සැවැත් නුවරදී …………….
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. දහම දැනඋගත් නැති උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට වීරිය නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. දහම දැනඋගත් උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට පටන් ගත් වීරිය ඇති උදවිය ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා දහම දැනඋගත් නැති උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට වීරිය නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. දහම දැනඋගත් උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට පටන් ගත් වීරිය ඇති උදවිය ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.
(පළමුවන කරුණු තුනයි)
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. දහම දැනඋගත් නැති උදවිය ….(පෙ)…. සිහි මුලා වූ උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. දහම දැනඋගත් උදවිය ….(පෙ)…. සතිපට්ඨානය වඩන උදවිය …(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා දහම දැනඋගත් නැති උදවිය ….(පෙ)…. සිහි මුලා වූ උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. දහම දැනඋගත් උදවිය ….(පෙ)…. සතිපට්ඨානය වඩන උදවිය …(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.
(දෙවන කරුණු තුනයි)
සාදු! සාදු!! සාදු!!!
අප්පස්සුත මූලක තිකද්වය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-2-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M