සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.1.8. නෝ පරියේසනා නානත්ත සුත්තං

2.1.8. සෙවීම්වල වෙනස්කම් නොවේ කියා වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………..

ධාතුනානත්‌තං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති සඤ්‌ඤානානත්‌තං. සඤ්‌ඤානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සංකප්පනානත්‌තං. සංකප්පනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඡන්‌දනානත්‌තං. ඡන්‌දනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති පරිළාහනානත්‌තං. පරිළාහනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති පරියේසනානානත්‌තං. නෝ පරියේසනානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති පරිළාහනානත්‌තං. නෝ පරිළාහනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඡන්‌දනානත්‌තං. නෝ ඡන්‌දනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සංකප්පනානත්‌තං. නෝ සංකප්පනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සඤ්‌ඤානානත්‌තං. නෝ සඤ්‌ඤානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ධාතුනානත්‌තං.

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙනයි සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ. සඤ්ඤාවල වෙනස්කම් හේතු කොට ගෙනයි සංකල්වල වෙනස්කම් උපදින්නේ. සංකල්පවල වෙනස්කම් හේතු කොට ගෙනයි කැමති දේවල්වල වෙනස්කම් උපදින්නේ. කැමති දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙනයි නැතුව බැරි දේවල්වල වෙනස්කම් උපදින්නේ. නැතුව බැරි දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙනයි සෙවීම්වල වෙනස්කම් උපදින්නේ.

සෙවීම්වල වෙනස්කම් හේතු කොට ගෙන නැතුවම බැරි දේවල්වල වෙනස්කම් උපදින්නේ නෑ. නැතුවම බැරි දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙන කැමති දේවල්වල වෙනස්කම් උපදින්නේ නෑ. කැමැති දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙන සංකල්පවල වෙනස්කම් උපදින්නේ නෑ. සංකල්පවල වෙනස්කම් හේතු කොට ගෙන සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ නෑ. සඤ්ඤාවල වෙනස්කම් හේතු කොට ගෙන ධාතුවල වෙනස්කම් උපදින්නේ නෑ.

කතමඤ්‌ච භික්ඛවේ ධාතුනානත්‌තං? රූපධාතු ….(පෙ)…. ධම්‌මධාතු. ඉදං වුච්‌චති භික්ඛවේ ධාතුනානත්‌තං.

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් යනු කුමක්ද? රූප නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. ….(පෙ)…. මනසට සිතෙන අරමුණු නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. පින්වත් මහණෙනි, මේවාට තමයි ධාතුවල වෙනස්කම් කියල කියන්නේ.

කථඤ්‌ච භික්ඛවේ ධාතුනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සඤ්‌ඤානානත්‌තං. සඤ්‌ඤානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ….(පෙ)…. පරියේසනානානත්‌තං, නෝ පරියේසනානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති පරිළාහනානත්‌තං. නෝ පරිළාහනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඡන්‌දනානත්‌තං. නෝ ඡන්‌දනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සංකප්පනානත්‌තං. නෝ සංකප්පනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සඤ්‌ඤානානත්‌තං. නෝ සඤ්‌ඤානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ධාතුනානත්‌තං?

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙන සඤ්ඤාවල වෙනස්කම් උපදින්නෙත් ….(පෙ)…. සෙවීම්වල වෙනස්කම් උපදින්නෙත්, සෙවීම්වල වෙනස්කම් හේතු කොට ගෙන නැතුවම බැරි දේවල්වල වෙනස්කම් නූපදින්නෙත්, නැතුවම බැරි දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙන කැමති දේවල්වල වෙනස්කම් නූපදින්නෙත්, කැමති දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙන සංකල්පවල වෙනස්කම් නූපදින්නෙත්, සංකල්පවල වෙනස්කම් හේතු කොට ගෙන සඤ්ඤාවල වෙනස්කම් නූපදින්නෙත්, සඤ්ඤාවල වෙනස්කම් හේතු කොට ගෙන ධාතුවල වෙනස්කම් නූපදින්නෙත් කොහොමද?

රූපධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති රූපසඤ්‌ඤා. රූපසඤ්‌ඤං පටිච්‌ච උප්‌පජ්‌ජති රූපසංකප්පෝ. රූපසංකප්පං පටිච්‌ච උප්‌පජ්‌ජති රූපච්‌ඡන්‌දෝ. රූපච්‌ඡන්‌දං පටිච්‌ච උප්‌පජ්‌ජති රූපපරිළාහෝ. රූපපරිළාහං පටිච්‌ච උප්‌පජ්‌ජති රූපපරියේසනා. නෝ රූප පරියේසනං පටිච්ච උප්පජ්ජති රූප පරිළාහෝ. නෝ රූප පරිළාහං පටිච්ච උප්පජ්ජති රූපච්ඡන්දෝ. නෝ රූපච්ඡන්දං පටිච්ච උප්පජ්ජති රූපසංකප්පෝ. නෝ රූප සංකප්පං පටිච්ච උප්පජ්ජති රූපංසඤ්ඤා. නෝ රූපසඤ්ඤං පටිච්ච උප්පජ්ජති රූපධාතු.

