සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.1.5. නෝ වේදනානානත්ත සුත්තං

2.1.5. විඳීම්වල වෙනස්කම් නොවේ කියා වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

ධාතුනානත්‌තං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං, ඵස්‌සනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති වේදනානානත්‌තං, නෝ වේදනානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං. නෝ ඵස්‌සනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ධාතුනානත්‌තං.

පින්වත් මහණෙනි, ධාතු වෙනස්කම් හේතු කොට ගෙනයි ස්පර්ශවල වෙනස්කම් ඇතිවෙන්නේ. ස්පර්ශවල වෙනස්කම් හේතු කොට ගෙන වේදනාවල වෙනස්කම් ඇතිවෙනවා. වේදනාවල වෙනස්කම් හේතු කොට ගෙන ස්පර්ශවල වෙනස්කම් නම් හටගන්නේ නෑ. ඒ වගේම ස්පර්ශවල වෙනස්කම් හේතු කොට ගෙන ධාතුවල වෙනස්කම් නම් හටගන්නේ නෑ.

කතමඤ්‌ච භික්ඛවේ ධාතුනානත්‌තං? චක්‌ඛුධාතු ….(පෙ)…. මනෝධාතු. ඉදං වුච්‌චති භික්ඛවේ ධාතුනානත්‌තං.

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් කියන්නේ මොකක්ද? ඇස ධාතු ස්වභාවයක්. ….(පෙ)…. මනස ධාතු ස්වභාවයක්. පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් කියන්නේ මේකටයි.

කථඤ්‌ච භික්ඛවේ ධාතුනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං. ඵස්‌සනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති වේදනානානත්‌තං. නෝ වේදනානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං. නෝ ඵස්‌සනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ධාතුනානත්‌තං? චක්‌ඛුධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති චක්‌ඛුසම්‌ඵස්සෝ. චක්‌ඛුසම්‌ඵස්‌සං පටිච්‌ච උප්‌පජ්‌ජති චක්‌ඛුසම්‌ඵස්‌සජා වේදනා. නෝ චක්‌ඛුසම්‌ඵස්‌සජං වේදනං පටිච්‌ච උප්‌පජ්‌ජති චක්‌ඛුසම්‌ඵස්සෝ. නෝ චක්‌ඛුසම්‌ඵස්‌සං පටිච්‌ච උප්‌පජ්‌ජති චක්‌ඛුධාතු ….(පෙ)…. මනෝධාතුං පටිච්‌ච උප්‌පජ්‌ජති මනෝසම්‌ඵස්සෝ. මනෝසම්‌ඵස්‌සං පටිච්‌ච උප්‌පජ්‌ජති මනෝසම්‌ඵස්‌සජා වේදනා. නෝ මනෝසම්‌ඵස්‌සජං වේදනං පටිච්‌ච උප්‌පජ්‌ජති මනෝසම්‌ඵස්සෝ. නෝ මනෝසම්‌ඵස්‌සං පටිච්‌ච උප්‌පජ්‌ජති මනෝධාතු.

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙන ස්පර්ශවල වෙනස්කම් ඇතිවන්නේත්, ස්පර්ශවල වෙනස්කම් හේතු කොට ගෙන වේදනාවල වෙනස්කම් ඇතිවන්නේත්, වේදනාවල වෙනස්කම් හේතු කොට ගෙන ස්පර්ශවල වෙනස්කම් ඇති නොවන්නේත් ස්පර්ශවල වෙනස්කම් හේතු කොටගෙන ධාතුවල වෙනස්කම් ඇති නොවන්නේත් කොහොමද?

පින්වත් මහණෙනි, ඇස නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන ඇසේ ස්පර්ශය හටගන්නවා. ඇසේ ස්පර්ශය හේතු කොට ගෙන ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් ඇතිවෙනවා. නමුත් ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම හේතු කොටගෙන ඇසේ ස්පර්ශය නම් හටගන්නේ නෑ. ඇසේ ස්පර්ශය හේතු කොට ගෙන ඇස නම් වූ ධාතු ස්වභාවය හටගන්නේ නෑ. ….(පෙ)…. මනස නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන මනසේ ස්පර්ශය හටගන්නවා. මනසේ ස්පර්ශය හේතු කොට ගෙන මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් ඇතිවෙනවා. නමුත් මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම හේතු කොටගෙන මනසේ ස්පර්ශය නම් හටගන්නේ නෑ. මනසේ ස්පර්ශය හේතු කොට ගෙන මනස නම් වූ ධාතු ස්වභාවය හටගන්නේ නෑ.

ඒවං ඛෝ භික්ඛවේ, ධාතුනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං. ඵස්‌සනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති වේදනානානත්‌තං. නෝ වේදනානානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං. නෝ ඵස්‌සනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ධාතුනානත්‌තන්‌ති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයට ධාතුවල වෙනස්කම් හේතු කොටගෙන ස්පර්ශවල වෙනස්කම් හටගන්නවා. ස්පර්ශවල වෙනස්කම් නිසා වේදනාවල වෙනස්කම් හටගන්නවා. නමුත් වේදනාවල වෙනස්කම් හේතු කොට ගෙන ස්පර්ශවල වෙනස්කම් හටගන්නෙත් නෑ. ඒ වගේම ස්පර්ශවල වෙනස්කම් හේතු කොට ගෙන ධාතුවල වෙනස්කම් හටගන්නෙත් නෑ.

සාදු! සාදු!! සාදු!!!

නෝ වේදනා නානත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M