සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.2.4. හීනාධිමුත්තික සුත්තං

2.2.4. ලාමක අදහස් මුල්කොට වදාළ දෙසුම

සාවත්‌ථියං…..

සැවැත් නුවරදී……….

ධාතුසෝව භික්ඛවේ සත්‌තා සංසන්‌දන්‌ති සමෙන්‌ති. හීනාධිමුත්‌තිකා සත්තා හීනාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. කල්‍යාණාධිමුත්‌තිකා කල්‍යාණාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති.

පින්වත් මහණෙනි, මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා.

අතීතම්‌පි භික්ඛවේ අද්‌ධානං ධාතුසෝව සත්‌තා සංසන්‌දිංසු සමිංසු. හීනාධිමුත්‌තිකා හීනාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දිංසු සමිංසු. කල්‍යාණාධිමුත්‌තිකා කල්‍යාණාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දිංසු සමිංසු.

පින්වත් මහණෙනි, අතීතයේදී පවා මේ සත්වයන් සැසඳිලා ගියේ, එකතු වෙලා ගියේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා ගියා. එකතු වෙලා ගියා. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා ගියා. එකතු වෙලා ගියා.

අනාගතම්‌පි භික්ඛවේ අද්‌ධානං ධාතුසෝව සත්‌තා සංසන්‌දිස්‌සන්‌ති සමෙස්‌සන්‌ති. හීනාධිමුත්‌තිකා හීනාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දිස්‌සන්‌ති සමෙස්‌සන්‌ති. කල්‍යාණාධිමුත්‌තිකා කල්‍යාණාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දිස්‌සන්‌ති සමෙස්‌සන්‌ති.

පින්වත් මහණෙනි, අනාගත කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙලා යන්නේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යාවි. එකතු වෙලා යාවි. යහපත් අදහස් ඇති සත්වයන් යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යාවි. එකතු වෙලා යාවි.

ඒතරහි භික්ඛවේ පච්‌චුප්‌පන්‌නං අද්‌ධානං ධාතුසෝව සත්‌තා සංසන්‌දන්‌ති සමෙන්‌ති. හීනාධිමුත්‌තිකා හීනාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌ති. කල්‍යාණාධිමුත්‌තිකා කල්‍යාණාධිමුත්‌තිකේහි සද්‌ධිං සංසන්‌දන්‌ති සමෙන්‌තී’ති.

පින්වත් මහණෙනි, වර්තමාන කාලයේදී පවා මේ සත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ, ධාතු ස්වභාවයකින්. ලාමක අදහස් ඇති සත්වයන් ලාමක අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා. යහපත් අදහස් ඇති සත්වයන්, යහපත් අදහස් ඇති සත්වයන් සමඟ අගේට පෑහිලා යනවා. එකතු වෙලා යනවා.

සාදු! සාදු!! සාදු!!!

හීනාධිමුත්තික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M