සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.2.2. සනිදාන සුත්තං

2.2.2. හේතු සහිත වීම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී …………….

සනිදානං භික්ඛවේ උප්‌පජ්‌ජති කාමවිතක්කෝ නෝ අනිදානං, සනිදානං උප්‌පජ්‌ජති ව්‍යාපාදවිතක්‌කෝ නෝ අනිදානං, සනිදානං උප්‌පජ්‌ජති විහිංසාවිතක්කෝ නෝ අනිදානං.

“පින්වත් මහණෙනි, කාම විතර්ක උපදින්නේ හේතු සහිතව මිස හේතු රහිතව නම් නොවේ. ව්‍යාපාද විතර්ක උපදින්නේ හේතු සහිතව මිස හේතු රහිතව නම් නොවේ. විහිංසා විතර්ක උපදින්නේ හේතු සහිතව මිස හේතු රහිතව නම් නොවේ.

කථඤ්‌ච භික්ඛවේ සනිදානං උප්‌පජ්‌ජති කාමවිතක්කෝ නෝ අනිදානං, සනිදානං උප්‌පජ්‌ජති ව්‍යාපාදවිතක්කෝ නෝ අනිදානං, සනිදානං උප්‌පජ්‌ජති විහිංසාවිතක්කෝ නෝ අනිදානං? කාමධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති කාමසඤ්‌ඤා. කාමසඤ්‌ඤං පටිච්‌ච උප්‌පජ්‌ජති කාමසංකප්පෝ. කාමසංකප්පං පටිච්‌ච උප්‌පජ්‌ජති කාමච්‌ඡන්‌දෝ. කාමච්‌ඡන්‌දං පටිච්‌ච උප්‌පජ්‌ජති කාමපරිළාහෝ. කාමපරිළාහං පටිච්‌ච උප්‌පජ්‌ජති කාමපරියේසනා. කාමපරියේසනං භික්ඛවේ පරියේසමානෝ අස්‌සුතවා පුථුජ්‌ජනෝ තීහි ඨානේහි මිච්‌ඡා පටිපජ්‌ජති. කායේන වාචාය මනසා.

පින්වත් මහණෙනි, හේතු රහිතව නූපදින්නා වූ කාම විතර්කය හේතු සහිතව උපදින්නේ කොහොමද? හේතු රහිතව නූපදින්නා වූ ව්‍යාපාද විතර්කය හේතු සහිතව උපදින්නේ කොහොමද? හේතු රහිතව නූපදින්නා වූ විහිංසා විතර්කය හේතු සහිතව උපදින්නේ කොහොමද?

පින්වත් මහණෙනි, කාම ධාතුව නිසා උපදින්නේ කාම සඤ්ඤාවයි. කාම සඤ්ඤාව නිසා උපදින්නේ කාම සංකල්පයයි. කාම සංකල්පය නිසා උපදින්නේ කාමච්ඡන්දයයි. කාමච්ඡන්දය නිසා උපදින්නේ කාම දැවිල්ලයි. කාම දැවිල්ල නිසා උපදින්නේ කාම සෙවිල්ලයි. කාම සෙවිල්ල සොයමින් සිටින අශ්‍රැතවත් පෘථග්ජනයා කරුණු තුනකින් වරදේ බැඳෙනවා. කයිනුත්, වචනයෙනුත්, සිතිනුත්.

ව්‍යාපාදධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති ව්‍යාපාදසඤ්‌ඤා. ව්‍යාපාදසඤ්‌ඤං පටිච්‌ච උප්‌පජ්‌ජති ව්‍යාපාදසංකප්පෝ. ව්‍යාපාදසංකප්පං පටිච්‌ච උප්‌පජ්‌ජති ව්‍යාපාදච්‌ඡන්‌දෝ. ව්‍යාපාදච්‌ඡන්‌දං පටිච්‌ච උප්‌පජ්‌ජති ව්‍යාපාදපරිළාහෝ. ව්‍යාපාදපරිළාහං පටිච්‌ච උප්‌පජ්‌ජති ව්‍යාපාදපරියේසනා. ව්‍යාපාදපරියේසනං භික්ඛවේ පරියේසමානෝ අස්‌සුතවා පුථුජ්‌ජනෝ තීහි ඨානේහි මිච්‌ඡා පටිපජ්‌ජති. කායේන වාචාය මනසා.

