සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.1.4. වේදනා නානත්ත සුත්තං

2.1.4. විඳීම්වල වෙනස්කම් ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී …………..

ධාතුනානත්‌තං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං. ඵස්‌සනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති වේදනානානත්‌තං.

කතමඤ්‌ච භික්ඛවේ ධාතුනානත්‌තං? චක්‌ඛුධාතු ….(පෙ)…. මනෝධාතු. ඉදං වුච්‌චති භික්ඛවේ ධාතුනානත්‌තං.

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොටගෙනයි ස්පර්ශවල නානත්වය ඇතිවෙන්නේ. ස්පර්ශවල වෙනස්කම් හේතු කොටගෙනයි වේදනාවල වෙනස්කම් ඇතිවන්නේ. පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් කියන්නේ මොකක්ද? ඇස ධාතු ස්වභාවයක්. ….(පෙ)…. මනස ධාතු ස්වභාවයක්. පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් කියන්නේ මේකටයි.

කථඤ්‌ච භික්ඛවේ ධාතුනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං, ඵස්‌සනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති වේදනානානත්‌තං? චක්‌ඛුධාතුං භික්ඛවේ, පටිච්‌ච උප්‌පජ්‌ජති චක්‌ඛුසම්‌ඵස්සෝ. චක්‌ඛුසම්‌ඵස්‌සං පටිච්‌ච උප්‌පජ්‌ජති චක්‌ඛුසම්‌ඵස්‌සජා වේදනා ….(පෙ)…. මනෝධාතුං පටිච්‌ච උප්‌පජ්‌ජති මනෝසම්‌ඵස්සෝ. මනෝසම්‌ඵස්‌සං පටිච්‌ච උප්‌පජ්‌ජති මනෝසම්‌ඵස්‌සජා වේදනා. ඒවං ඛෝ භික්ඛවේ ධාතුනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං. ඵස්‌සනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති වේදනානානත්‌තන්‌ති.

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොටගෙන ස්පර්ශවල වෙනස්කම් ඇතිවන්නේත්, ස්පර්ශවල වෙනස්කම් හේතු කොට ගෙන විඳීම්වල වෙනස්කම් ඇතිවන්නේත් කොහොමද?

පින්වත් මහණෙනි, ඇස නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන ඇසේ ස්පර්ශය හටගන්නවා. ඇසේ ස්පර්ශය හේතු කොට ගෙන ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් ඇතිවෙනවා. ….(පෙ)…. මනස නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන මනසේ ස්පර්ශය හටගන්නවා. මනසේ ස්පර්ශය හේතු කොට ගෙන මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම් ඇතිවෙනවා.

පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයටයි ධාතුවල වෙනස්කම් හේතු කොටගෙන ස්පර්ශවල වෙනස්කම් හටගන්නේ. ස්පර්ශවල වෙනස්කම් හේතු කොටගෙන විඳීම්වල වෙනස්කම් හටගන්නේ.

සාදු! සාදු!! සාදු!!!

වේදනා නානත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M