සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.3.4. සත්ත කම්මපථ සුත්තං

2.3.4. කර්ම රැස්වෙන මාර්ග හත ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං…..

සැවැත් නුවරදී …………….

ධාතුසෝව භික්ඛවේ සත්‌තා සංසන්‌දන්‌ති සමෙන්‌ති. පාණාතිපාතිනෝ පාණාතිපාතීහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. අදින්‌නාදායිනෝ අදින්‌නාදායීහි සද්‌ධිං ….(පෙ)…. කාමේසුමිච්‌ඡාචාරිනෝ කාමේසුමිච්‌ඡාචාරීහි සද්‌ධිං ….(පෙ)…. මුසාවාදිනෝ මුසාවාදීහි සද්‌ධිං ….(පෙ)…. පිසුණවාචා පිසුණවාචේහි සද්‌ධිං ….(පෙ)…. ඵරුසවාචා ඵරුසවාචේහි සද්‌ධිං ….(පෙ)…. සම්‌ඵප්‌පලාපිනෝ සම්‌ඵප්‌පලාපීහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති.

පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ, ධාතු ස්වභාවයකින්. සතුන් මරණ උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සතුන් මරණය උදවිය එක්කමයි. සොරකම් කරන උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සොරකම් කරන උදවිය එක්කමයි. වැරදි කාම සේවනයේ යෙදෙන උදවිය ….(පෙ)…. බොරු කියන උදවිය ….(පෙ)…. කේළාම් කියන උදවිය ….(පෙ)…. පරුෂ වචන කියන උදවිය ….(පෙ)…. නිසරු දේ දොඩමින් සිටින උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ නිසරු දේ දොඩමින් සිටින උදවිය එක්කමයි.

පාණාතිපාතා පටිවිරතා ….(පෙ)…. අදින්‌නාදානා පටිවිරතා ….(පෙ)…. කාමේසුමිච්‌ඡාචාරා පටිවිරතා ….(පෙ)…. මුසාවාදා පටිවිරතා ….(පෙ)…. පිසුණාය වාචාය පටිවිරතා ….(පෙ)…. ඵරුසාය වාචාය පටිවිරතා ….(පෙ)…. සම්‌ඵප්‌පලාපා පටිවිරතා සම්‌ඵප්‌පලාපා පටිවිරතේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌තී’ති.

සතුන් මැරීමෙන් වැළකී සිටින උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සතුන් මැරීමෙන් වැළකී සිටින උදවිය එක්කමයි. සොරකම් කිරීමෙන් වැළකී සිටින උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සොරකම් කිරීමෙන් වැළකී සිටින උදවිය එක්කමයි. වැරදි කාම සේවනයේ යෙදීමෙන් වැළකී සිටින උදවිය ….(පෙ)…. බොරු කීමෙන් වැළකී සිටින උදවිය ….(පෙ)…. කේළාම් කීමෙන් වැළකී සිටින උදවිය ….(පෙ)…. පරුෂ වචනයෙන් වැළකී සිටින උදවිය ….(පෙ)…. නිසරු දේ දෙඩීමෙන් වැළකී සිටින උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ නිසරු දේ දෙඩීමෙන් වැළකී සිටින උදවිය එක්කමයි.

සාදු! සාදු!! සාදු!!!

සත්ත කම්මපථ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M