පින්වත් මහණෙනි, ව්‍යාපාද ධාතුව නිසා උපදින්නේ ව්‍යාපාද සඤ්ඤාවයි. ව්‍යාපාද සඤ්ඤාව නිසා උපදින්නේ ව්‍යාපාද සංකල්පයයි. ව්‍යාපාද සංකල්පය නිසා උපදින්නේ ව්‍යාපාදච්ඡන්දයයි. ව්‍යාපාදච්ඡන්දය නිසා උපදින්නේ ව්‍යාපාද දැවිල්ලයි. ව්‍යාපාද දැවිල්ල නිසා උපදින්නේ ව්‍යාපාද සෙවිල්ලයි. ව්‍යාපාද සෙවිල්ල සොයමින් සිටින අශ්‍රැතවත් පෘථග්ජනයා කරුණු තුනකින් වරදේ බැඳෙනවා. කයිනුත්, වචනයෙනුත්, සිතිනුත්.

විහිංසාධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති විහිංසාසඤ්‌ඤා ….(පෙ)…. විහිංසාසංකප්පෝ ….(පෙ)…. විහිංසාඡන්‌දෝ ….(පෙ)…. විහිංසාපරිළාහෝ ….(පෙ)…. විහිංසාපරියේසනා ….(පෙ)…. විහිංසාපරියේසනං භික්ඛවේ පරියේසමානෝ අස්‌සුතවා පුථුජ්‌ජනෝ තීහි ඨානේහි මිච්‌ඡා පටිපජ්‌ජති. කායේන වාචාය මනසා.

පින්වත් මහණෙනි, විහිංසා ධාතුව නිසා උපදින්නේ විහිංසා සඤ්ඤාවයි. විහිංසා සඤ්ඤාව නිසා ….(පෙ)…. විහිංසා සංකල්ප නිසා ….(පෙ)…. විහිංසා ඡන්දය නිසා ….(පෙ)…. විහිංසා දැවිල්ල නිසා ….(පෙ)…. විහිංසා සෙවිල්ල සොයමින් සිටින අශ්‍රැතවත් පෘථග්ජනයා කරුණු තුනකින් වරදේ බැඳෙනවා. කයිනුත්, වචනයෙනුත්, සිතිනුත්.

සෙය්‍යථාපි භික්ඛවේ පුරිසෝ ආදිත්‌තං තිණුක්‌කං සුක්‌ඛේ තිණදායේ නික්‌ඛිපෙය්‍ය. නෝ චේ හත්‌ථේහි ච පාදේහි ච ඛිප්‌පමේව නිබ්‌බාපෙය්‍ය, ඒවං හි භික්ඛවේ යේ තිණකට්‌ඨනිස්‌සිතා පාණා, තේ අනයව්‍යසනං ආපජ්‌ජෙය්‍යුං.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. එක්තරා පුරුෂයෙක් ඇවිලෙමින් තිබෙන තණ හුළක් වියලි තණ පඳුරකට විසි කරනවා කියලා හිතමු. නමුත් ඔහු අත් වලින්වත් පා වලින්වත් ඉක්මනින් ඒ ගින්න නිවා දමන්නේ නෑ. පින්වත් මහණෙනි, ඔය විදිහට ඒ තණ කොළ ඇසුරු කරගෙන යම් සතුන් හිටියා නම්, ඒ සතුන් මහා විනාශයකට පත්වෙනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ යෝ හි කෝචි සමණෝ වා බ්‍රාහ්මණෝ වා උප්‌පන්‌නං විසමගතං අකුසලසඤ්‌ඤං න ඛිප්‌පමේව පජහති විනෝදේති බ්‍යන්‌තීකරෝති අනභාවං ගමේති, සෝ දිට්‌ඨේ චේව ධම්මේ දුක්‌ඛං විහරති සවිඝාතං සඋපායාසං සපරිළාහං. කායස්‌ස ච භේදා පරම්මරණා දුග්‌ගති පාටිකංඛා.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා තමා තුළ හට ගත් නොමඟ ගිය අකුසල සඤ්ඤාව වහාම බැහැර නොකරයි නම්, දුරු නොකරයි නම්, නැති නොකරයි නම්, අභාවයට පත් නොකරයි නම් ඔහුට සිද්ධ වෙන්නේ මේ ජීවිතය තුළම පීඩා සහිත කරදර සහිත දැවිලි සහිත දුකින් වාසය කරන්නයි. කය බිඳී මරණින් මතු අපායේ උපදින්නටත් ඔහු කැමති වෙන්න ඕන.

සනිදානං භික්ඛවේ උප්‌පජ්‌ජති නෙක්‌ඛම්‌මවිතක්කෝ නෝ අනිදානං. සනිදානං උප්‌පජ්‌ජති අව්‍යාපාදවිතක්කෝ නෝ අනිදානං. සනිදානං උප්‌පජ්‌ජති අවිහිංසාවිතක්කෝ නෝ අනිදානං.

