සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.2.5. චංකම සුත්තං

2.2.5. සක්මන් කිරීම වදාළ දෙසුම

ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්‌ඣකූටේ පබ්‌බතේ. තේන ඛෝ පන සමයේන ආයස්‌මා සාරිපුත්‌තෝ සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං භගවතෝ අවිදූරේ චංකමති. ආයස්‌මාපි ඛෝ මහාමොග්‌ගල්‌ලානෝ සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං භගවතෝ අවිදූරේ චංකමති. ආයස්‌මාපි ඛෝ මහාකස්‌සපෝ සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං භගවතෝ අවිදූරේ චංකමති. ආයස්‌මාපි ඛෝ අනුරුද්‌ධෝ සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං භගවතෝ අවිදූරේ චංකමති. ආයස්‌මාපි ඛෝ පුණ්‌ණෝ මන්‌තානිපුත්‌තෝ සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං භගවතෝ අවිදූරේ චංකමති. ආයස්‌මාපි ඛෝ උපාලි සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං භගවතෝ අවිදූරේ චංකමති. ආයස්‌මාපි ඛෝ ආනන්‌දෝ සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං භගවතෝ අවිදූරේ චංකමති. දේවදත්‌තෝපි ඛෝ සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං භගවතෝ අවිදූරේ චංකමති.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ගිජුකුළු කඳු මුදුනේය. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ බොහෝ භික්ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් සක්මන් කරමින් හිටියා. ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේත් බොහෝ භික්ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් සක්මන් කරමින් හිටියා. ආයුෂ්මත් මහා කස්සපයන් වහන්සේත් බොහෝ භික්ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් සක්මන් කරමින් හිටියා. ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේත් බොහෝ භික්ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් සක්මන් කරමින් හිටියා. ආයුෂ්මත් මන්තාණි පුත්ත පුණ්ණයන් වහන්සේත් බොහෝ භික්ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් සක්මන් කරමින් හිටියා. ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේත් බොහෝ භික්ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් සක්මන් කරමින් හිටියා. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේත් බොහෝ භික්ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් සක්මන් කරමින් හිටියා. දේවදත්තයන් ද බොහෝ භික්ෂූන් සමඟ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් සක්මන් කරමින් හිටියා.

අථ ඛෝ භගවා භික්‌ඛූ ආමන්තේසි. පස්‌සථ නෝ තුම්හේ භික්ඛවේ, සාරිපුත්‌තං සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං චංකමන්‌තන්‌ති? ඒවං භන්තේ. සබ්බේ ඛෝ ඒතේ භික්ඛවේ භික්‌ඛූ මහාපඤ්‌ඤා.

ඉතින් එදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාළා. “පින්වත් මහණෙනි, ඔය පින්වත් සාරිපුත්තයන් බොහෝ භික්ෂූන් සමඟ සක්මන් කරන අයුරු ඔබ දකිනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනාම මහා ප්‍රඥාවන්තයි.

පස්‌සථ නෝ තුම්හේ භික්ඛවේ මොග්ගල්‌ලානං සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං චංකමන්‌තන්‌ති? ඒවං භන්තේ. සබ්බේ ඛෝ ඒතේ භික්ඛවේ භික්‌ඛූ මහිද්‌ධිකා.

පින්වත් මහණෙනි, ඔය පින්වත් මොග්ගල්ලානයන් බොහෝ භික්ෂූන් සමඟ සක්මන් කරන අයුරු ඔබ දකිනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනාම මහා ඉර්ධිබලයෙන් යුක්තයි.

පස්‌සථ නෝ තුම්හේ භික්ඛවේ කස්‌සපං සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං චංකමන්‌තන්‌ති? ඒවං භන්තේ. සබ්බේ ඛෝ ඒතේ භික්ඛවේ භික්‌ඛූ ධුතවාදා.

පින්වත් මහණෙනි, ඔය පින්වත් කස්සපයන් බොහෝ භික්ෂූන් සමඟ සක්මන් කරන අයුරු ඔබ දකිනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනාම ධූතාංගයන්ගෙන් යුක්තයි.

පස්‌සථ නෝ තුම්හේ භික්ඛවේ අනුරුද්‌ධං සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං චංකමන්‌තන්‌ති? ඒවං භන්තේ. සබ්බේ ඛෝ ඒතේ භික්ඛවේ භික්‌ඛූ දිබ්‌බචක්‌ඛුකා.

