සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.3.2. දුස්සීල සුත්තං

2.3.2. දුස්සීල වීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

ධාතුසෝව භික්ඛවේ සත්‌තා සංසන්‌දන්‌ති සමෙන්‌ති. අස්‌සද්‌ධා අස්‌සද්ධේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. අහිරිකා අහිරිකේහි සද්‌ධිං ….(පෙ)…. අනොත්තාපිනෝ අනොත්තාපීහි සද්‌ධිං ….(පෙ)…. දුස්‌සීලා දුස්‌සීලේහි සද්‌ධිං ….(පෙ)…. දුප්‌පඤ්‌ඤා දුප්‌පඤ්‌ඤේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති.

පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ, ධාතු ස්වභාවයකින්. සැදැහැවත් නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැවත් නැති උදවිය එක්කමයි. පවට ලැජ්ජා නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට ලැජ්ජා නැති උදවිය එක්කමයි. පවට භය නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට භය නැති උදවිය එක්කමයි. ….(පෙ)…. දුස්සීල උදවිය ….(පෙ)…. අඥාන උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ අඥාන උදවිය එක්කමයි.

සද්‌ධා සද්ධේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. හිරිමනා හිරිමනේහි සද්‌ධිං ….(පෙ)…. ඔත්‌තා‌පිනෝ ඔත්‌තාපීහි සද්‌ධිං ….(පෙ)…. සීලවන්‌තෝ සීලවන්‌තේහි සද්‌ධිං ….(පෙ)…. පඤ්‌ඤවන්‌තෝ පඤ්‌ඤවන්‌තේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌තී’ති.

සැදැහැවත් උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැවත් උදවිය එක්කමයි. පවට ලැජ්ජා ඇති ….(පෙ)…. පවට භය ඇති ….(පෙ)…. සිල්වත් ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවිය එක්කමයි.

සාදු! සාදු!! සාදු!!!

දුස්සීල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M