සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.2.12. කුසීත මූලක තිකේක සුත්තං

2.2.12. හීන වීර්යය මුල්කොට කරුණු තුනකින් යුතුව එකක් වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………………

ධාතුසෝව භික්ඛවේ සත්‌තා සංසන්‌දන්‌ති සමෙන්‌ති. කුසීතා කුසීතේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. මුට්‌ඨස්‌සතිනෝ මුට්‌ඨස්‌සතීහි සද්‌ධිං ….(පෙ)…. දුප්‌පඤ්‌ඤා දුප්‌පඤ්‌ඤේහි සද්‌ධිං ….(පෙ)…. ආරද්‌ධවිරියා ආරද්‌ධවිරියේහි සද්‌ධිං ….(පෙ)…. උපට්‌ඨිතසතිනෝ උපට්‌ඨිතසතීහි සද්‌ධිං ….(පෙ)…. පඤ්‌ඤවන්‌තෝ පඤ්‌ඤවන්‌තේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. අතීතම්‌පි භික්ඛවේ අද්‌ධානං ….(පෙ)…. අනාගතම්‌පි භික්ඛවේ අද්‌ධානං ….(පෙ)…. ඒතරහිපි භික්ඛවේ පච්‌චුප්‌පන්‌නං අද්‌ධානං ….(පෙ)…. කුසීතා ….(පෙ)…. මුට්ඨස්සතිනෝ ….(පෙ)…. දුප්‌පඤ්‌ඤා ….(පෙ)…. ආරද්ධවිරියා ….(පෙ)…. උපට්ඨිතසතිනෝ ….(පෙ)…. පඤ්‌ඤවන්‌තෝ පඤ්‌ඤවන්‌තේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌තී’ති.

පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. දහමේ හැසිරෙන්නට වීරිය නැති උදවිය ….(පෙ)…. සිහි මුලා වූ උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට පටන්ගත් වීරිය ඇති උදවිය ….(පෙ)…. සතිපට්ඨානය වඩන උදවිය …(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා දහමේ හැසිරෙන්නට වීරිය නැති උදවිය ….(පෙ)…. සිහි මුලා වූ උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට පටන්ගත් වීරිය ඇති උදවිය ….(පෙ)…. සතිපට්ඨානය වඩන උදවිය …(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.

සාදු! සාදු!! සාදු!!!

කුසීත මූලක තිකේක සූත්‍රය නිමා විය.

සත්තධාතු වග්ගෝ දුතියෝ.

දෙවෙනි සත්තධාතු වර්ගය අවසන් විය.

තත්‍රැද්‌දානං.

සත්‌තධාතු සනිදානං ගිඤ්‌ජකාවසථේන ච,
හීනාධිමුත්‌ති චංකමං සගාථාස්‌සද්‌ධසත්‌තමං.
අස්‌සද්‌ධමූලකා පඤ්‌ච චත්‌තාරි අහිරිකමූලකා,
අනොත්‌තාපමූලකා තීණි දුවේ අප්‌පස්‌සුතේන ච.
කුසීතං ඒකකං වුත්‌තං සුත්‌තන්‌තා තීණි පඤ්‌චකා’ති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-2-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M