පින්වත් මහණෙනි, ඔය පින්වත් අනුරුද්ධයන් බොහෝ භික්ෂූන් සමඟ සක්මන් කරන අයුරු ඔබ දකිනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනාම දිවැස් නුවණින් යුක්තයි.

පස්‌සථ නෝ තුම්හේ භික්ඛවේ පුණ්‌ණං මන්‌තානිපුත්‌තං සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං චංකමන්‌තන්‌ති? ඒවං භන්තේ. සබ්බේ ඛෝ ඒතේ භික්ඛවේ භික්‌ඛූ ධම්‌මකථිකා.

පින්වත් මහණෙනි, ඔය පින්වත් මන්තානිපුත්ත පුණ්ණයන් බොහෝ භික්ෂූන් සමඟ සක්මන් කරන අයුරු ඔබ දකිනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනාම ධර්ම කථිකයි.

පස්‌සථ නෝ තුම්හේ භික්ඛවේ උපාලිං සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං චංකමන්‌තන්‌ති? ඒවං භන්තේ. සබ්බේ ඛෝ ඒතේ භික්ඛවේ භික්‌ඛූ විනයධරා.

පින්වත් මහණෙනි, ඔය පින්වත් උපාලි බොහෝ භික්ෂූන් සමඟ සක්මන් කරන අයුරු ඔබ දකිනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනාම මහා විනයධරයි.

පස්‌සථ නෝ තුම්හේ භික්ඛවේ ආනන්‌දං සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං චංකමන්‌තන්‌ති? ඒවං භන්තේ. සබ්බේ ඛෝ ඒතේ භික්ඛවේ භික්‌ඛූ බහුස්‌සුතා.

පින්වත් මහණෙනි, ඔය පින්වත් ආනන්දයන් බොහෝ භික්ෂූන් සමඟ සක්මන් කරන අයුරු ඔබ දකිනවා නේද? ” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනාම බහුශ්‍රැතයි.

පස්‌සථ නෝ තුම්හේ භික්ඛවේ දේවදත්‌තං සම්බහුලේහි භික්‌ඛූහි සද්‌ධිං චංකමන්‌තන්‌ති? ඒවං භන්තේ. සබ්බේ ඛෝ ඒතේ භික්ඛවේ භික්‌ඛූ පාපිච්‌ඡා.

පින්වත් මහණෙනි, ඔය දේවදත්තයන් බොහෝ භික්ෂූන් සමඟ සක්මන් කරන අයුරු ඔබ දකිනවා නේද?” “එසේය, ස්වාමීනී.” “පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනාම පාපී ආශාවන්ගෙන් යුක්තයි.

ධාතුසෝව භික්ඛවේ සත්‌තා සංසන්‌දන්‌ති සමෙන්‌ති. හීනාධිමුත්‌තිකා හීනාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. කල්‍යාණාධිමුත්‌තිකා කල්‍යාණාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති.

පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා.

අතීතම්‌පි භික්ඛවේ අද්‌ධානං ධාතුසෝව සත්‌තා සංසන්‌දිංසු සමිංසු. හීනාධිමුත්‌තිකා හීනාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දිංසු සමිංසු. කල්‍යාණාධිමුත්‌තිකා කල්‍යාණාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දිංසු සමිංසු.

පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා ගියා. එකතු වෙලා ගියා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා ගියා. එකතු වෙලා ගියා.

අනාගතම්‌පි භික්ඛවේ අද්‌ධානං ධාතුසෝව සත්‌තා සංසන්‌දිස්‌සන්‌ති සමෙස්‌සන්‌ති. හීනාධිමුත්‌තිකා හීනාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දිස්‌සන්‌ති සමෙස්‌සන්‌ති කල්‍යාණාධිමුත්‌තිකා කල්‍යාණාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දිස්‌සන්‌ති සමෙස්‌සන්‌ති.

පින්වත් මහණෙනි, අනාගත කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යාවි. එකතු වෙලා යාවි. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යාවි. එකතු වෙලා යාවි.

ඒතරහිපි භික්ඛවේ පච්‌චුප්‌පන්‌නං අද්‌ධානං ධාතුසෝව සත්‌තා සංසන්‌දන්‌ති සමෙන්‌ති. හීනාධිමුත්‌තිකා හීනාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. කල්‍යාණාධිමුත්‌තිකා කල්‍යාණාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌තී’ති.

පින්වත් මහණෙනි, වර්තමාන කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා.

සාදු! සාදු!! සාදු!!!

චංකම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M