සැවැත් නුවරදී …………….
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ, ධාතු ස්වභාවයකින්. සතුන් මරණ උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සතුන් මරණය උදවිය එක්කමයි. සොරකම් කරන උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සොරකම් කරන උදවිය එක්කමයි. වැරදි කාම සේවනයේ යෙදෙන උදවිය ….(පෙ)…. බොරු කියන උදවිය ….(පෙ)…. ප්‍රමාදයට හේතුවන සුරාපාන ආදියත් මත්ද්‍රව්‍යත් පානය කරන උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රමාදයට හේතු වන සුරාපානය ආදියත් මත්ද්‍රව්‍යත් පානය කරන උදවිය එක්කමයි.
සතුන් මැරීමෙන් වැළකී සිටින උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සතුන් මැරීමෙන් වැළකී සිටින උදවිය එක්කමයි. සොරකම් කිරීමෙන් වැළකී සිටින උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සොරකම් කිරීමෙන් වැළකී සිටින උදවිය එක්කමයි. වැරදි කාම සේවනයේ යෙදීමෙන් වැළකී සිටින උදවිය….(පෙ)…. බොරු කීමෙන් වැළකී සිටින උදවිය ….(පෙ)…. ප්‍රමාදයට හේතුවන සුරාපාන ආදියත් මත්ද්‍රව්‍යත් පානය කිරීමෙන් වැළකී සිටින උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රමාදයට හේතු වන සුරාපානය ආදියත් මත්ද්‍රව්‍යත් පානය කිරීමෙන් වැළකී සිටින උදවිය එක්කමයි.
සාදු! සාදු!! සාදු!!!
පඤ්ච සික්ඛාපද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M