සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.1.9. ලාභ නානත්ත සුත්තං

2.1.9. ලැබීම්වල වෙනස්කම් ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී …………….

ධාතුනානත්‌තං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති සඤ්‌ඤානානත්‌තං. සඤ්‌ඤානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සංකප්පනානත්‌තං. සංකප්පනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං. ඵස්‌සනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති වේදනානානත්‌තං. වේදනානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඡන්‌දනානත්‌තං. ඡන්‌දනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති පරිළාහනානත්‌තං. පරිළාහනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති පරියේසනානානත්‌තං. පරියේසනානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ලාභනානත්‌තං.

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙනයි සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ. සඤ්ඤාවල වෙනස්කම් හේතු කොට ගෙනයි සංකල්වල වෙනස්කම් උපදින්නේ. සංකල්පවල වෙනස්කම් හේතු කොට ගෙනයි ස්පර්ශවල වෙනස්කම් උපදින්නේ. ස්පර්ශවල වෙනස්කම් හේතු කොට ගෙනයි විඳීම්වල වෙනස්කම් උපදින්නේ. විඳීම්වල වෙනස්කම් හේතු කොට ගෙනයි කැමති දේවල්වල වෙනස්කම් උපදින්නේ. කැමති දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙනයි නැතුව බැරි දේවල්වල වෙනස්කම් උපදින්නේ. නැතුව බැරි දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙනයි සෙවීම්වල වෙනස්කම් උපදින්නේ. සෙවීම්වල වෙනස්කම් හේතු කොට ගෙනයි ලැබීම්වල වෙනස්කම් උපදින්නේ.

කතමඤ්‌ච භික්ඛවේ ධාතුනානත්‌තං? රූපධාතු ….(පෙ)…. ධම්‌මධාතු. ඉදං වුච්‌චති භික්ඛවේ ධාතුනානත්‌තං.

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් යනු කුමක්ද? රූප නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. ….(පෙ)…. මනසට සිතෙන අරමුණු නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. පින්වත් මහණෙනි, මේවාට තමයි ධාතුවල වෙනස්කම් කියලා කියන්නේ.

කථඤ්‌ච භික්ඛවේ ධාතුනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සඤ්‌ඤානානත්‌තං. සඤ්‌ඤානානත්‌තං පටිච්‌ච ….(පෙ)…. උප්‌පජ්‌ජති ලාභනානත්‌තං?

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙන සඤ්ඤාවල වෙනස්කම් උපදින්නෙත්, සඤ්ඤාවල වෙනස්කම් හේතු කොට ගෙන ….(පෙ)…. ලැබීම්වල වෙනස්කම් උපදින්නේත් කොහොමද?

රූපධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති රූපසඤ්‌ඤා. රූපසඤ්‌ඤං පටිච්‌ච උප්‌පජ්‌ජති රූපසංකප්පෝ. රූපසංකප්පං පටිච්‌ච උප්‌පජ්‌ජති රූපසම්‌ඵස්සෝ, රූපසම්‌ඵස්‌සං පටිච්‌ච උප්‌පජ්‌ජති රූපසම්‌ඵස්‌සජා වේදනා. රූපසම්‌ඵස්‌සජං වේදනං පටිච්‌ච උප්‌පජ්‌ජති රූපච්‌ඡන්‌දෝ. රූපච්‌ඡන්‌දං පටිච්‌ච උප්‌පජ්‌ජති රූපපරිළාහෝ. රූපපරිළාහං පටිච්‌ච උප්‌පජ්‌ජති රූපපරියේසනා. රූපපරියේසනං පටිච්‌ච උප්‌පජ්‌ජති රූපලාභෝ.

පින්වත් මහණෙනි, රූප නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙනයි රූප සඤ්ඤා උපදින්නේ. රූප සඤ්ඤා හේතු කොට ගෙනයි රූප සංකල්ප උපදින්නේ. රූප සංකල්ප හේතු කොට ගෙනයි රූප ස්පර්ශය උපදින්නේ. රූප ස්පර්ශය හේතු කොට ගෙනයි රූප ස්පර්ශයෙන් හටගත් විඳීම් උපදින්නේ. රූප ස්පර්ශයෙන් හටගත් විඳීම හේතු කොට ගෙනයි රූප ගැන කැමැත්ත උපදින්නේ. රූප ගැන කැමැත්ත හේතු කොට ගෙනයි රූප නැතුව බැරි තත්වයක් උපදින්නේ. රූප නැතුව බැරි තත්වයක් හේතු කොට ගෙනයි රූප සෙවීම උපදින්නේ. රූප සෙවීම හේතු කොට ගෙනයි රූප ලැබීම උපදින්නේ.

සද්දධාතුං භික්ඛවේ පටිච්ච ….(පෙ)…. ධම්‌මධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මසඤ්‌ඤා. ධම්‌මසඤ්‌ඤං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මසංකප්පෝ. ධම්‌මසංකප්පං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මසම්‌ඵස්සෝ. ධම්‌මසම්‌ඵස්‌සං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මසම්‌ඵස්‌සජා වේදනා. ධම්‌මසම්‌ඵස්‌සජං වේදනං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මච්‌ඡන්‌දෝ. ධම්‌මච්‌ඡන්‌දං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මපරිළාහෝ. ධම්‌මපරිළාහං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මපරියේසනා. ධම්‌මපරියේසනං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මලාභෝ.

පින්වත් මහණෙනි, ශබ්ද නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන ….(පෙ)…. පින්වත් මහණෙනි, අරමුණු නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙනයි අරමුණු සඤ්ඤා උපදින්නේ. අරමුණු සඤ්ඤා හේතු කොට ගෙනයි අරමුණු සංකල්ප උපදින්නේ. අරමුණු සංකල්ප හේතු කොට ගෙනයි අරමුණු ගැන ස්පර්ශය උපදින්නේ. අරමුණු ගැන ස්පර්ශය හේතු කොට ගෙනයි අරමුණු ගැන ස්පර්ශයෙන් හටගත් විඳීම් උපදින්නේ. අරමුණු ගැන ස්පර්ශයෙන් හටගත් විඳීම හේතු කොට ගෙනයි අරමුණු ගැන කැමැත්ත උපදින්නේ. අරමුණු ගැන කැමැත්ත හේතු කොට ගෙනයි අරමුණු නැතුව බැරි තත්වයක් උපදින්නේ. අරමුණු නැතුව බැරි තත්වයක් හේතු කොට ගෙනයි අරමුණු සෙවීම උපදින්නේ. අරමුණු සෙවීම හේතු කොට ගෙනයි අරමුණු ලැබීම උපදින්නේ.

ඒවං ඛෝ භික්ඛවේ ධාතුනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සඤ්‌ඤානානත්‌තං. සඤ්‌ඤානානත්‌තං පටිච්‌ච ….(පෙ)…. උප්‌පජ්‌ජති ලාභනානත්‌තන්‌ති.

ඔන්න ඔය විදිහටයි, පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙනයි සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ. සඤ්ඤාවල වෙනස්කම් හේතු කොට ගෙන ….(පෙ)…. ලැබීම්වල වෙනස්කම් උපදින්නේ.

සාදු! සාදු!! සාදු!!!

ලාභ නානත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M