සැවැත් නුවරදී ……………….
පින්වත් මහණෙනි, මේ සත්වයන් ධාතු ස්වභාව වශයෙනුයි සැසඳී යන්නේ, එකට එකතු වෙන්නේ. සැදැහැ නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැ නැති උදවියත් එක්කමයි. පවට ලැජ්ජා නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට ලැජ්ජා නැති උදවියත් එක්කමයි. විපාකයට භය නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ විපාකයට භය නැති උදවියත් එක්කමයි. දහම ගැන දැනඋගත් නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ දහම ගැන දැනඋගත් නැති උදවියත් එක්කමයි. දහමේ හැසිරෙන්නට කුසීත වූ උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ දහමේ හැසිරෙන්නට කුසීත වූ උදවියත් එක්කමයි. සිහි මුලා වූ උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සිහි මුලා වූ උදවියත් එක්කමයි. අඥාන උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ අඥාන උදවියත් එක්කමයි.
පින්වත් මහණෙනි, අතීත කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. සැදැහැ නැති උදවිය අගේට පෑහිලා ගියේ, එකතු වෙලා ගියේ සැදැහැ නැති උදවියත් එක්කමයි. පවට ලැජ්ජා නැති උදවිය අගේට පෑහිලා ගියේ, එකතු වෙලා ගියේ පවට ලැජ්ජා නැති උදවියත් එක්කමයි. විපාකයට භය නැති උදවිය අගේට පෑහිලා ගියේ, එකතු වෙලා ගියේ විපාකයට භය නැති උදවියත් එක්කමයි. දහම ගැන දැනඋගත් නැති උදවිය අගේට පෑහිලා ගියේ, එකතු වෙලා ගියේ දහම ගැන දැනඋගත් නැති උදවියත් එක්කමයි. දහමේ හැසිරෙන්නට කුසීත වූ උදවිය අගේට පෑහිලා ගියේ, එකතු වෙලා ගියේ දහමේ හැසිරෙන්නට කුසීත වූ උදවියත් එක්කමයි. සිහි මුලා වූ උදවිය අගේට පෑහිලා ගියේ, එකතු වෙලා ගියේ සිහි මුලා වූ උදවියත් එක්කමයි. අඥාන උදවිය අගේට පෑහිලා ගියේ, එකතු වෙලා ගියේ අඥාන උදවියත් එක්කමයි.
පින්වත් මහණෙනි, අනාගත කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නෙ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. සැදැහැ නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැ නැති උදවියත් එක්කමයි. පවට ලැජ්ජා නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට ලැජ්ජා නැති උදවියත් එක්කමයි. විපාකයට භය නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ විපාකයට භය නැති උදවියත් එක්කමයි. දහම ගැන දැනඋගත් නැති උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට කුසීත වූ උදවිය ….(පෙ)…. සිහි මුලා වූ උදවිය ….(පෙ)…. අඥාන උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ අඥාන උදවියත් එක්කමයි.
පින්වත් මහණෙනි, වර්තමාන කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නෙ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. සැදැහැ නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැ නැති උදවියත් එක්කමයි. පවට ලැජ්ජා නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට ලැජ්ජා නැති උදවියත් එක්කමයි. විපාකයට භය නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ විපාකයට භය නැති උදවියත් එක්කමයි. දහම ගැන දැනඋගත් නැති උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට කුසීත වූ උදවිය ….(පෙ)…. සිහි මුලා වූ උදවිය ….(පෙ)…. අඥාන උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ අඥාන උදවියත් එක්කමයි. පින්වත් මහණෙනි, මේ සත්වයන් ධාතු ස්වභාව වශයෙනුයි සැසඳී යන්නේ, එකට එකතු වෙන්නේ. සැදැහැ ඇති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැ ඇති උදවියත් එක්කමයි. පවට ලැජ්ජා ඇති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට ලැජ්ජා ඇති උදවියත් එක්කමයි. විපාකයට භය ඇති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ විපාකයට භය ඇති උදවියත් එක්කමයි. දහම ගැන දැනඋගත් උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ දහම ගැන දැනඋගත් උදවියත් එක්කමයි. දහමේ හැසිරෙන්නට පටන් ගත් වීර්යය ඇති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ දහමේ හැසිරෙන්නට පටන් ගත් වීර්යය ඇති උදවියත් එක්කමයි. සතිපට්ඨානය වඩන උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සතිපට්ඨානය වඩන උදවියත් එක්කමයි. ප්රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්රඥාවන්ත උදවියත් එක්කමයි.
පින්වත් මහණෙනි, අතීත කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. සැදැහැවත් උදවිය ….(පෙ)…. ප්රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්රඥාවන්ත උදවියත් එක්කමයි.
සාදු! සාදු!! සාදු!!!
අස්සද්ධ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M