සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.4.3. අස්සාද පරියේසන සුත්තං

2.4.3. ආශ්වාදය විශේෂයෙන් අධ්‍යයනය කිරීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

පඨවිධාතුයාහං භික්ඛවේ අස්‌සාදපරියේසනං අචරිං. යෝ පඨවිධාතුයා අස්සාදෝ තදජ්‌ඣගමං. යාවතා පඨවිධාතුයා අස්සාදෝ. පඤ්‌ඤාය මේ සෝ සුදිට්‌ඨෝ. පඨවිධාතුයාහං භික්ඛවේ, ආදීනවපරියේසනං අචරිං. යෝ පඨවිධාතුයා ආදීනවෝ තදජ්‌ඣගමං. යාවතා පඨවිධාතුයා ආදීනවෝ පඤ්‌ඤාය මේ සෝ සුදිට්‌ඨෝ. පඨවිධාතුයාහං භික්ඛවේ නිස්‌සරණපරියේසනං අචරිං. යං පඨවිධාතුයා නිස්‌සරණං තදජ්‌ඣගමං. යාවතා පඨවිධාතුයා නිස්‌සරණං පඤ්‌ඤාය මේ තං සුදිට්‌ඨං.

පින්වත් මහණෙනි, මම පඨවි ධාතුව පිළිබඳව තිබෙන ආශ්වාදය විශේෂයෙන් අධ්‍යයනය කළා. එතකොට පඨවි ධාතුවට අයත් යම් ආශ්වාදයක් වේ නම් එය මට අවබෝධ වුණා. පඨවි ධාතුවට අයත් ආශ්වාදය යම්තාක් ඇත් ද එය මා ප්‍රඥාවෙන්මයි දැකගත්තේ. පින්වත් මහණෙනි, මම පඨවි ධාතුව පිළිබඳව තිබෙන ආදීනවය විශේෂයෙන් අධ්‍යයනය කළා. එතකොට පඨවි ධාතුවට අයත් යම් ආදීනවයක් වේ නම් එය මට අවබෝධ වුණා. පඨවි ධාතුවට අයත් ආදීනව යම්තාක් ඇත් ද එය මා ප්‍රඥාවෙන්මයි දැකගත්තේ.

පින්වත් මහණෙනි, මම පඨවි ධාතුවෙන් නිදහස් වීම විශේෂයෙන් අධ්‍යයනය කළා. එතකොට පඨවි ධාතුවෙන් යම් නිදහස් වීමක් වේ නම් එය මට අවබෝධ වුණා. පඨවි ධාතුවෙන් නිදහස් වීම යම්තාක් ඇත්ද එය මා ප්‍රඥාවෙන්මයි දැක ගත්තේ.

ආපෝධාතුයාහං භික්ඛවේ ….(පෙ)…. මේ තං සුදිට්‌ඨං. තේජෝධාතුයාහං භික්ඛවේ ….(පෙ)…. මේ තං සුදිට්‌ඨං. වායෝධාතුයාහං භික්ඛවේ අස්‌සාදපරියේසනං අචරිං. යෝ වායෝධාතුයා අස්සාදෝ තදජ්‌ඣගමං. යාවතා වායෝධාතුයා අස්සාදෝ පඤ්‌ඤාය මේ සෝ සුදිට්‌ඨෝ. වායෝධාතුයාහං භික්ඛවේ ආදීනවපරියේසනං අචරිං. යෝ වායෝධාතුයා ආදීනවෝ තදජ්‌ඣගමං. යාවතා වායෝධාතුයා ආදීනවෝ පඤ්‌ඤාය මේ සෝ සුදිට්‌ඨෝ. වායෝධාතුයාහං භික්ඛවේ නිස්‌සරණපරියේසනං අචරිං. යං වායෝධාතුයා නිස්‌සරණං තදජ්‌ඣගමං. යාවතා වායෝධාතුයා නිස්‌සරණං පඤ්‌ඤාය මේ තං සුදිට්‌ඨං.

