සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.1.6. බාහිර ධාතු නානත්ත සුත්තං

2.1.6. බාහිර ධාතුවල වෙනස්කම් ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………..

ධාතුනානත්‌තං වෝ භික්ඛවේ දේසිස්සාමි. තං සුණාථ ….(පෙ)…. භාසිස්සාමි. කතමඤ්‌ච භික්ඛවේ ධාතුනානත්‌තං? රූපධාතු සද්‌දධාතු ගන්‌ධධාතු රසධාතු ඵොට්‌ඨබ්‌බධාතු ධම්‌මධාතු. ඉදං වුච්‌චති භික්ඛවේ ධාතුනානත්‌තන්‌ති.

පින්වත් මහණෙනි, මා ඔබට ධාතුවල වෙනස්කම් ගැන කියා දෙන්නම්. එය හොඳින් අහගන්න ඕන. ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරන්න ඕන. ….(පෙ)…. කියා දෙන්නම්.

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් කියන්නේ මොකක්ද? රූප ධාතු ස්වභාවයක්. ශබ්ද ධාතු ස්වභාවයක්. ගඳ සුවඳ ධාතු ස්වභාවයක්. රස ධාතු ස්වභාවයක්. පහස ධාතු ස්වභාවයක්. මනසට සිතෙන අරමුණු ධාතු ස්වභාවයක්. මනසේ හටගන්නා විඤ්ඤාණය ධාතු ස්වභාවයක්.

පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි බාහිර ධාතුවල වෙනස්කම් කියලා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

බාහිර ධාතු නානත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M