පින්වත් මහණෙනි, කාමයෙන් වෙන්වීමේ විතර්ක උපදින්නේ හේතු සහිතව මිස හේතු රහිතව නම් නොවේ. අව්‍යාපාද විතර්ක උපදින්නේ හේතු සහිතව මිස හේතු රහිතව නම් නොවේ. අවිහිංසා විතර්ක උපදින්නේ හේතු සහිතව මිස හේතු රහිතව නම් නොවේ.

කථඤ්‌ච භික්ඛවේ සනිදානං උප්‌පජ්‌ජති නෙක්‌ඛම්‌මවිතක්කෝ නෝ අනිදානං. සනිදානං උප්‌පජ්‌ජති අව්‍යාපාදවිතක්කෝ නෝ අනිදානං. සනිදානං උප්‌පජ්‌ජති අවිහිංසාවිතක්කෝ නෝ අනිදානං? නෙක්‌ඛම්‌මධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති නෙක්‌ඛම්‌මසඤ්‌ඤා. නෙක්‌ඛම්‌මසඤ්‌ඤං පටිච්‌ච උප්‌පජ්‌ජති නෙක්‌ඛම්‌මසංකප්පෝ. නෙක්‌ඛම්‌මසංකප්පං පටිච්‌ච උප්‌පජ්‌ජති නෙක්‌ඛම්‌මච්‌ඡන්‌දෝ. නෙක්‌ඛම්‌මච්‌ඡන්‌දං පටිච්‌ච උප්‌පජ්‌ජති නෙක්‌ඛම්‌මපරිළාහෝ. නෙක්‌ඛම්‌මපරිළාහං පටිච්‌ච උප්‌පජ්‌ජති නෙක්‌ඛම්‌මපරියේසනා. නෙක්‌ඛම්‌මපරියේසනං භික්ඛවේ පරියේසමානෝ සුතවා අරියසාවකෝ තීහි ඨානේහි සම්‌මා පටිපජ්‌ජති. කායේන වාචාය මනසා.

පින්වත් මහණෙනි, හේතු රහිතව නූපදින්නා වූ කාමයෙන් වෙන්වීමේ විතර්කය හේතු සහිතව උපදින්නේ කොහොමද? හේතු රහිතව නූපදින්නා වූ අව්‍යාපාද විතර්කය හේතු සහිතව උපදින්නේ කොහොමද? හේතු රහිතව නූපදින්නා වූ අවිහිංසා විතර්කය හේතු සහිතව උපදින්නේ කොහොමද?

පින්වත් මහණෙනි, කාමයෙන් වෙන්වීමේ ධාතුව නිසා උපදින්නේ කාමයෙන් වෙන්වීමේ සඤ්ඤාවයි. කාමයෙන් වෙන් වීමේ සඤ්ඤාව නිසා උපදින්නේ කාමයෙන් වෙන් වීමේ සංකල්පයයි. කාමයෙන් වෙන් වීමේ සංකල්පය නිසා උපදින්නේ කාමයෙන් වෙන් වීමේ ඡන්දයයි. කාමයෙන් වෙන් වීමේ ඡන්දය නිසා උපදින්නේ කාමයෙන් වෙන් වීමේ දැවිල්ලයි. කාමයෙන් වෙන් වීමේ දැවිල්ල නිසා උපදින්නේ කාමයෙන් වෙන් වීමේ සෙවිල්ලයි. කාමයෙන් වෙන් වීමේ සෙවිල්ල සොයමින් සිටින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කරුණු තුනකින් යහපතේ හැසිරෙනවා. කයිනුත්, වචනයෙනුත්, සිතිනුත්.

අව්‍යාපාදධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති අව්‍යාපාදසඤ්‌ඤා. ….(පෙ)…. අව්‍යාපාදසංකප්පෝ ….(පෙ)…. අව්‍යාපාදච්‌ඡන්‌දෝ ….(පෙ)…. අව්‍යාපාදපරිළාහෝ ….(පෙ)…. අව්‍යාපාදපරියේසනා ….(පෙ)…. අව්‍යාපාදපරියේසනං භික්ඛවේ පරියේසමානෝ සුතවා අරියසාවකෝ තීහි ඨානේහි සම්‌මා පටිපජ්‌ජති. කායේන වාචාය මනසා.

