සැවැත් නුවරදී …………….
පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙනයි සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ. සඤ්ඤාවල වෙනස්කම් හේතු කොටගෙනයි සංකල්වල වෙනස්කම් උපදින්නේ. සංකල්පවල වෙනස්කම් හේතු කොටගෙනයි කැමති දේවල්වල වෙනස්කම් උපදින්නේ. කැමති දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙනයි නැතුව බැරි දේවල්වල වෙනස්කම් උපදින්නේ. නැතුව බැරි දේවල්වල වෙනස්කම් හේතු කොටගෙනයි සෙවීම්වල වෙනස්කම් උපදින්නේ.
පින්වත් මහණෙනි, මොකක්ද මේ ධාතුවල වෙනස්කම්? එනම් රූප ධාතු ස්වභාවයක්. ….(පෙ)…. මනසට සිතෙන අරමුණු ධාතු ස්වභාවයක්. පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් කියන්නේ මේකටයි.
පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙන සඤ්ඤාවල වෙනස්කම් උපදින්නෙත්, සඤ්ඤාවල වෙනස්කම් හේතු කොට ගෙන සංකල්පවල වෙනස්කම් උපදින්නෙත්, සංකල්පවල වෙනස්කම් හේතු කොට ගෙන කැමති දේවල්වල වෙනස්කම් උපදින්නෙත්, කැමති දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙන නැතුව බැරි දේවල්වල වෙනස්කම් උපදින්නෙත්, නැතුව බැරි දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙන සෙවීම්වල වෙනස්කම් උපදින්නෙත් කොහොමද?
පින්වත් මහණෙනි, රූප නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙනයි රූප සඤ්ඤා උපදින්නේ. රූප සඤ්ඤා හේතු කොට ගෙනයි රූප ගැන සංකල්ප උපදින්නේ. රූප සංකල්ප හේතු කොට ගෙනයි රූප ගැන කැමැත්ත උපදින්නේ. රූප ගැන කැමැත්ත හේතු කොට ගෙනයි රූප නැතුව බැරි තත්වයක් උපදින්නේ. රූප නැතුව බැරි තත්වය හේතු කොට ගෙනයි රූප සෙවීම උපදින්නේ. පින්වත් මහණෙනි, ශබ්ද නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙනයි ….(පෙ)…. පින්වත් මහණෙනි, මනසට සිතෙන අරමුණු නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙනයි අරමුණු සඤ්ඤා උපදින්නේ. අරමුණු සඤ්ඤා හේතු කොට ගෙනයි අරමුණු සංකල්ප උපදින්නේ. අරමුණු සංකල්ප හේතු කොට ගෙනයි අරමුණු ගැන කැමැත්ත උපදින්නේ. අරමුණු ගැන කැමැත්ත හේතු කොට ගෙනයි අරමුණු නැතුව බැරි තත්වයක් උපදින්නේ. අරමුණු නැතුව බැරි තත්වය හේතු කොට ගෙනයි අරමුණු සෙවීම උපදින්නේ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයට ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙනයි සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ. සඤ්ඤාවල වෙනස්කම් හේතු කොට ගෙනයි සංකල්පවල වෙනස්කම් උපදින්නේ. සංකල්පවල වෙනස්කම් හේතු කොට ගෙනයි කැමති දේවල්වල වෙනස්කම් උපදින්නේ. කැමති දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙනයි නැතුව බැරි දේවල්වල වෙනස්කම් උපදින්නේ. නැතුව බැරි දේවල්වල වෙනස්කම් හේතු කොට ගෙනයි සෙවීම්වල වෙනස්කම් උපදින්නේ.
සාදු! සාදු!! සාදු!!!
පරියේසනා නානත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M