සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.2.3. ගිඤ්ජකාවසථ සුත්තං

2.2.3. ගඩොලින් කළ ප්‍රාසාදයේදී වදාළ දෙසුම

ඒකං සමයං භගවා ඤාතිකේ විහරති ගිඤ්‌ජකාවසථේ. තත්‍ර ඛෝ භගවා භික්‌ඛූ ආමන්තේසි. භික්ඛවෝ ති. භදන්තේ’ති තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ ඤාතික ගමේ ගඩොලින් කළ ප්‍රාසාදයකයි. එදා භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂු සංඝයා අමතා වදාළා. “පින්වතුන් වහන්ස” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී වදාළා. ඒ මොහොතේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.

ධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති සඤ්‌ඤා, උප්‌පජ්‌ජති දිට්‌ඨි, උප්‌පජ්‌ජති විතක්‌කෝ’ති.

පින්වත් මහණෙනි, ධාතු ස්වභාවය නිසයි සඤ්ඤාව උපදින්නේ. දෘෂ්ටිය උපදින්නේ. විතර්ක උපදින්නේ.

ඒවං වුත්‌තේ ආයස්‌මා කච්‌චානෝ භගවන්‌තං ඒතදවෝච. යායං භන්තේ දිට්‌ඨි අසම්‌මාසම්‌බුද්‌ධේසු සම්‌මාසම්‌බුද්‌ධාති. අයං නු ඛෝ භන්තේ දිට්‌ඨි කිං පටිච්‌ච පඤ්‌ඤායතී’ති?

ඔය අයුරින් වදාළ විට, ආයුෂ්මත් කච්චාන තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙය විමසුවා. “ස්වාමීනී, සම්මාසම්බුද්ධ නොවූ උදවිය තමා සම්මා සම්බුදුන් කියා යම් දෘෂ්ටියක් ඇති කරගන්නවා නම්, ඒ දෘෂ්ටිය හටගන්නේ කුමක් හේතු කොටගෙනද?”

මහති ඛෝ ඒසා කච්‌චාන ධාතු යදිදං අවිජ්‌ජාධාතු. හීනං කච්‌චාන ධාතුං පටිච්‌ච උප්‌පජ්‌ජති හීනා සඤ්‌ඤා, හීනා දිට්‌ඨි හීනෝ විතක්කෝ, හීනා චේතනා හීනා පත්‌ථනා, හීනෝ පණිධි හීනෝ පුග්‌ගලෝ හීනා වාචා, හීනං ආචික්‌ඛති දේසේති පඤ්‌ඤපේති පට්ඨපේති විවරති විභජති උත්‌තානීකරෝති. හීනා තස්‌ස උප්පත්‌තීති වදාමි.

“පින්වත් කච්චාන, මේ අවිද්‍යා ධාතුව කියන්නේ අතිවිශාල ධාතු ස්වභාවයක්. පින්වත් කච්චාන, ලාමක ධාතුව නිසා ලාමක සඤ්ඤාව උපදිනවා. ලාමක දෘෂ්ටිය උපදිනවා. ලාමක විතර්ක උපදිනවා. ලාමක චේතනා උපදිනවා. ලාමක පැතුම උපදිනවා. ලාමක පුද්ගලයා උපදිනවා. ලාමක වචන උපදිනවා. ඊට පස්සේ ඔහු ලාමක දේ කියනවා, දේශනා කරනවා, පණවනවා, පිහිටුවනවා, හෙළි කරනවා, බෙදනවා, මතු කොට දක්වනවා. ඔහුගේ ඉපදීම ලාමක දෙයක් කියලයි මං කියන්නේ.

මජ්‌ක්‍ධිමං කච්‌චාන ධාතුං පටිච්‌ච උප්‌පජ්‌ජති මජ්‌ක්‍ධිමා සඤ්‌ඤා, මජ්‌ක්‍ධිමා දිට්‌ඨි මජ්‌ක්‍ධිමෝ විතක්කෝ, මජ්ක්‍ධිමා චේතනා මජ්‌ක්‍ධිමා පත්‌ථනා, මජ්‌ක්‍ධිමෝ පණිධි මජ්‌ක්‍ධිමෝ පුග්‌ගලෝ මජ්‌ක්‍ධිමා වාචා, මජ්‌ක්‍ධිමං ආචික්‌ඛති දේසේති පඤ්‌ඤපේති පට්ඨපේති විවරති විභජති උත්‌තානීකරෝති. මජ්‌ක්‍ධිමා තස්‌ස උප්පත්‌තීති වදාමි.

පින්වත් කච්චාන, මධ්‍යම ධාතුව නිසා මධ්‍යම සඤ්ඤාව උපදිනවා. මධ්‍යම දෘෂ්ටිය උපදිනවා. මධ්‍යම විතර්ක උපදිනවා. මධ්‍යම චේතනා උපදිනවා. මධ්‍යම පැතුම උපදිනවා. මධ්‍යම පුද්ගලයා උපදිනවා. මධ්‍යම වචන උපදිනවා. ඊට පස්සේ ඔහු මධ්‍යම දේ කියනවා, දේශනා කරනවා, පණවනවා, පිහිටුවනවා, හෙළි කරනවා, බෙදනවා, මතු කොට දක්වනවා. ඔහුගේ ඉපදීම මධ්‍යම දෙයක් කියලයි මං කියන්නේ.

පණීතං කච්‌චාන ධාතුං පටිච්‌ච උප්‌පජ්‌ජති පණීතා සඤ්‌ඤා, පණීතා දිට්‌ඨි පණීතෝ විතක්කෝ, පණීතා චේතනා පණීතා පත්‌ථනා, පණීතෝ පණිධි පණීතෝ පුග්‌ගලෝ පණීතා වාචා, පණීතං ආචික්‌ඛති දේසේති පඤ්‌ඤපේති පට්ඨපේති විවරති විභජති උත්‌තානීකරෝති. පණීතා තස්‌ස උප්පත්‌තීති වදාමී’ති.

පින්වත් කච්චාන, උසස් ධාතුව නිසා උසස් සඤ්ඤාව උපදිනවා. උසස් දෘෂ්ටිය උපදිනවා. උසස් විතර්ක උපදිනවා. උසස් චේතනා උපදිනවා. උසස් පැතුම උපදිනවා. උසස් පුද්ගලයා උපදිනවා. උසස් වචන උපදිනවා. ඊට පස්සේ ඔහු උසස් දේ කියනවා, දේශනා කරනවා, පණවනවා, පිහිටුවනවා, හෙළි කරනවා, බෙදනවා, මතු කොට දක්වනවා. ඔහුගේ ඉපදීම උසස් දෙයක් කියලයි මං කියන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

ගිඤ්ජකාවසථ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M