවිධාතුයා ආදීනවෝ අභවිස්‌ස, නයිදං සත්‌තා පඨවිධාතුයා නිබ්‌බින්‌දෙය්‍යුං. යස්‌මා ච ඛෝ භික්ඛවේ අත්‌ථි පඨවිධාතුයා ආදීනවෝ, තස්‌මා සත්‌තා පඨවිධාතුයා නිබ්‌බින්‌දන්‌ති. නෝ චේදං භික්ඛවේ පඨවිධාතුයා නිස්‌සරණං අභවිස්‌ස, නයිදං සත්‌තා පඨවිධාතුයා නිස්‌සරෙය්‍යුං. යස්‌මා ච ඛෝ භික්ඛවේ අත්‌ථි පඨවිධාතුයා නිස්‌සරණං, තස්‌මා සත්‌තා පඨවිධාතුයා නිස්‌සරන්‌ති.

පින්වත් මහණෙනි, ඉදින් මේ පඨවි ධාතුව තුළ ආශ්වාදයක් නොතිබුණා නම් මේ සත්වයන් පඨවි ධාතුවට ඇලෙන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, මේ පඨවි ධාතුවෙහි ආශ්වාදයක් තියෙනවා. ඒ නිසාමයි සත්වයන් පඨවි ධාතුවට ඇලෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් මේ පඨවි ධාතුව තුළ ආදීනවයක් නොතිබුණා නම් මේ සත්වයන් පඨවි ධාතුව ගැන කළකිරෙන්නේ නම් නෑ. නමුත් පින්වත් මහණෙනි, මේ පඨවි ධාතුවේ ආදීනවයකුත් තියෙනවා. ඒ නිසාමයි සත්වයන්ට පඨවි ධාතුව එපා වෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් මේ පඨවි ධාතුවෙන් නිදහස් වීමක් නොතිබුණා නම් මේ සත්වයන් පඨවි ධාතුවෙන් නිදහස් වෙන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, මේ පඨවි ධාතුවෙන් නිදහස් වීමක් තියෙනවා. ඒ නිසාමයි සත්වයන් පඨවි ධාතුවෙන් නිදහස් වෙන්නේ.

නෝ චේදං භික්ඛවේ ආපෝධාතුයා අස්සාදෝ අභවිස්‌ස ….(පෙ)…. නිස්සරන්ති. නෝ චේදං භික්ඛවේ තේජෝධාතුයා අස්සාදෝ අභවිස්‌ස ….(පෙ)…. නිස්සරන්ති. නෝ චේදං භික්ඛවේ වායෝධාතුයා අස්සාදෝ අභවිස්‌ස, නයිදං සත්‌තා වායෝධාතුයා සාරජ්‌ජෙය්‍යුං. යස්‌මා ච ඛෝ භික්ඛවේ අත්‌ථි වායෝධාතුයා අස්සාදෝ, තස්‌මා සත්‌තා වායෝධාතුයා සාරජ්‌ජන්‌ති. නෝ චේදං භික්ඛවේ වායෝධාතුයා ආදීනවෝ අභවිස්‌ස, නයිදං සත්‌තා වායෝධාතුයා නිබ්‌බින්‌දෙය්‍යුං. යස්‌මා ච ඛෝ භික්ඛවේ අත්‌ථි වායෝධාතුයා ආදීනවෝ, තස්‌මා සත්‌තා වායෝධාතුයා නිබ්‌බින්‌දන්‌ති. නෝ චේදං භික්ඛවේ වායෝධාතුයා නිස්‌සරණං අභවිස්‌ස, නයිදං සත්‌තා වායෝධාතුයා නිස්‌සරෙය්‍යුං. යස්‌මා ච ඛෝ භික්ඛවේ අත්‌ථි වායෝධාතුයා නිස්‌සරණං, තස්‌මා සත්‌තා වායෝධාතුයා නිස්‌සරන්‌ති.