පින්වත් මහණෙනි, මම ආපෝ ධාතුව පිළිබඳව තිබෙන ….(පෙ)…. පින්වත් මහණෙනි, තේජෝ ධාතුව පිළිබඳව තිබෙන ….(පෙ)…. පින්වත් මහණෙනි, වායෝ ධාතුව පිළිබඳව තිබෙන ආශ්වාදය විශේෂයෙන් අධ්‍යයනය කළා. එතකොට වායෝ ධාතුවට අයත් යම් ආශ්වාදයක් වේ නම් එය මට අවබෝධ වුණා. වායෝ ධාතුවට අයත් ආශ්වාදය යම්තාක් ඇත් ද එය මා ප්‍රඥාවෙන්මයි දැකගත්තේ. පින්වත් මහණෙනි, මම වායෝ ධාතුව පිළිබඳව තිබෙන ආදීනවය විශේෂයෙන් අධ්‍යයනය කළා. එතකොට වායෝ ධාතුවට අයත් යම් ආදීනවයක් වේ නම් එය මට අවබෝධ වුණා. වායෝ ධාතුවට අයත් ආදීනව යම්තාක් ඇත් ද එය මා ප්‍රඥාවෙන්මයි දැකගත්තේ. පින්වත් මහණෙනි, මම වායෝ ධාතුවෙන් නිදහස් වීම විශේෂයෙන් අධ්‍යයනය කළා. එතකොට වායෝ ධාතුවෙන් යම් නිදහස් වීමක් වේ නම් එය මට අවබෝධ වුණා. වායෝ ධාතුවෙන් නිදහස් වීම යම්තාක් ඇත් ද එය මා ප්‍රඥාවෙන්මයි දැකගත්තේ.

යාවකීවඤ්‌චාහං භික්ඛවේ ඉමාසං චතුන්‌නං ධාතූනං අස්‌සාදඤ්‌ච අස්‌සාදතෝ ආදීනවඤ්‌ච ආදීනවතෝ නිස්‌සරණඤ්‌ච නිස්‌සරණතෝ යථාභූතං නාබ්‌භඤ්‌ඤාසිං, නේව තාවාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්‌මකේ සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදේවමනුස්‌සාය අනුත්‌තරං සම්‌මාසම්‌බෝධිං අභිසම්‌බුද්‌ධෝ පච්‌චඤ්‌ඤාසිං.

පින්වත් මහණෙනි, මම යම්තාක් මේ සතර මහා ධාතූන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනව ආදීනව වශයෙනුත්, නිදහස් වීම නිදහස් වීම වශයෙනුත් යථාර්ථයෙන්ම අවබෝධ නොකළා නම් ඒ තාක් කල්ම පින්වත් මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත මේ දෙවි මිනිස් ප්‍රජාව තුළ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ බවට මා ප්‍රතිඥා දුන්නේ නෑ.

යතෝ ච ඛෝ’හං භික්ඛවේ ඉමාසං චතුන්‌නං ධාතූනං අස්‌සාදඤ්‌ච අස්‌සාදතෝ ආදීනවඤ්‌ච ආදීනවතෝ නිස්‌සරණඤ්‌ච නිස්‌සරණතෝ යථාභූතං අබ්‌භඤ්‌ඤාසිං අථාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්‌මකේ සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදේවමනුස්‌සාය අනුත්‌තරං සම්‌මාසම්‌බෝධිං අභිසම්‌බුද්‌ධෝ පච්‌චඤ්‌ඤාසිං. ඤාණඤ්‌ච පන මේ දස්‌සනං උදපාදි. අකුප්‌පා මේ චේතෝ විමුත්‌ති. අයමන්‌තිමා ජාති. නත්‌ථි දානි පුනබ්‌භවෝ’ති.

පින්වත් මහණෙනි, මම යම්තාක් මේ සතර මහා ධාතූන්ගේ ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනව ආදීනව වශයෙනුත්, නිදහස් වීම නිදහස් වීම වශයෙනුත් යථාර්ථයෙන්ම අවබෝධ කළා නම් එතකොට තමයි පින්වත් මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත මේ දෙවි මිනිස් ප්‍රජාව තුළ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කළ බවට මා ප්‍රතිඥා දුන්නේ. මා හට ඥාන දර්ශනය පහළ වුණා. මාගේ මේ අරහත් ඵල විමුක්තිය නොවෙනස් වන දෙයක්. මේ අවසාන උපතයි. ආයෙත් නම් මට පුනර්භවයක් නෑ.

සාදු! සාදු!! සාදු!!!

අස්සාද පරියේසන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M