සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.3.1. අසමාහිත සුත්තං

2.3.1. සමාහිත නොවීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී …………..

ධාතුසෝව භික්ඛවේ සත්‌තා සංසන්‌දන්‌ති සමෙන්‌ති. අස්‌සද්‌ධා අස්‌සද්ධේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. අහිරිකා අහිරිකේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. අනොත්තාපිනෝ අනොත්තාපීහි සද්‌ධිං ….(පෙ)…. අසමාහිතා අසමාහිතේහි සද්ධිං ….(පෙ)…. දුප්‌පඤ්‌ඤා දුප්‌පඤ්‌ඤේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති.

පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ, ධාතු ස්වභාවයකින්. සැදැහැවත් නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැවත් නැති උදවිය එක්කමයි. පවට ලැජ්ජා නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට ලැජ්ජා නැති උදවිය එක්කමයි. පවට භය නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට භය නැති උදවිය එක්කමයි. ….(පෙ)…. අසමාහිත සිත් ඇති උදවිය ….(පෙ)…. අඥාන උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ අඥාන නැති උදවිය එක්කමයි.

සද්‌ධා සද්ධේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. හිරිමනා හිරිමනේහි සද්‌ධිං ….(පෙ)…. ඔත්‌තාපිනෝ ඔත්‌තාපීහි සද්‌ධිං ….(පෙ)…. සමාහිතා සමාහිතේහි සද්‌ධිං ….(පෙ)…. පඤ්‌ඤවන්‌තෝ පඤ්‌ඤවන්‌තේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌තී’ති.

සැදැහැවත් උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැවත් උදවිය එක්කමයි. පවට ලැජ්ජා ඇති ….(පෙ)…. පවට භය ඇති ….(පෙ)…. සමාහිත සිත් ඇති ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවිය එක්කමයි.

සාදු! සාදු!! සාදු!!!

අසමාහිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M