සැවැත් නුවරදී ………………
පින්වත් මහණෙනි, මේ සත්වයන් ධාතු ස්වභාව වශයෙනුයි සැසඳී යන්නේ, එකට එකතු වෙන්නේ. සැදැහැ නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැ නැති උදවියත් එක්කමයි. පවට ලැජ්ජා නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට ලැජ්ජා නැති උදවියත් එක්කමයි. ප්‍රඥාව නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාව නැති අදවියත් එක්ක ම යි. සැදැහැ ඇති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ සැදැහැ ඇති උදවියත් එක්කමයි. පවට ලැජ්ජා ඇති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ පවට ලැජ්ජා ඇති උදවියත් එක්කමයි. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.
පින්වත් මහණෙනි, අතීත කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ එකතු වෙලායන්නේ ධාතු ස්වභාවයකින්. සැදැහැ නැති උදවිය ….(පෙ)…. පවට ලැජ්ජා නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. සැදැහැවත් උදවිය ….(පෙ)…. පවට ලැජ්ජා ඇති උදවිය ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.
(පළමු වන කරුණු තුනයි)
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. සැදැහැ නැති උදවිය සැදැහැ නැති උදවිය ….(පෙ)…. විපාකයට භය නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. සැදැහැවත් උදවිය ….(පෙ)…. විපාකයට භය ඇති උදවිය ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා සැදැහැ නැති උදවිය ….(පෙ)…. විපාකයට භය නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. සැදැහැවත් උදවිය ….(පෙ)…. විපාකයට භය ඇති උදවිය ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.
(දෙවන කරුණු තුනයි)
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. සැදැහැ නැති උදවිය ….(පෙ)…. දහම දැනඋගත් නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. සැදැහැවත් උදවිය ….(පෙ)…. දහම දැන උගත් උදවිය ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා සැදැහැ නැති උදවිය ….(පෙ)…. දහම දැනඋගත් නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. සැදැහැවත් උදවිය ….(පෙ)…. දහම දැන උගත් උදවිය ….(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.
(තුන්වන කරුණු තුනයි)
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. සැදැහැ නැති උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට වීරිය නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. සැදැහැවත් උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට වීරිය ඇති උදවිය …(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා සැදැහැ නැති උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට වීරිය නැති උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. සැදැහැවත් උදවිය ….(පෙ)…. දහමේ හැසිරෙන්නට වීරිය ඇති උදවිය …(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.
(හතරවන කරුණු තුනයි)
පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. සැදැහැ නැති උදවිය ….(පෙ)…. සිහි මුලා වූ උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. සැදැහැවත් උදවිය ….(පෙ)…. සතිපට්ඨානය වඩන උදවිය උදවිය …(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි. පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ එකතු වෙලා ගියේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, අනාගතයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ ධාතු ස්වභාවයකින්. ….(පෙ)…. පින්වත් මහණෙනි, වර්තමානයේදී පවා සැදැහැ නැති උදවිය ….(පෙ)…. සිහි මුලා වූ උදවිය ….(පෙ)…. අඥාන උදවිය ….(පෙ)…. සැදැහැවත් උදවිය ….(පෙ)…. සතිපට්ඨානය වඩන උදවිය උදවිය …(පෙ)…. ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වෙලා යන්නේ ප්‍රඥාවන්ත උදවියත් එක්කමයි.
(පස්වන කරුණු තුනයි)
සාදු! සාදු!! සාදු!!!
අස්සද්ධ මූලක තික පංච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M