පින්වත් මහණෙනි, රූප නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙනයි රූප සඤ්ඤා උපදින්නේ. රූප සඤ්ඤා හේතු කොට ගෙනයි රූප සංකල්ප උපදින්නේ. රූප සංකල්ප හේතු කොට ගෙනයි රූප ගැන කැමැත්ත උපදින්නේ. රූප ගැන කැමැත්ත හේතු කොට ගෙනයි රූප නැතුව බැරි තත්වයක් උපදින්නේ. රූප නැතුව බැරි තත්වය හේතු කොට ගෙනයි රූප සෙවීම උපදින්නේ. රූප සෙවීම හේතු කොට ගෙන රූප නැතුවම බැරි බව උපදින්නේ නෑ. රූප නැතුවම බැරි බව හේතු කොට ගෙන රූප ගැන කැමැත්ත උපදින්නේ නෑ. රූප ගැන කැමැත්ත හේතු කොට ගෙන රූප ගැන සංකල්ප උපදින්නේ නෑ. රූප ගැන සංකල්ප හේතු කොට ගෙන රූප සඤ්ඤා උපදින්නේ නෑ. රූප සඤ්ඤා හේතු කොට ගෙන රූප ධාතු උපදින්නේ නෑ.

සද්දධාතුං භික්ඛවේ පටිච්ච ….(පෙ)…. ධම්‌මධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මසඤ්‌ඤා. ධම්‌මසඤ්‌ඤං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්මසංකප්පෝ. ධම්මසංකප්පං පටිච්ච උප්පජ්ජති ධම්මච්ඡන්දෝ. ධම්මච්ඡන්දං පටිච්ච උප්පජ්ජති ධම්මපරිළාහෝ. ධම්මපරිළාහං පටිච්ච උප්පජ්ජති ධම්‌මපරියේසනා. නෝ ධම්‌මපරියේසනං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මපරිළාහෝ. නෝ ධම්‌මපරිළාහං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මච්‌ඡන්‌දෝ. නෝ ධම්‌මච්‌ඡන්‌දං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මසංකප්පෝ. නෝ ධම්‌මසංකප්පං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මසඤ්‌ඤා. නෝ ධම්‌මසඤ්‌ඤං පටිච්‌ච උප්‌පජ්‌ජති ධම්‌මධාතු.

පින්වත් මහණෙනි, ශබ්ද නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන ….(පෙ)…. පින්වත් මහණෙනි, අරමුණු නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙනයි අරමුණු සඤ්ඤා උපදින්නේ. අරමුණු සඤ්ඤා හේතු කොට ගෙනයි අරමුණු සංකල්ප උපදින්නේ. අරමුණු සංකල්ප හේතු කොට ගෙනයි අරමුණු ගැන කැමැත්ත උපදින්නේ. අරමුණු ගැන කැමැත්ත හේතු කොට ගෙනයි අරමුණු නැතුව බැරි තත්වයක් උපදින්නේ. අරමුණු නැතුව බැරි තත්වය හේතු කොට ගෙනයි අරමුණු සෙවීම උපදින්නේ. අරමුණු සෙවීම හේතු කොට ගෙන අරමුණු නැතුවම බැරි බව උපදින්නේ නෑ. අරමුණු නැතුවම බැරි බව හේතු කොට ගෙන අරමුණු ගැන කැමැත්ත උපදින්නේ නෑ. අරමුණු ගැන කැමැත්ත හේතු කොට ගෙන අරමුණු ගැන සංකල්ප උපදින්නේ නෑ. අරමුණු ගැන සංකල්ප හේතු කොට ගෙන අරමුණු සඤ්ඤා උපදින්නේ නෑ. අරමුණු සඤ්ඤා හේතු කොට ගෙන අරමුණු ධාතු උපදින්නේ නෑ.

ඒවං ඛෝ භික්ඛවේ ධාතුනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සඤ්‌ඤානානත්‌තං. සඤ්‌ඤානානත්‌තං පටිච්‌ච ….(පෙ)…. උප්‌පජ්‌ජති පරියේසනානානත්‌තං. නෝ පරියේසනානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති පරිළාහනානත්‌තං. නෝ පරිළාහනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඡන්‌දනානත්‌තං. නෝ ඡන්‌දනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සංකප්පනානත්‌තං. නෝ සංකප්පනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති සඤ්‌ඤානානත්‌තං. නෝ සඤ්‌ඤානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ධාතුනානත්‌තන්‌ති.

ඔන්න ඔය ආකාරයටයි, පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙනයි සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ. ….(පෙ)…. සෙවීම්වල වෙනස්කම් උපදින්නේ. සෙවීම්වල වෙනස්කම් හේතු කොට ගෙන නැතුවම බැරි දේවල්වල වෙනස්කම් උපදින්නේ නෑ. නැතුවම බැරි දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙන කැමති දේවල්වල වෙනස්කම් උපදින්නේ නෑ. කැමැති දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙන සංකල්පවල වෙනස්කම් උපදින්නේ නෑ. සංකල්පවල වෙනස්කම් හේතු කොට ගෙන සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ නෑ. සඤ්ඤාවල වෙනස්කම් හේතු කොට ගෙන ධාතුවල වෙනස්කම් උපදින්නේ නෑ.

සාදු! සාදු!! සාදු!!!

නෝ පරියේසනා නානත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M