පින්වත් මහණෙනි, ඉදින් මේ ආපෝ ධාතුව තුළ ආශ්වාදයක් නොතිබුණා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් මේ තේජෝ ධාතුව තුළ ආශ්වාදයක් නොතිබුණා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් මේ වායෝ ධාතුව තුළ ආශ්වාදයක් නොතිබුණා නම් මේ සත්වයන් වායෝ ධාතුවට ඇලෙන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, මේ වායෝ ධාතුවෙහි ආශ්වාදයක් තියෙනවා. ඒ නිසාමයි සත්වයන් වායෝ ධාතුවට ඇලෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් මේ වායෝ ධාතුව තුළ ආදීනවයක් නොතිබුණා නම් මේ සත්වයන් වායෝ ධාතුව ගැන කළකිරෙන්නේ නම් නෑ. නමුත් පින්වත් මහණෙනි, මේ වායෝ ධාතුවේ ආදීනවයකුත් තියෙනවා. ඒ නිසාමයි සත්වයන්ට වායෝ ධාතුව එපා වෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් මේ වායෝ ධාතුවෙන් නිදහස් වීමක් නොතිබුණා නම් මේ සත්වයන් වායෝ ධාතුවෙන් නිදහස් වෙන්නේ නෑ. නමුත් පින්වත් මහණෙනි, මේ වායෝ ධාතුවෙන් නිදහස් වීමක් තියෙනවා. ඒ නිසාමයි සත්වයන් වායෝ ධාතුවෙන් නිදහස් වෙන්නේ.

යාවකීවඤ්‌ච භික්ඛවේ සත්‌තා ඉමාසං චතුන්‌නං ධාතූනං අස්‌සාදඤ්‌ච අස්‌සාදතෝ ආදීනවඤ්‌ච ආදීනවතෝ නිස්‌සරණඤ්‌ච නිස්‌සරණතෝ යථාභූතං නාබ්‌භඤ්‌ඤාසුං, නේව තාවිමේ භික්ඛවේ, සත්‌තා සදේවකා ලෝකා සමාරකා සබ්‍රහ්‌මකා සස්‌සමණබ්‍රාහ්‌මණී පජා සදේවමනුස්‌සා නිස්‌සටා විසඤ්ඤුත්‌තා විප්‌පමුත්‌තා විමරියාදිකතේන චේතසා විහරිංසු.

පින්වත් මහණෙනි, යම්තාක් කල් සත්වයන් මේ සතර මහා ධාතූන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනව ආදීනව වශයෙනුත්, නිදහස් වීම නිදහස් වීම වශයෙනුත්, යථාර්ථයෙන්ම අවබෝධ කළේ නැද්ද, පින්වත් මහණෙනි, ඒ තාක් කල්ම සත්වයන් මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත මේ දෙවි මිනිස් ප්‍රජාව තුළ වාසය කළේ නිදහස් නොවීමයි. වෙන් වෙලා නොවේමයි. මිදිලා නොවේමයි. කෙලෙස් සීමා නැති සිතින් නොවේමයි.

යතෝ ච ඛෝ භික්ඛවේ සත්‌තා ඉමාසං චතුන්‌නං ධාතූනං අස්‌සාදඤ්‌ච අස්‌සාදතෝ ආදීනවඤ්‌ච ආදීනවතෝ නිස්‌සරණඤ්‌ච නිස්‌සරණතෝ යථාභූතං අබ්‌භඤ්‌ඤාසුං, අථ භික්ඛවේ සත්‌තා සදේවකා ලෝකා සමාරකා සබ්‍රහ්‌මකා සස්‌සමණබ්‍රාහ්‌මණී පජා සදේවමනුස්‌සා නිස්‌සටා විසඤ්ඤුත්‌තා විප්‌පමුත්‌තා විමරියාදිකතේන චේතසා විහරන්‌තී’ති.

පින්වත් මහණෙනි, යම් විටෙක සත්වයන් මේ සතර මහා ධාතූන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනව ආදීනව වශයෙනුත්, නිදහස් වීම නිදහස් වීම වශයෙනුත්, යථාර්ථයෙන්ම අවබෝධ කළා නම්, පින්වත් මහණෙනි, එතකොට සත්වයන් මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත මේ දෙවි මිනිස් ප්‍රජාව තුළ වාසය කළේ නිදහස් වෙලාමයි. වෙන් වෙලාමයි. මිදිලාමයි. කෙලෙස් සීමා නැති සිතින්මයි.

සාදු! සාදු!! සාදු!!!

නෝ චේදං සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M