පින්වත් මහණෙනි, අව්‍යාපාද ධාතුව නිසා උපදින්නේ අව්‍යාපාද සඤ්ඤාවයි. අව්‍යාපාද සඤ්ඤාව නිසා උපදින්නේ අව්‍යාපාද සංකල්පයයි. අව්‍යාපාද සංකල්පය නිසා උපදින්නේ අව්‍යාපාදච්ඡන්දයයි. අව්‍යාපාදච්ඡන්දය නිසා උපදින්නේ අව්‍යාපාද දැවිල්ලයි. අව්‍යාපාද දැවිල්ල නිසා උපදින්නේ අව්‍යාපාද සෙවිල්ලයි. අව්‍යාපාද සෙවිල්ල සොයමින් සිටින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කරුණු තුනකින් යහපතේ හැසිරෙනවා. කයිනුත්, වචනයෙනුත්, සිතිනුත්.

අවිහිංසාධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති අවිහිංසාසඤ්‌ඤා . අවිහිංසාසඤ්‌ඤං පටිච්‌ච උප්‌පජ්‌ජති අවිහිංසාසංකප්පෝ. අවිහිංසාසංකප්පං පටිච්‌ච උප්‌පජ්‌ජති අවිහිංසාච්ඡන්‌දෝ. අවිහිංසාඡන්‌දං පටිච්‌ච උප්‌පජ්‌ජති අවිහිංසාපරිළාහෝ. අවිහිංසාපරිළාහං පටිච්‌ච උප්‌පජ්‌ජති අවිහිංසාපරියේසනා. අවිහිංසාපරියේසනං භික්ඛවේ පරියේසමානෝ සුතවා අරියසාවකෝ තීහි ඨානේහි සම්‌මා පටිපජ්‌ජති. කායේන වාචාය මනසා.

පින්වත් මහණෙනි, අවිහිංසා ධාතුව නිසා උපදින්නේ අවිහිංසා සඤ්ඤාවයි. අවිහිංසා සඤ්ඤාව නිසා ….(පෙ)…. අවිහිංසා සංකල්පය නිසා ….(පෙ)…. අවිහිංසාච්ඡන්දය නිසා ….(පෙ)…. අවිහිංසා දැවිල්ල නිසා ….(පෙ)…. අවිහිංසා සෙවිල්ල සොයමින් සිටින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කරුණු තුනකින් යහපතේ හැසිරෙනවා. කයිනුත්, වචනයෙනුත්, සිතිනුත්.

සෙය්‍යථාපි භික්ඛවේ පුරිසෝ ආදිත්‌තං තිණුක්‌කං සුක්‌ඛේ තිණදායේ නික්‌ඛිපෙය්‍ය, තමේනං හත්‌ථේහි ච පාදේහි ච ඛිප්‌පමේව නිබ්‌බාපෙය්‍ය. ඒවං හි භික්ඛවේ, යේ තිණකට්‌ඨනිස්‌සිතා පාණා, තේ න අනයව්‍යසනං ආපජ්‌ජෙය්‍යුං.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. එක්තරා පුරුෂයෙක් ඇවිලෙමින් තිබෙන තණ හුළක් වියලි තණ පඳුරකට විසි කරනවා කියලා හිතමු. නමුත් ඔහු අත් වලිනුත් පා වලිනුත් ඉක්මනින් ඒ ගින්න නිවා දමනවා. පින්වත් මහණෙනි, ඔය විදිහට ඒ තණ කොළ ඇසුරු කරගෙන යම් සතුන් හිටියා නම්, ඒ සතුන් මහා විනාශයකට පත්වෙන්නේ නෑ.

ඒවමේව ඛෝ භික්ඛවේ යෝ හි කෝචි සමණෝ වා බ්‍රාහ්මණෝ වා උප්‌පන්‌නං විසමගතං අකුසලසඤ්‌ඤං ඛිප්‌පමේව පජහති විනෝදේති බ්‍යන්‌තීකරෝති අනභාවං ගමේති, සෝ දිට්‌ඨේ චේව ධම්මේ සුඛං විහරති අවිඝාතං අනුපායාසං අපරිළාහං. කායස්‌ස ච භේදා පරම්මරණා සුගති පාටිකංඛාති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. යම්කිසි ශ්‍රමණයෙක් හෝ වේවා, බ්‍රාහ්මණයෙක් හෝ වේවා තමා තුළ හට ගත් නොමඟ ගිය අකුසල සඤ්ඤාව වහාම බැහැර කරයි නම්, දුරු කරයි නම්, නැති කරයි නම්, අභාවයට පත් කරයි නම් ඔහු මේ ජීවිතය තුළම පීඩා රහිතව, කරදර රහිතව, දැවිලි රහිතව සුව සේ වාසය කරනවා. කය බිඳී මරණින් මතු සුගතියේ උපදින්නටත් ඔහු කැමති වෙන්න ඕන.

සාදු! සාදු!! සාදු!!!

සනිදාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M